වර්ෂ 2014 නොවැම්බර් මස 23 වන දින අප විසින් ප්‍රවෘත්තියක් පළ කරමින් (එම ප්‍රවෘත්තිය බලන්න මෙතන ක්ලික් කරන්න)  ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකකම්වරයා ඉන් ඉවත් වී ආණ්ඩුවට එක් වීමට නියමිත බවය. ඉන් පසු අපට කුණුහරුප වර්ෂාවකින් බොහෝදෙනා සංග්‍රහ කළ අතර අපගේ ප්‍රවෘත්තියේ විශ්වසනීයත්වය ප්‍රශ්ණ කරන ලදි. දැන් සිදු වී ඇත්තේ කුමක් ද?

විපක්ෂයේ බිම් මට්ටමේ සිදුවන බොහෝ තොරතුරු අප බොහෝ දෙනාට කලින් දන්නෙමු. දැන් මාධ්‍ය මගින් විපක්ෂය ගැන පෙන්වන සංදර්ශණ සහ ඇත්ත තත්ත්වය අතර පරතරයක් පවතියි. බොහෝ දෙනා මේ වෙනස නරුමවාදීව මග හරියි. නියම සටනක් කළ යුතු නම් මෙම පරතරය ගැන විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් සංවේදී විය යුතුය.

මීට අමතරව පසුගිය දිනවල විපක්ෂය වෙනුවෙන් බෙර පැලූ  සිරස තම ගියරය මාරු කර ඇත. මේ රටේ මාධ්‍ය නිදහස හෝ මාධ්‍යෙව්දීන්ට ක්‍රියා කිරීමට ඇති නිදහස අඩුම නාළිකාව සිරසය. සිරස යනු මහරාජා විසින් සෘජුවම පාලනය කරන්නකි. ආණ්ඩුවේ නාළිකා වලටත් වඩා නරක අන්දමින් එය මහරාජා තමන්ගේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කරයි. එබැවින් පරිකල්පනය සහ යථාර්ථය අතර වෙනස වටහා ගත යුතුය. ඉදිරි කාලයේ තව බොහෝ දේවල් සිදු වීමට නියමිතය. මහ ලේකම්වරයෙකුට පක්ෂය සල්ලි දෙන්නේ නැතිනම් තමන්ට සල්ලි දෙන තැනකට මහ ලේකම් යා විය යුතු බව අප දන්නේ මීට වසර කිහිපයකට පෙරය. දේශපාලනය කළ යුත්තේ සල්ලි තියෙන වුන් පමණක් නම් අප කිසිවකුගෙන් පරමාදර්ශී හැසීරීමක් බලාපොරොත්තු විය නැත. තිස්ස ට බනින්නට පෙර ඔහුට පක්ෂය කළ කැත වැඩ ගැනද මේ මොහොතේ කතා කරන්න!

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මූ ගියාට අපිට පාන්ද? එතකොට නිර්මාල්ල සුමිත්ල ගියපු එකත් දීප්ති දකින්නෙ මේ විදිහටද? ඕන පකෙක් ගියපුදෙන්. පුළුවන් එවුන් වැඩ කරයි. නීච මහින්දයට සපෝට් වෙන ටෝක් දාන්නෙ නැතුව බෝතල්වල වතුර හැලුවට කමක් නෑ. සයිඩ් එකෙන්වත් වැඩේට එන්නෙ නැත්තං ග්‍රවුන්ඩ් එකෙන් අයින් වෙලා හිටියනං තමයි හොද. පුක දෙන්න එපා.

Comments are closed.