නාමල් රාජපක්ෂගේ විනෝදය උදෙසා මෙවර කාර් රේස් භ්‍රමණය වන්නේ දළදා මාළිගාව වටාය. බහුතරයක් දෙනා මතු කරන ගැටළුව වන්නේ කාර් රේස් තැබීමට වෙනත් තැනක් නැතිද යන්නය

පශ්චාත්-නූතන යුගයේ දී මිනිසාගේ අවිඥාණය යනු ඇදක් යට හෝ රෙද්දක් අස්සේ හෝ හෝටල් කාමරයක් ඇතුලත ඇති දර්ශණයක් නොවේ. මෙකළ අවිඥාණය යනු සමාජ-ආධිපත්‍යයයි. නමුත් එය තව විදාරණය කළ යුතුය. මේ යුගයේ අවිඥාණය යනු සමාජ-ආධිපත්‍ය බිද ඒ ඇතුලත ඇති විනෝදය පැහැර ගැනීමයි. ලංකාවේ කාටවත් දළදා මාලිගාව වටේ කාර් රේස් තැබිය නොහැක. එය අපට තහනම්ය. යමෙකුට එම තහනම් දෙය උල්ලංඝණය කළ හැකි නම් ඉන් අපරිමිත විනෝදයක් ලැබිය හැක. රාජපක්ෂලා මේ කාර් රේස් හරහා ලබන්නේ වෙනත් අය නොලබන ඒ අයට පමණක් හිමි විනෝදයයි. ඒ නිසා මේ ගැන සදාචාර විවේචන කර ඵලක් නැත. මල්වත්ත හෝ අස්ගිරිය වැනි පන්සල් වලින් මේ පිළිබදව විවරණයක් බලාපෝරොත්තු වීම මුල්ලා ඕමාර් ගෙන් පෝලියෝ එන්නත ගැන විග්‍රහයක් බලාපොරොත්තු වීමකි. අවධානය යෙමුකළ යුත්තේ කාර් රේස් වලට නොව රාජපක්ෂල විදින අප නොවිදින විනෝදය කෙරෙහිය. යථාර්ථයට වඩා ෆැන්ටසිය බලවත් දේශපාලන සාධකයකි.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. අප “අවධානය යෙමුකළ යුත්තේ කාර් රේස් වලට නොව රාජපක්ෂල විදින අප නොවිදින විනෝදය කෙරෙහිය”.
    ඒ අනුව අප කල යුත්තේ වඩ වඩාත් හැදෑරීමය. මීට කලකට පෙර ඔබ වෙබ් අඩවියේ සඳහන් කර තිබූ පරිදි සමන් පුෂ්ප කුමාර මහතා විදෙස් ගත කොට ඇත්තේ ඔබ පක්ෂය තව දුරටත් දැනුම් විහීන භාවයකින් පෙලෙන නිසා බැව් කියා තිබුණි. එහි සඳහන් කොට තිබුනේ මෙසේය.
    වැඩි දුර දැනුම් ගවේෂණය සඳහා අප පක්ෂයේ සමන් පුෂ්ප කුමාර සහෝදරයා විදෙස් අධ්‍යාපනය සඳහා යොමු කරන ලදී යනුවෙනි.

    ඔබගේ ලේඛන වල සැම විටම අවධාරණය කොට සිටිනුයේ, දේශපාලනය පිළිබඳව දැනුම පොත් පත් තුලින් තව තවත් ගවේෂණය කිරීම කල යුතු බවය. ඔබ පක්ෂය විසින් මෙම වෙබ් අඩවිය හරහා අපව යොමු කරන්නේද ඒ සඳහාය. මේ මහඟු කාර්ය වෙනුවෙන් අප ඔබට ස්තුති වන්ත විය යුතුය. මාගේද නිදි නැති රැයවල් ගෙවී යන්නේ පොත් කියවීමටය. දේශපාලනය කල යුත්තේ පොත් පත් කියවීමෙන් බව මම මේ වන විට වටහාගෙන ඇත.

  2. සමබිමට වගේ ම ඔබටත් බුද්ධාගම එහෙම මතක් වෙලා වගේ. මං දැනන් හිටියා ළගදිම ඔබටත් ඕක මතක් වෙයි කියලා… කියන්න තියෙන්නේ ඔතෙන්ට වැටෙන්න යන්න එපා කියලා විතරයි… දැන් බැලුවා ම රාජපක්ෂලා බටහිර පක්ෂ ධනවාදීන් වෙලා.. ඔබ………

Comments are closed.