කාලෝ බබා කියන විදියට ඔහු සමසමාජ කාරයෙකි. නමුත් මේ වනවිට සමසමාජ පක්ෂයේ ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රධනත්වයෙන් යුත් නොනිල කණ්ඩායම මෙන්ම මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් යුත් නිල කණ්ඩායමද 13 වන සංශෝධනයට ඔබ්බෙන් යන බලය බෙදාහැරීමක් වෙනුවෙන් පෙනී සිටී.

ආණ්ඩුව තුරුළේ සිටින කාලෝ බබාට දැන් බරපතළ ප්‍රශ්නයක් මතුව ඇත. ඒ සමසමාජ පක්ෂයේ සිටිමින්ම ජාතිවාදියෙකු වන්නේ කෙසේද කියාය. ඒ සඳහා ඔහු පාවිච්චි කරන වචනය ලිබරල් යන්නයි. ඔහුට අනුව සමසමාජ පක්ෂය ලිබරල් සම්ප්‍රදායක් සහිත පක්ෂයකි. ඒ අනුව ඔහුට ජාතිවාදියකු වන ගමන්ම සමසමාජකාරයෙකු වන්නටද පුළුවන. 13 වන සංශෝධනය අහෝසි කිරීම වෙනුවෙන් කොළඹදී පැවැති රැස්වීමක ප්‍රධාන කථිකයා වූයේ ජාතිවාදී නීතිඥයකු වන ගෝමින් දයාසිරි මහතාය. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් පැවැති එම රැස්වීමේ මූලාසන මණ්ඩලයේ වාඩිවී සිටි කාලෝ බබා දැන් කියන්නේ එය සිදුවූයේ අනපේක්ෂිතව බවයි.

කාලෝ බබාගේ අදහස් දැනගැනීමට පහත ලිපිය කියවන්න.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=83001

සමබිම වෙබි අඩවියේ පලවූ ලිපියකි

ඔබේ අදහස කියන්න...