සෙනෙවි සහෝදරයා යනු 1988/1989 යුගයේ පේරාදෙනියේ වෛද්‍ය පීඨ ශිෂ්‍යෙයකුව සිටිය අවදියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙහි සාමාජිකයෙකු ව සිට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෙනුර, කොල්ලුරේ, ත්‍රීමා ලා ආණ්ඩුවේ හමුදා විසින් ඝාතනය කරද්දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගාමිනී සිසිර කුමාරලා ආණ්ඩුවේ හමුදා විසින් ඝාතනය කරද්දී අනූනවයෙන් පණ බේරා ගත්තෙකි. ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ ඔහු එවකට ජවිපෙ විප්ලවීය දේශපාලනය සඳහා දැඩි කැපකීරීමක් සිදු කළ දක්ෂ සංවිධායකයෙකි. පසු කලෙක වෛද්‍ය පීඨයෙන් ඉවත්ව ඔහු ජවිපෙ දේශපාලනය සඳහා පූර්ණ කාලීනව කැප වූයේය.

සෙනෙවි සහෝදරයා 88/89 යුගයෙන් පසුව නැවතත් ඉස්මතු වූයේ තැන තැන විසිරී කැබලි වී තිබුණු ජවිපෙ අනූවේ දශකයේ මුල් භාගයේ දී නැවත් වතාවක් එක් මිටකට ගැනීමෙනි. එකි නෙකා විශ්වාස කිරීමට නොහැකී වීම නිසාවෙන් කිසිවෙකුටත් එකමුතු කීරිමට නොහැකි ලෙස තැන් තැන්ව එකතු වී තිබුණු කුඩා කණ්ඩායම් එකතු කර හේන් වල මූකලාන් වල සැඟව දිවි ගෙවූ  පක්ෂ කේඩරයන් එළියට රැගෙන අවුත් නැවත වතාවත් රහසිගතව පක්ෂ ගොඩනැඟීමේ ශක්තිය ඔහු වෙත තිබුණි. එවකට පක්ෂයේ නිල නොවන නායකයා සිටි සෙනෙවි සහෝදරයා ට කුමක් හෝ හේතුවකට සිය දේශපාලන දිවියේ වරද්දා ගත් තැන් කිහිපයක් ම තිබුණු අතර ඉන් එක් ප්‍රධානම වැරැද්දක් වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභාවෙන් දිවි ගලවා ගෙන එවකට ප්‍රංශයේ සිටි සිරි අයියා (සෝමවංශ අමරසිංහ) හා සම්බන්ධතා පවත්වා ඔහු වෙත තමන් වෙහෙසව ගොඩ නැංවූ පක්ෂය මල් වට්ටියක තබා පූජා කිරීමයි. සෙනෙවි සහෝදරයාගෙන් ඇති අභියෝගය වටහා ගත් සිරි අයියා මෙන්ම ඔහු වටේ සිටි ගුණ්ඩා (කුමාර් ගුණරත්නම්) වැන්නවුන් පක්ෂයේ ප්‍රධාන නිලතල සඳහා තමන්ගේ හිතවතුන් පත් කර සෙනෙවි සහෝදරයා සතු බලතල උවමනාවෙන්ම කප්පාදු කළ අතර අවසානයේ තවදුරටත් ජවිපෙ රැඳීමෙන් පලක් නොවන බව වටහා ගත් ඔහු සහ ඔහු වටා සිටි කණ්ඩායම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජවිපෙන් ඉවත් වූ බව ප්‍රකාශයට පත් කළේය. ඔවුන් සමඟ ඉවත් වීමට සිටි විමල් ජුදාස් වීරවංශ අන්තිම මොහොතේ පාවා දී සෝමවංශ සමඟම නතර වූ අතර සෙනෙවි සහෝදරයා ඇතුළු පිරිස දේශපාලන වශයෙන් ක්‍රමක් ක්‍රමයෙන් අක්‍රීය විය. ඒ වකවානුවේ සෝමවංශගේ මැර  කණ්ඩායම සෙනෙවි සහෝදරයාගේ මවගේ නිවසට ඇතුළු වී ඔහු සතුව තිබූ රහස් දේශපාලන ලියකියවිලි විශාල තොගයක් ද මහා දවාලේ කොල්ලකන ලදි.

සෙනෙවි සහෝදරයා නැවතත් කරළියට මතුවන්නේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ගොඩ නැඟිම සඳහා දායකත්වය සැපයීමෙනි. කිසිවෙකුටත් තේරුම් ගත නොහැකි වූ සෙනෙවි සහෝදරයාට වූ දෙවැනි වැරදීම එයයි. එහෙත් ටික කලෙකින්ම එයින් ඉවත් වී නැවත වතාවත් සිය බිරිඳ විසින් පවත්වාගෙන ගිය මොන්ටිසොරිය සඳහා සුපුරුදු උදව් සපයමින් කාලය කා දමන්නට විය. ඉහතින් සඳහන් කළ වැරදීම් දෙකම සඳහා පසුකාලීනව සිත් තැවුලෙන් සිටින බැව් ඔහු විසින් ප්‍රකාශ කර තිබුණි. මීට වසර කීපයකට පෙර අවාසනාවන්ත ලෙස පිළීකාවට ගොදුරු වූයේ ඒ අතරතුරේදීය.

ඉහතින් සඳහන් කළ ලෙසම සෙනෙවි සහෝදරයා ඉතා දක්ෂ සංවිධායකයෙකි. රැඩිකල් ව්‍යාපාරයක නායකත්වය සතු ගුණාංග විශාල සංඛ්‍යාවක් ඔහු සතු විය. ඉතා ප්‍රසන්න පුද්ගලයෙකු වූ ඔහු ඉක්මනින්ම අනෙකාගේ ආකර්ෂණයට ලක් වන්නේය. එබැවින්ම ඔහු කොකු ගැසීමේ ජගතෙකි. අනුගේ දුක දැනෙන ඒ දුකට පිහිට වෙන පීඩිත පංතිය වෙත හැමදාමත් ආදරය කරමින් සිය අධ්‍යාපනය මෙන්ම යෞවන කාලය ද ජවිපෙ ‘විප්ලවීය‘ දේශපාලනය වෙනුවෙන් කැප කළ ඔහු බොහේ අය අකුරු කළ ජවිපෙ දේශපාලනයේ එක් යුගයකි. අමතක කළ නොහැකි එක් පුරුකකි. එහෙත් අවාසනාවකට ඔහුගේ දේශපාලන පරිනත භාවයට ජවිපෙ පටු දේශපාලනයෙන් ඔබ්බට යන්නට ඉවිපෙන් ඉවත් වූ පසුවත් නොහැකි විය. විශේෂයෙන්ම දෙමළ ජාතික අරගලය සමිබන්ධව තිබුණු ඔහුගේ මතය රෝහණ විජේවීරගේ ‘ජාතික ගැටළුව‘ කටු පොතින් එහාට ගෙන යන්නට අසමත් විය. අයෙක් දේශපාලනමය වශයෙන් මතවාදීව වර්ධනය වෙද්දී ඔහු ජවිපෙට කවදාවත්ම ගොඩ එන්නට නොහැකි ලෙසින් සිර වී සිටින පටු ජාතිවාදී සිංහල ජාතිකවාදී අවබෝධයේම සිර වී සිටි අතර ඉන් ගැලවෙන්නට මැලි විය.

පිළිකාවට ගොදුරු වී වසර කීපයක් ගතවුවත් සහජව ඔහු කෙරෙහි වූ ජීවිතය දෙස සුබවාදීව බැලීමේ හැකියාවම ඔහු ව වැඩි පුර කාලයක් ජීවත් කරවීමට උපකාරී වන්නට ඇත. වෛද්‍ය ශිෂ්‍යයෙක්ව සිටීම නිසාවෙන්ම තමන් ගොදුරු වී ඇති පිළිකාවේ සියළුම අහු මුළු ප්‍රතිකර්ම මෙන්ම ප්‍රතිළුල ද ඔහු මැනවින් දැන සිටියේය. මැනවින් ඔහුව මුණගැසීමට එන අයට තේරුම් කර දුන්නේය. එහෙත් කිසි විටෙකත් ජීවිතයෙන් පරාජය වූ බවක් ඔහුගෙන් දිස් නොවුණි.  එහෙත් අවසානයේ ඔහුටත් නොදන්වා මරණය ඔහු වෙත ඊයේ(24) උදෑසන පැමිණ තිබුණේය. 

අප අතර දේශපාලන වෙනස් කම් බොහෝ ඇතත් ඔහුගේ මරණයේ දී මේ සටහන තබන්නට සිත් වූයේ ජවිපෙ දේශපාලන ඉතිහාසයෙන් ඔහුව ගලවා ඉවත් කිරීමට නොහැකි බැවිණි. එහෙත් සෙනෙවි සහෝදරයා ගැන හොඳින්ම දන්නා ජවිපෙ ඉහළ පෙළ ද කුමාර් ලාගේ පෙරටුගාමීන්ද ඔවුන්ගේ අන්තරේ කෑල්ල ද විමල් වීරවංශලාගේ ජනිපෙද තනි සෝමවංශ ද නගරාධිපති නන්දන ද  මේ වෙලාවේ සිටින්නේ ඔවුන් කිසිදා සෙනෙවි සහෝදරයා කියා කෙනෙක් ගැන අසාවත් නැති පරිද්දෙනි (ඉහතින් නම් සඳහන් කළ සියල්ලම පාහේ දැන් ජවිපෙ නැත). අන්තර්ජාලය පුරා ඕනැම වර්ගයේ මළගෙයක් වාර්තා කරන ඔවුන්ගේ වෙබ් අඩවි කිසිවක් ඔහුගේ මරණය ගැන සටහනක් තබා නැත. ජවිපෙට මෙන්ම ජවිපෙන් කැඩී වෙන්ව ජනප්‍රිය දේශපාලනය කරන සියළුම දේශපාලන කැරලිකරුවන් ට උරුම පොදු කුහකමේ ලක්ෂන ය එයයි.

රතු ජවිපෙ සිටි නිසා සෙනෙවි සහෝදරයාට විප්ලවීය ආචාරය යැයි කියන්න ද බොදු-සිංහල ජානිපෙට එක් වුණු නිසා උපතින් බොදුනුවෙකු වූ ඔහුට නිවන් සුව අත් වේවා යැයි කියන්නදැයි අප නොදනිමු. එහෙත් දේශපාලන මතවාද පසෙක තැබූ විට අප වෙතින් නික්ම යන “ඔබට සුබ ගමන්“ යැයි කියන්නට තරම් ඔහු හිත හොඳ මිනිසෙකි. හොඳ මිත්‍රයෙකි.

ඔබට සුබ ගමන්!

-ලූප්හෝල් විසිනි-

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මේ කැරිය මොන පකට හුකන්නෙක්ද? මූ තමයි අපිට සිංහල දෙමළ සංස්කෘතික වැඩේ කරද්දි හෙළ උරුමෙ උන් එක්ක සෙට්වෙලා වෑන් එහෙකින් පිහි අරගෙන කපන්ඩ ආවේ. ඔය කැරියට අපි එ් වලාවෙ මූණ කට සම්බෝල වෙන්ඩ නෙළුවා. කොහෙද යන ජාතිවාදී පකෙක්. මම දැක්ක එක එක පක්කුන්ට මූව ලොකු වෙලා තියෙන හැටි. තොපි මේක දැම්මෙ කුමාර් ගුණරත්නම් එක්ක තියෙන අවුළටනෙ.පකේ දේශපාලනය කරන්ඩ එපා. සමහරු ජෙප්පන්ට මූව දාල අඹරනව. තොපි අරුන්ට අඹරනවා. පිස්සු හුකන්නල මළ කුණු විකුණන බල්ලො තොපි. කාපියව් මිනී මස්.

Comments are closed.