රොබට් සෙමාකිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද Forrest Gump චිත්‍රපටය හෝ ධම්ම ජාගොඩ විසින් 80 දශකය මුලදී නිර්මාණය කරන ලද “පළිඟු මැණිකේ”ටෙලිනාට්‍ය හෝ නරඹා ඇති පුද්ගලයෙකුට ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කරන කළ ‘කූඹියෝ’ මාලා නාටකය අපූර්ව නැත. Forrest Gump නොහොත් “කැලෑගම්” හෝ ‘පළිඟු මැණිකේ’  නාට්‍යයේ  ‘සූරසේන’ හෝ අතර ඇති සාම්‍යය කුමක්ද? මෙම නිර්මාණ අතර කලානූරූපය දශක හතරක් වැනි පරතරයකි. මෙම කලා නිර්මාණ වල ප්‍රධාන භූමිකාවන් නිශ්චිත ලෙසම දෘෂ්ටිවාදයේ පරමාදර්ශයන්ය. එහි අදහස කුමක්ද?

                                                    “කූඹියෝ” ටෙලිනාට්‍යෙය් ප්‍රධාන චරිතය රඟ දක්වන ජෙහාන් ප්‍රනාන්දු (මෙය රඟ දක්වන්නේ තුමිඳු දොඩම්තැන්ය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යය වරයෙකි) යනු දෘෂ්ටිවාදය විසින් අමතන ඕනෑම අන්තර් ගතයක සාර්ථක අනන්‍යකාරණයකි. පවතින දෘෂ්ටිවාදය හොදින්ම ක්‍රියාත්මක වන්නේ ජෙහාන් වැනි චරිත හරහාය. මෙම චරිතයේ මුඛ්‍ය ලක්ෂණය ලෙස බොහීමියානුවෙක් (මධ්‍යම පංතික ජීවිතයේ හර පද්ධතිය සහ එහි සාටෝපය හාස්‍යට ලක්කර ජීවිතය කලාකෘතියක් ලෙස සලකන්නා) ලෙස ගැනීම න්‍යායිකව සපුරා ගැටළු සහගතය. අජිත් පැරකුම් විසින් (ඔහු රැඩිකල් වාමාංශයේ එක තැන පල්වීම නිසා සාංකාවට පත්වූවෙකි) තම කූඹියෝ පිළිබඳ විචාරයේදී  ජෙහාන් නම් චරිතය වටහා ගැනීමට උත්සහ කරන්නේ දේශපාලන සහ සමාජ මට්ටමේදි විරෝධාකල්පියෙක් ලෙසය. මේ ඔහු මෙවැනි චරිත විදාරණය කරන ආකාරයයි.

            “නිදසුනක් ලෙස ඔවුන් වනාහි යාළුවන් වෙත පණ පුදා එකට වැටී සිටින, සැබෑ මිනිසුන් හමුවූ බව කියන, බාර් වල සෙට්වෙන, ගංජා උරණ, කලා කරුවන්ගේ යාළුවන් වූද, බුද්ධිමතුන්ගේ අනුගාමිකයන් වූද, වාමාංශිකයක් සමඟ අවුලක් නැත්තාවූද, සයිටම් විරෝධී සටනට නැඟලා යන විට සහයෝගය දෙන්නාවූද, ජීවිතයේ ඉතිරි කටයුතු වලදී ලිබරල් වූද, බෙල්ල ගහලා යන වැඩක් කර මිය ගිය (නිප්මි හෝ රංජිතම්) වුන් වෙනුවෙන් කවි ලියන්නා වූද පිරිසකි” (මෙහිදී පැරකුම්ට අමතක වී ඇත්තේ තරහා වූ විට මේ අය මුළු සංසාරයම පාවා දෙන බවයි).

            මේ මොහොතේ අප ජීවත් වන සමාජයේ දෘෂ්ටිවාදය කාර්යක්ෂමව ක්‍රියායාත්මක වන්නේ ජෙහාන් වැනි චරිත හරහාය. එසේ වන්නේ ධනේෂ්වර දෘෂ්ටිවාදය සමඟ අන් අය යම් පරතරයක් තබාගෙන ක්‍රියාත්මක වන විට කූඹීයෝ ටෙලිනාටකයේ ප්‍රධාන භූමිකාව  දෘෂ්ටිවාදයේ අණ එලෙසින්ම ක්‍රියාත්මක කිරීමයි.  මේ හේතුව නිසා ජෙහාන් යනු නරුමයෙක් නොවේ (cynic). තවත් සරලව ප්‍රකාශ කළහොත් ජෙහාන් යනු ප්‍රබුද්ධ පුද්ගලයෙක් නොවේ. පවතින ක්‍රමය සමඟ යම් පරතරයක් තබාගෙන ජීවත් වීම මේ යුගයේ කලාවයි. නමුත් ජෙහාන් යනු කවුද? බොහෝ දෙනා මෙතනදී මනෝ විද්‍යාත්මක යතාර්ථවාදයක හිරවෙයි. අද අප මේ ජීවත්වන ධනවාදී පරිභෝජන වාස්තවිකත්වය සපුරා ගැනීමට අවශ්‍ය කෙනෙකු පළමුවෙන් කළ යුත්තේ තමන් සතුව ඇතැයි තමන් විශ්වාස කරන අහිංසකත්වය අහිමි කරගැනීමයි. අද දවසේ කෙනෙකුට සත්‍ය කීමට අවශ්‍ය නම් ඒ තැනැත්තා වෙස් මුහුණක් පැළඳිය යුතුය. මන්ද යත් සත්‍යට ඇත්තේ ප්‍රබන්ධමානයක් නිසාය. කූඹියෝ නරඹන බහුතර ප්‍රේක්ෂිකාවන් අනන්‍යවන වින්දන සූත්‍රය මෙසේය. මේ පවතින ජරාජීර්ණ ක්‍රමයට එරෙහිව යම් පුද්ගලයෙකු සටන් කරනු ඇත. එවැන්නෙකුට  අවසන් වශයෙන් අභිමානයක් හිමිවනු ඇත. මින් අදහස් වන්නේ පරිසමාප්ත පුද්ගලයෙකුට මේ සමාජයට අභියෝග කළ හැකි බවයි. නමුත් අප සැබවින්ම අමතක කරන්නේ කුමක්ද? ජෙහාන්ගේ චරිතය අප මේ ජීවත් වන අසාර සමාජ ක්‍රමයට විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් පහර දෙයි. ඒවා දෙස ප්‍රේක්ෂක  අප තදාත්මික ලෙස බලා සිටින්නෙමු. නමුත් නරඹන අප නිදාගෙන සිටින බවක් පසක් වන්නේ නැත. අපට නින්ද යන්නේ කොතනද?සමාජ ක්‍රමයට විශාල ගල් පොයියකින් ජෙහාන් පහර දෙන විට අප ඔහුට ප්‍රක්ෂේපිත කරන අහිංසක භාවයට කුමක් සිදුවන්නේද? එතැනදී අප ඔහුට එන්නත් කරන මනෝ විද්‍යාත්මක අන්තර්ගතයෙන් පලා නොයන්නේද? අජිත් පැරකුම් වරදවා තේරුම් ගන්නේ කුමක්ද? ජෙහාන්ගේ චින්තනයේ අන්තර්ගතයන් යනු අප විසින් ඔහු වෙනුවෙන් පුවරවන ප්‍රබන්ධයන්ය. ජෙහාන් යනු හිස් භාජනයකි. ඔබ හිච්කොක්ගේ “සියිකෝ”චිත්‍රපටය නරඹා ඇත්නම් මෙම සත්‍යය අවබෝධ කර ගත හැකිය. නෝමන් බේට්ස් යනුවෙන් චරිතයක් ප්‍රේක්ෂකයින් නොමැති තැන නැත. ප්‍රේක්ෂකයින් නැති තැන ජෙහාන් යනුවෙන් කෙනෙක්ද නොමැත. මන්ද ජෙහාන් වැනි චරිත සතුව මනෝ විද්‍යාවක් නැති නිසාය. අප තුළ ඇති අශ්ලීල සහ ව්‍යාධිවේදීමය (සම්මත නීතිය උල්ලංඝණය කරන) ෆැන්ටසීන් අපට ජෙහාන් වැනි චරිත වෙතට තල්ලු කළ හැක. අපගේ ෆැන්ටසියෙන් උරාගන්නා ශක්තියෙන් ජෙහාන් වැනි චරිත ඕපපාතිකව බිහිවෙයි. අප තුළ පැවැති “අන්තර්ගතයන්” ඉන් බහිෂ්කරණය වී බාහිර හිස් භාජනයකට පිරුණු විට එම භාජන ස්වයංක්‍රීයව නර්තනයේ යෙදෙයි. දැන් අපටමත් පුදුමය. අපටම අභ්‍යන්තරික අවිඥාන අශාවන් යම් මොහොතකට පසු ක්‍රියාකාරී බාහිර අනෙකෙක් බවට පරිවර්තනය වෙයි. අප කෙතරම් තදින් නිදාගෙන සිටින්නේද යත් ජෙහාන් යනු අපට බාහිරින් සිටින වෙනත් පුද්ගලයෙකු ලෙස අපටම දිස් වෙයි .මේ බාහිර අනෙකා අප තුළ ඇති අභයන්තරය සන්සුන් කරවයි.

 

                                        අපගේම සිතුවිල් මත පරායත්ත වී, අපට බාහිරින් ක්‍රියාකාරී වන චරිතයක් සමග බාහිර කෙනෙකු අනන්‍ය වූ විට අපට අමතක වන්නේ කුමක්ද? ජෙහාන් පට්ට ගේම්කාරයෙකු ලෙසින් බාහිරින් අප හඳුනා ගන්නා විට අභ්‍යන්තරිකව ඒ අපම නොවේද?

                                පුද්ගලයෙක් තමාටම තමා දක්ෂ යැයි පවසා ගන්නේ නම් ඒ පුද්ගලයා එක අතකින් උමතුය.[mad] අනෙක් පැත්තෙන් මෝඩයෙකි (idiot). ගැටළුව වන්නේ පහළ මධ්‍යම පන්තියේ විශාල තට්ටුවක් මෙවැනි මෝඩයන්ට තදාත්මික වීමයි. එහි දේශපාලනික මූලය කුමක්ද? (ස්ටාලින්වාදයේ අනෙක් පැත්ත රෝගී අස්මීමානයයි.)

අපි නැවතත් අජිත් පැරකුම් උපුටා දක්වමු.

“  ලංකාවේ ධනවාදය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ලංකාවේ ධනේශ්වර ක්‍රමය උර දරාගෙන බන මධ්‍යම පන්තියට සිය අපේක්ෂාවන්  ඉටුකර දීමට ධනවාදය අසමත් වීමයි”

                                               අජිත් පැරකුම්ගේ විශ්වාසය සතු අධික වාස්තවික බර අප ආත්මීයත්වය තුළට ගොනු කරමු. පැරකුම්ට අනුව මිනිසා සහ ධනවාදය ඇත්තේ තැන් දෙකකය. මිනිසා අභ්‍යන්තරික වන අතර ධනවාදය බාහිරින් පවතින්නකි. ජෙහාන් යනු ද මේ විශ්වාසය පිළිගත් කෙනෙක් ය.  මේ හේතුව නිසා බාරහිරින් පවතින් අසම්පූර්ණ ධනවාදය පරිසමාප්ත එකක් කිරීමට (රනිල් සිට ධම්මික පෙරේරා දක්වා) ජෙහාන් වැනි ඉංජිනේරුවන් ඊට ඇතුළු වෙති.  ප්‍රතිඵලය වන්නේ ද ධනවාදී ක්‍රමය වඩා යහපත් එකක් වීම පසෙකට ගොස් ඒ දෙය කරන්නට යන අය අන්ත දූෂිතයන්, අපරාධකාරයන්, බවට පත්වීමයි. මෙය ධනවාදය ප්‍රතිසංස්කරණය කරන්නට යන අයට පමණක් නොව විප්ලවවාදී ලෙස එය පෙරළන්නට අයටද අදාළය. මේ බොහෝ අය තම ව්‍යාපෘති අවසන් කරන්නේ තම දෙඅත් වල සල්ලිමළු වලින් පුරවාගෙනය.  අජිත් පැරකුම් ගේ අවිඥානක විශ්වාසය අප මෙලෙස නිවැරදි කළ යුතුය. ධනවාදය ඇත්තේ අපට බාහිරින් නොවේ. එය අදහසක් ලෙස අප තුළම නිදන්ගතව ඇත. වෙනස් විය යුත්තේ මෙම අදහසයි. එවිට ධනවාදයට අප විසින් ලබා දෙන අවිඥාණක සහය අහිමිවනු ඇත. එවිට මිනිස් ශරීරයට වැහී ඇති ජෙහාන් නම් ආත්මය මිනිස් ලෝකයෙන් ඉවත්ව යනු ඇත.

Deepthi

ඔබේ අදහස කියන්න...

11 COMMENTS

  1. මෙතැන දැන් අපි හුඟ දෙනෙක් කුඹියෝ බලන්නේ එහෙම දේවල් ඔබලන නිසා නොවේ. forest gump මම නම හතර පස් වතාවක් බල තිබෙනවා. බටහිර සිනමාවේ හා රුපවාහිනියේ මෙවැනි චරිත සුලබයි. ජැක් බවර් 24, රේ ඩොනවන් , බ්ලැක් ලිස්ට් මේ දවස් වල බිබිසි එකේ යන මැක් මාෆියා උදාහරණ. ඒවා හොඳ නිර්මාණ. ලංකාවේ බලන්න තරම ටෙලි නාට්‍ය නැති සමයක , අර බන්දුල පදමකුමාර ඒ කලේ කුමාරි පත්තරේ කලා වගේ නිකන් ඔහේ සොමියට විතරක් බලන්න පුළුවන් ටෙලි නාට්‍ය පුරවල තියෙන වෙලාවක කුඹියෝ සහ සහෝදරයා යන දෙක. අර “පැරිසියට යන පාර ” වුනත් හොඳයි. ඉතින් ලෝකේ වටේ රුපවාහිනී කෙනෙකුට වුනත් මේක අලුත් සිංහල ටෙලිනාට්‍ය කලාව සම්බන්ධයෙන්.
    අනික ජෙහාන් ගේ චරිතය හැමෝම දැනගෙන හිටියත්, ක්‍රියාත්මක කළත් පිලි ගන්නේ නැතිව දැක්කේ නැතිව වගේනේ ඉන්නේ. දැන් ඒක එළිපිටම කියනවා. එතන තමයි පෙරළිය . පිලි ගනිල්ලා ඇත්ත . කොපමණ දුෂ්කර වුනත් පිලි ගන්න

  2. gamaya and indika other than all are silly when he deepthi says bullshit they accept anything. they are poor people in reality they are substations, their thought depends on a hinterland of deepthi in reality. are you sure that deepthi is shooting the truth of reality who guarantees his knowledge at gneoselogical level, I repeat who is the guarantor all that firing, that is there the GOD like a Cartesian god

  3. පුද්ගලයෙක් තමාටම තමා දක්ෂ යැයි පවසා ගන්නේ නම් ඒ පුද්ගලයා එක අතකින් උමතුය.[mad] අනෙක් පැත්තෙන් මෝඩයෙකි (idiot). ගැටළුව වන්නේ පහළ මධ්‍යම පන්තියේ විශාල තට්ටුවක් මෙවැනි මෝඩයන්ට තදාත්මික වීමයි. එහි දේශපාලනික මූලය කුමක්ද? (ස්ටාලින්වාදයේ අනෙක් පැත්ත රෝගී අස්මීමානයයි.)
    this sentence is also perfectly fitting to deepthi, as he also demostrated in practice this gesture, for example he said that he is the only one person in Sri Lanka in the context of criticism at the level of political ,art and philosophy. now you can afford me to ask the same question from deepthi, are you idiot or crazy if I’m not mistaken.

  4. apparently, his philosophical conception at the gneoseological level, which he, himself guarantees, is nothing but like the Spinozzian god, if need ,more controversy is available.

  5. gamaya and indika other than all are silly when he deepthi says bullshit they accept anything. they are poor people in reality they are substations, their thought depends on a hinterland of deepthi in reality. are you sure that deepthi is shooting the truth of reality who guarantees his knowledge at gneoselogical level, I repeat who is the guarantor all that firing, that is there the GOD like a Cartesian god

    Reply
    sajith dammika de silva nanayakakra January 24, 2018 at 7:22 pm
    Your comment is awaiting moderation
    පුද්ගලයෙක් තමාටම තමා දක්ෂ යැයි පවසා ගන්නේ නම් ඒ පුද්ගලයා එක අතකින් උමතුය.[mad] අනෙක් පැත්තෙන් මෝඩයෙකි (idiot). ගැටළුව වන්නේ පහළ මධ්‍යම පන්තියේ විශාල තට්ටුවක් මෙවැනි මෝඩයන්ට තදාත්මික වීමයි. එහි දේශපාලනික මූලය කුමක්ද? (ස්ටාලින්වාදයේ අනෙක් පැත්ත රෝගී අස්මීමානයයි.)
    this sentence is also perfectly fitting to deepthi, as he also demostrated in practice this gesture, for example he said that he is the only one person in Sri Lanka in the context of criticism at the level of political ,art and philosophy. now you can afford me to ask the same question from deepthi, are you idiot or crazy if I’m not mistaken.

  6. මම කුබියෝ ටෙලි නාට්‍ය ජනප්‍රිය වේගෙන එනකොට බලන් හිටියේ දීප්තිගෙන් මේ ගැන විචාරයෙක් කවද ඒවිද කියලා. ඒ වුනත් මේ විචාරයේ දීප්ති කියන දේ මට එතරම් පහැදිලි නැහැ. මම හිතුවේ කුබියෝ කියන්නේ “The Fight Club (1999)” නැත්නම් “Mulholland Drive (2001)” චිත්‍රපටි කියවනවා වගේ කියවන්න ඕනේ නිර්මාණයක් කියලා. එනම් “කුබියෝ” කියන්නේ ග්‍රාමීය පහල මධ්‍යම පාන්තික පවුලකින් නගරයට සංක්‍රමණය වී තම ග්‍රාමීය නම අත්හැර ‘ජෙහාන් පෙරේරා’ කියන [මධ්‍යම පාන්තික] නමින් තමන් හඳුන්ගවා ගනිමින් නගරයේ ජීවිතය ගැටගහගන්න වෙරදරන, තමන්ගේ පවුල් පසුබිමත් අසාර්තකත්වයත් නිසා නාගරික මධ්‍යම පාන්තිකයන්ට ඉර්ශියා කරන හෝ වෛර කරන පුද්ගලයෙකු තමන්ගේ හීනමානයෙන් ගොඩ එන්නට ගොඩනගන ෆැන්ටසියක් විදිහට කියවන එක. එතකොට අපි මේ ෆැන්ටසි ආකෘතිය ඇතුලේ තියන අන්තර්ගතය විචාරය කරන්න පුළුවන්. මේක ෆැන්ටසියක් කියන්න නිර්මාණ කරුවා යම් ඉඟි නිර්මාණය ඇතුලේ දීල තියනවා කියලා මට හිතෙන්නේ (උදා: ජෙහාන්ට ප්‍රියන්ත සහ හිරුනි එකම දවසේ එකම තැන හමුවීම, හිරුනි බොහෝවිට එකම ඇඳුම ඇඳගෙන ඉන්න එක, ජෙහාන්ගේ මුහුණේ දකුනු පැත්තේ සහ ප්‍රියන්තගේ මුහුණේ දකුණු පැත්තේ එකම තැන යම් කිසි සියුම් කැළලක් වැනි දෙයක් තිබීම – එනම් ප්‍රියන්ත කියන්නේ ජෙහාන්ගේ “subconscious” එකද?, ජෙහාන් ඉන්න තැන සහ එතනට පොලිසියේ අපරාධ අංශයේ ඉතා උසස් නිලධාරියෙක් ඇවිත් ජෙහාන් එක්ක ඉතා සුහදශීලි “ප්‍රශ්නකිරීමක්” කරන එක වගේ දේවල් ) එහෙම නැත්නම් මම හිහන්නේ මේ නිර්මාණය දකින්න ඕනේ “මේ ධනේශ්වර ක්‍රමයට එරෙහිව මොන ගේම් ගැහැව්වත් ඒ ගේම් ගහන එවුන්ට මොන දක්ෂතා තිබුනත් අන්තිමේදී අවංක එවුන් ක්‍රමයේ ඉත්තන් බවට පත්වන අතර , ඉත්තන් බවට පත් කරගන්න බැරි එවුන් (ජෙහාන්ක්‍, ඔස්ටින්, ටිරාන්) ක්‍රමය විසින් විනාශ කර දමන බවටත් මේ දෙගොල්ලන්ම් ක්‍රමය ඉදිරියේ ‘කුබියෝ’ ” බවත් යන ‘මෙලන්කොලික’ පණිවිඩය අන්තර්ගත ටෙලිනට්‍යක් විදිහට.

  7. first of all thanks for publishing my comment above ….I’d like to give an opinion on the idea of ​​wasantha. mulholland is directed by david lynch. but koombiyo was directed by a young Sri Lankan boy called lakmal darmarathna so it is not a masterpiece but when it does any bullshit from a European author it becomes a masterpiece. why so this phenomenon. it’s normal according to you. I do not think so. we try to analyze the central problem in this phenomenon using a philosophical perspective. so who comes to the rescue I think that philosopher of the dualism of reality that immanuel kant. according to his doctrine that is, the reality is built in two parts, one part is called the phenomenon, the other is the noumenon. in the case of david lynch, our knowledge works in a Kantian way, it means on david lynch that something is not known as a Kantian noumen. but in the moment in here when doing a thing from lakmal darmarathna, it does not work as a kantian way, but in a Hegelian knowledge what we say we know everything about lakmal darmarathna even outside its artistic life. therefore koombiyo does not make us great appreciation there is nothing hidden as a Kantian noumenal, we know ourselves in other terms in itself

    • Great Beginning.what about cut between appearance and essence. Koobiyo director does not aware of the real side of reality.But Lynch does it.That is
      why he was a great director.

    • First of all I WAS NOT COMPARING the Kumbiyo script writer/director with Lynch. I do not know wehere the hell you got the idea that I think Kumbiyo is “bullshit”. Second of all just because you throw in a lot of ‘philosophy’ -obviously copied from books in chunks – does not make what you write in anyway meaningful. In fact what you have written is nothing but a heap of Bullshit.

  8. I agree with plato (hegalian plato) in this case, but I wanted to underline another thing
      but let us not forget that lakmal darmarathna is a director, if he had been aware of philosophy as david lynch he would have been a coherent philosopher.
    now I’m not in the mood to make an argument on the science of logic before I have to follow up. rather I did not feel to criticize the absurd way more to you now my problem has been overcome, they have been manifested a generous gesture, i mean 3mana team.

Comments are closed.