ජෙහාන්: සර් එන්න කීවේ

සර්: බලනවකො අයිසේ නාකි උන්දෑ ආයේ එන්න හදනවනේ, නැගිට ගන්නත් පණ නැහැ. අනික එයාලු මට මේවා ඔක්කොම දුන්නේ. එයා දුන්න මගුලක් නැහැ . මේවා ඔක්කොම අපි අරගලේ කරලා හම්බ වෙච්ච දේ නේ.

ජෙහාන්: ඒකනේ සර් මම නොදන්නවය. දැන් අපේ වෘත්තීය සමිති අන්කල් ටත් හොඳ පෝස්ට් එකක් ලැබුන. මාධ්‍ය මල්ලිටත් හොඳ පෝස්ට් එකක් ලැබුන. ඔක්කොම ගොඩනේ සර්.

සර්: ඒ උනාට නාකි උන්දැ මොකක් හරි ට්‍රයි කරනවා. මිනිහත් මම වගේම නේ. අත අරින්නෙම නැහැනේ අයිසේ .

ජෙහාන්: ඒකනම් ඇත්ත සර්. සර් බය වෙන්න එපා. මගේ ක්‍රමේට වැඩේ ගෙනියන්න. අර සති දෙක තුනකට කලින් එවපු සෙට් එකට පොලිස් කුඹියෝ ලව්වා හොඳට සබ්බුව දුන්න නේ සර්. මාධ්‍ය වලට හොඳ වොයිස් කට් ටිකකුත් වැටුන. සර් ඒ වැඩේ හොඳට ගෙනියන්න.ලොකු පොලිස් කුඹියට කියන්න නිත්‍යානුකුලව ඇදගෙන යන්න කියල. නීතියට අනුව තමා ඕනේ ඔක්කොම.ගහන්න ඕනෙත් දැනුම් දීල හරිද?

සර්: හරි හරි අයිසේ ඒ අය වැඩේ කලානේ . ඒත් නාකියා හිතන්නේ මම ඒ පැත්තේ කියලනේ. පොර ට ආයේ මම මේක දෙයි කියල හිතන් ඉන්නේ. මලය නම් මුලදීම තේරුම් ගත්ත. මේ උන්දැ අහන්නෙම නැහැනේ. ඌටම හරියන ගොබ්බ සෙට් එකකුත් ඉන්නවනේ.

ජෙහාන්: සර් මම තව කට්ටියකුත් එවනවා ඉස්සරහට. මේක තව ටිකක් වැඩි කරමු, අපි ඉස්සර වගේම අරගලේට තව කට්ටියක් රිංගවමු . ඒ අය වැඩේ කරයි. සර් පොලිසියෙන් හොඳට නෙලන්න. කහ සිවුරු, ළමයි, ෆාදර් ල කියල බලන්න එපා. නීතිඥයෝ නම් ටිකක් ඉවසන්න කියන්න සර්. ඒ අය අවුස්සා ගන්න එපා. අපට පාඩුයි.

සර්: හරි අයිසේ, ඒත් මට අල්ලන්නේ නැහැ යන විධිහ. මුන් දැන් ව්‍යවස්ථා සංශෝධනේ ටත් බැහැයි කියන්න යන්නේ.

ජෙහාන්: සර් තව වැඩ තියනවා. මම අර සල්ලි දාන කෑල්ල ත් සෙට් කරලා හදාගෙන ආවනේ. එයා ගානට හැමෝම එක්ක ෆොටෝ හෙම ගහගෙන තියෙන්නේ. පොලිසියෙන් අල්ලපු ගමන් මම නම් ලිස්ට් එකකුත් එලියට දාන්නම් සර්. එතනත් බුකියට, පත්තර වලට වෙන කතා කරන්න දෙයක් නැතිව යනවා. තව ඒ වගේ දෙතුන් දෙනෙක් එලියට දාන්නම් සර් ඉස්සරහට. අරගලේට අපේ කට්ටිය දාල තව අංශක දෙක තුනකින් ඌෂ්නේ වැඩි කරන්නම් සර්. නැතිව බෑ . නාකි උන්දැ හොඳටම බය වෙයි. සර් අර පැත්තට සලකන්න හරිද? ඒ ගොල්ලෝ හොඳින් තියා ගන්න සර්.

සර්: මොකද අයිසේ සලකන්නේ නැත්තේ., ඒ අයව ඇතුලට ගත්තද ? ගත්ත ගමන් එළියේ. ණය දෙනවා. මිඩියා වල කතා දෙනවා. එයාලට ඕන දෙයක් කරන්න පුළුවන්.

ජෙහාන්: හරි හරි සර්, මම දන්නවනේ. තව පොඩි දෙයක් තියනවා සර්. අර ඩඹානේ ඇත්තෝ සර්, තව ටිකක් ඔහේම හිටපු දෙන්.

සර් : අයිසේ ඒ මනුස්සය මුකුත් කරල නැහැනේ. මේ තමුසෙලා කියන නිසා තියන් හිටියට. පෙළපාලි වල ඉස්සරහ යන එක වරදක් නෙමේනේ අයිසේ. උසාවියට දාපු ගමන් එලියට දායි.

ජෙහාන්: මේකනේ සර් , ඒ වුනාට උන් අරගලේ සීරියස් කරන එවුන්නේ සර්. සර් මොනවහරි කරලා තව මාසයක් දෙකක් ඇදන් යන්න. . ඊට පස්සේ මම වෙන ගේමක් දෙන්නම්කො සර්. අනික් එක සර් ඔය කැඳවුම් කාරයෝ එලියට ආවම මීඩියා කෑලි එක්ක සෙට් වෙනවා. බැඳ ගන්නවා. ඊට පස්සේ උන් ටෙලියේ පොර ටෝක් දෙනවා. අලුතින් බඩගාන කෙල්ලෝ කොල්ලෝ ටික අඹර ගන්නවා. අනිත් අයට පාඩුනේ සර්.

සර්: හරි හරි , මම මොකක් හරි කරන්නම්. ගිහින් එනවා. මතකනේ අර වැඩ එකින් එක දානවා හරිද?


ජෙහාන්: හරි හරි සර්. යන්නම්.

**********මතු සම්බන්ධයක් නැත


– අජිත් Dharmakeerthi.

 

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Calvin + Theology.

Jehan “supplement” – Red Power.

Derrida adopts the term ‘supplement’ from [[Jean-Jacques Rousseau, who argues in his essay on the origins of language that writing is no more than a supplement to, or parasite on, a natural spoken language, and who notes in his Confessions that masturbation is a ‘dangerous supplement’ to normal sexual intercourse. Derrida contends that, if speech has to be supplemented or supplanted by writing, it cannot be naturally self-sufficient and must therefore be characterized by an absence or gap, which he describes as an ‘originary lack’ Language does not, that is, originate in a natural state of completion as there is no extra-linguistic point of origin, but merely the ‘originary lack’. It is the logic of supplementarity that makes nature or speech appear to be the prior term; at the same time, the chain of supplements or substitutions reveals the lack within it. Any attempt to find a pure point of origin, such as Husserl‘s attempt to ground phenomenology in pure perception, can be shown to follow the same logic and to mistake a supplement for an origin. Masturbation is a supplement, but if it is to function as such, it must resemble what it repalces; it may be a form of autoeroticism, but it still focuses on the imagined object that can never be possessed.

සමාජ විද්‍යාවේ ප්‍රභවය සහ විකාශනය

 
 

   සමාජ විද්‍යාව ආරම්භ වී තවමත් ගතව ඇත්තේ වසර 170ක් පමණ කෙටි කාලයකි. එසේ නමුත් සමාජ විද්‍යාව විෂයට දීර්ඝ ඉතිහාසයක් පවතී. සමාජ විද්‍යාවට කෙටි ඉතිහාසයක් ඇති ඇති පිළිගැනීම මත එය සියලුම සමාජීය විද්‍යාවන්ගේ ලාබාලම විෂය ලෙස සැලකේ. Sociology යන වචනය ප්‍රථම වරට භාවිත කරනු ලැබුවේ ප්‍රංශ දාර්ශනික ඕගස්ටේ කොම්ටේ නමැති පුද්ගලයාය. එමනිසා ඔහු සමාජ විද්‍යාවේ පියා ලෙස සලකනු ලබයි. සමාජ විද්‍යා විෂය ආරම්භ වීමට බලපාන ලද ඓතිහාසික, සමාජ, දේශපාලනික, ආර්ථික සහ ආගමික සාධකයන් පවතියි. මේ අතරින් ප්රෝතෙස්තන්ත්‍ර ආචාරධර්ම (Protestant) ඇතුලත් කැල්වින් වාදයට අයත් නව කතෝලික ආගමික ව්‍යාපාරද, ප්‍රංශ විප්ලවයද, කාර්මික විප්ලවයද වැදගත් වේ.

ප්රෝතෙස්තන්ත්‍ර ආචාර ධර්ම යනු එතෙක් පැවති සම්ප්‍රදායික කතෝලික ආගමට ප්‍රතිසන්ස්කරනවාදීන් ලෙස ජෝන් කැල්වින් සහ මාටින්  ලුතර් ඉදිරිපත් කරන ලද නව ආගමික ඉගැන්විම්ය. සම්ප්‍රදායික කතෝලික ආගමේ පැවති ආගමික ඉගැන්වීම් මගින් ධනවාදයේ වර්ධනයට බාධාකාරී තත්වයන් ඇති වී තිබිණි. ඒ අනුව ජෙරන් කැල්වින් සහ මාර්ටින් ලුතර් විසින් ඉදිරිපත්කරන ලද නව ප්‍රතිසංස්කරනවාදී අදහස් යුරෝපා ධනේශ්වර වර්ධනයට මහෝපකාරී විය.

ඔවුන් පැවසුවේ ස්වර්ගයට යා හැක්කේ දිළින්දන්ට නොව වෙහෙස මහන්සි වී වැඩ කරන වත්කම් සහ දේපල ගොඩනගා ගන්නා ධෛරියවන්ත මිනිසුන්ට බවයි. මේ මතය සාම්ප්‍රදායික කතෝලික ආගමේ ලෝකෝත්තර අරමුණ වෙනුවට ලෞකික සංවර්ධනයකට දිශාගත වීමකි. මෙම මතවාදයන් නිසා යුරෝපයේ කාර්මික වර්ධනයත්, ධනේශ්වර නැගිසිටිමත් සිදුවිය.

මේ පිලිබදව මැක්ස් වේබර් නමැති සමාජ විද්‍යාඥයා විසින් පර්යේෂණ කොට ග්‍රන්ථයක් එළිදක්වයි. එහි නම වන්නේ (The Protestant Ethics & The Spirit of the Capatalism) ප්රෝතෙස්තන්ත්‍ර ආචාර ධර්ම සහ ධනවාදයේ සාරය යන්නයි.

මෙමගින් මැක්ස් වේබර් පැහැදිලි කලේ යුරෝපයේ ධනවාදයට මග පෑදුවේ යුරෝපින් විසින්  සමාජගත කල නව ආකල්ප නිසා බවයි.

 
 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //ප්රෝතෙස්තන්ත්‍ර ආචාර ධර්ම යනු එතෙක් පැවති සම්ප්‍රදායික කතෝලික ආගමට ප්‍රතිසන්ස්කරනවාදීන් ලෙස ජෝන් කැල්වින් සහ මාටින් ලුතර් ඉදිරිපත් කරන ලද නව ආගමික ඉගැන්විම්ය. සම්ප්‍රදායික කතෝලික ආගමේ පැවති ආගමික ඉගැන්වීම් මගින් ධනවාදයේ වර්ධනයට බාධාකාරී තත්වයන් ඇති වී තිබිණි. ඒ අනුව ජෙරන් කැල්වින් සහ මාර්ටින් ලුතර් විසින් ඉදිරිපත්කරන ලද නව ප්‍රතිසංස්කරනවාදී අදහස් යුරෝපා ධනේශ්වර වර්ධනයට මහෝපකාරී විය.//මම හිතුවේ නැති පැත්තක්. හැබැයි හරි

Comments are closed.