[dropcap color=”black”]ලෝ[/dropcap]කයේ හැම තැනම මැයි දින රැළි පවත්වයි. මහජනයා අතරින් පැන නගින සාධාරණ අරගල දෙකක් ඉතාම තිරස්චීනව මර්ධනය කළ ජෙනරාල් ෆොන්සේකා ද ලංකාවේ මැයි දිනය සමරන ලදි. ඊට සහභාගී වූ අය අංගොඩින් පැමිණි අය දැයි අපි නොදනිමු. ඊට අමතරව බාහු විසින් ද ඒකාබද්ධ මැයි රැළියක් පවත්වන්න ලදි. එහි විශේෂත්වය වූයේ ජාතීවාදීන් විසින් එය රහසිගතව සංවිධානය කිරීමයි. බාහු විසින් ජාතිවාදයට විරුද්ධව හරවත් දේශනයක් කරන ලද්දේ ජාතිවාදීන් විසින්ම තනාදෙන ලද වේදිකාවක ය. (බාහුගේ දේශණය) සමහර විට එය ලෙනින් කීවා සේ යමක හරයේම පවතින පරස්පරය විය හැකිය. ඊලගට මෙම රැළියේ තවත් විශේෂත්වයක් වූයේ එයට අසාද් සාලි ද එකතු වීමය. එය ලංකාවේ පහල වීමට නියමිත සුෆී වාමවාදය විය හැක.

මෙම මැයි රැළියේ තවත් විශේෂත්වයක් වූයේ එහි  වේදිකාවේ ජායාරූප මිස සහභාගී වූ පිරිස නොපෙන්වීමයි. ඊට හේතුව වූයේ සහභාගී වූ අයට වඩා කතිකයන් වැඩි නිසාය. මෙම මැයි දිනයේ හැලපයා මහත්තයාද කතාවක් පවත්වමින් කියා සිටියේ තමන් මෙවර ජන අරගල ව්‍යාපාරයේ ආර්ටියුකිලේෂන් තියරියට අනුව වැඩ කරන බවය. ඔහුට අනුව බලවත්ම ප්‍රශ්නය වම මානුෂික නොවීමයි.

මෙවර ඒකාබද්ධ මැයි රැළියට සහභාගී වූ සමහර කතිකයන් ‘නිදහසේ වේදිකාව’ සංවිධානයේ අයයි. ඔවුන් සිය කැමැත්තෙන්ම යූ.ඇන්.පී. රැස්වීම අතහැර වමට එකතු වී ඇත. යූ.ඇන්.පී. ජාතිවාදී නොවුනත් ඒ තුළ පොඩි හිරිකිතයක් තියෙන නිසා එවැනි හිරිකිතයක් නැති වමට ඔවුන් එකතු වී ඇත. මේ වම ජාතිවාදී නේදැයි කෙනෙකු ඇසූ විට ඔවුන් කියන්නේ මෙවැනි අදහසකි. අපිට කුමාර්ව පේන්නේ දුප්පතෙක් වගේ, ඒත් සුදර්ශනව පේන්නේ පොහොසතෙක් වගේ. ඉතිං අපි නිර්ධන පංතිය පැත්තට නිකම්ම සිග්නල් දානවා. ඒ ගොල්ල ජාතිවාදී තමයි. ඒත් ඒ ගඳ ඉවසන්න පුලුවන්. සුදර්ශනගෙන් එන්නේ අර්මානි සුවදක්. ඒ සුවඳ සම්බන්ධ අධිරාජ්‍යවාදයත් එක්ක. කුමාර් ගේ ඕස්ට්‍රේලියාවේ ගේ නිර්ධන පංති නිවසක්. අපි ඒ වගේ ගෙවල් වලට අවිඥාණිකව ආසයි.

 

ඔබේ අදහස කියන්න...