[dropcap color=”black”]ධ[/dropcap]නවාදී සමාජයක ජීවත් වන ජහමනයාට මනුෂ්‍ය ජීවියෙක් ලෙස තමාවම වැටහෙන්නේ අතීතයෙන් වර්තමානය හරහා දිදුලන අනාගතයකට ගමන් කරන බවය. ඒ සාමාන්‍ය  විශ්වාසයයි.මීට ප්‍රතිවිරුද්ධව ඊනියා බුද්ධිමතාට කාලය සැම විටම පෙනෙන්නේ ප්‍රතිරූප (images) හැටියටය.එබැවින් බුද්ධිමතුන්ට අනුව අප ජීවත් වන්නේ අතීතයේය. මේ දයාන් ජයතිලක මහින්ද චින්තනය ගැන කියන මතයයි.(Opinion එක)

ශ්‍රී ලංකාවේ ගැටළුව වන්නේ මහින්ද රාජපක්ෂවත්, ඔහුගේ ජනාධිපති ධූරයවත් නොව,ඔහුගේ විස්තෘත පවුලයි.ඔහුගේ වරිගය සහ ග්‍රෝත්‍රයයි. ඔවුන් අභ්‍යාස කරන බලය සහ බලපුළුවන්කාරකමයි….

1970-77 කාලයේ පැවති සිරිමා බණ්ඩාරනායකට වඩා ගැටළුව වූයේ,රත්වත්ත-බණ්ඩාරනායක පවුල් ගසයි.

රත්වත්ත-බණ්ඩාරනායක ග්‍රෝත්‍රයේ ‘දාමරික පවුල් කොල්ලයයි’

-රාවය,2013-08-11-

‘රාවය’ අලුත් ප්‍රධාන කතෘතුමාදළ වශයෙන් 2002 පමණ කාලයේ  X කණ්ඩායමේ පන්ති වලට සහභාගී වූ අතර එහිදී උගන්වන ලද දේවල් දැන් මතක නැතිවාට කිසිදු සැකයක් නැත. අපි එම අන්තර්ගතය නැවත මතක් කරමු.

(01)        නූතන ධනවාදී සමාජ-ක්‍රමය ඊඩිපස් ආශාව මත පදනම් වුවත් නවසිය 70 ගණන් සිට ක්‍රමිකව වර්ධනය වන පශ්චාත්-නූතන ධනවාදී-සමාජ ක්‍රමය පදනම් වන්නේ පශ්චාත්-ඊඩිපස් කේන්ද්‍රීය ආකෘතියකටය.

(02)        පශ්චාත් ඊඩිපස් කේන්ද්‍රීය සමාජයකදී පියාගේ -නම වෙනුවට අධිනිශ්චය වන්නේ මවගේ ආශාවයි.(මෙම තත්ත්වය වටහා ගැනීමට ක්වින්ටන් ටැරන්ටිනෝ ගේ සහ බුඩී  කීර්තිසේන ගේ ච්ත්‍රපට නරඹන-ඒවායෙහි තේමාව මෙලෙස සාරාංශගත කළ හැක. පියාගේ නම හරහා  සීමිත ප්‍රමෝදය සහිත ආශාවේ ලෝකයේ සැරිසැරීමත් ඊට පරස්පරව සීමාවිරහිත විනෝදයක් තිබෙන ස්ත්‍රී විනෝද ලෝකයේ සැරිසැරීමත් අතර පරතරයයි. කතා නායකයාගේ ආත්මීය ගැටළුව වන්නේ මෙම ලෝක දෙකින් කුමක් යථාර්ථයද යන්නය) එනම් විපරිත වීමයි.

(03)        පශ්චාත්-නූතන සහ පශ්චාත්-ඊඩිපස් කේන්ද්‍රීය ලෝකයක් ඇතුළත පියාට භූමිකාවක් නැති අතර ඒ වෙනුවට නිර්මාණය වන්නේ සිරස් අතට සමානයන් වන සහෝදරයන් අතර අලුත් ලුබ්ධි බැදීමයි. මෙයට ‘සහෝදරයන්ගේ රෙජිමයයි’ කියාද කිව හැක. මෙහි සහෝදර යනු ජීව-විද්‍යාත්මක සහෝදර යන්න නොවේ.මෙවැනි සහෝදර යනු ජීව-විද්‍යාත්මක සහෝදර යන්න නොවේ. මෙවැනි සහෝදර රෙජිමයක් යනු කිසිදු ආකාරයක පවුල් නිර්මිතයක් නොවේ.ඒ වෙනුවට එය සංවිධානය වන්නේ නාසිස්මික (ස්වරූපරාගය)විනෝදයන් වටාය.එවැනි තත්ත්වයක් තුළ සියළුදෙනා යුතුකමක් සහ රාජකාරියක් ලෙස සලකා විනෝදය හබා යයි.මේ නිසා මෙවැනි තෝටමික සහෝදර රෙජිමයක් වඩ වඩා තල්ලු වන්නේ විස්තෘත පවුල් ව්‍යවාහයකට නොව නිශාචර නිශාචර සමාජ ජීවියෙක් කරාය.

නිගමනය-වර්තමාන මහින්ද ච්න්තනයේ පාලන තන්ත්‍රයට කිසිදු ආකාරයක සම්බන්ධයක් අතීතය තුල  නැත.බණ්ඩාරනායක පාලනය  පවුල් පාලනයක් වන බව සැබෑය. නමුත් මහින්ද පාලනය පවුල් පාලනයක් නොවේ. එය විනෝදය කේන්ද්‍රකොට ගත් පශ්චාත්-පවුල් දේශපාලනයකි.අවශ්‍ය නම් අපට එය මෙලෙස නම් කළ හැක. -ස්ටාලින්වාදය සහ ෆැසිස්ට්වාදය සංකලනය කළ ඥාති නොවන ස්ටාලිනාසිවාදී පාලනය. උතුරට-ෆැසිස්ටිවාදය; දකුණට ස්ටැලින්වාදය. ගෝලීය ධනවාදී අර්ථයකින් කිවිවොත් මහින්ද චින්තනය=ජාතික ආරක්ෂක දෘෂ්ටිවාදය.

 

 

 

 

ඔබේ අදහස කියන්න...