විප්ලවවාදී ආත්මය තම නො-මුහුකුරා ගිය බව අතික්‍රමණය කළ යුත්තේ , නැතිනම්, මුහුකුරා ගිය මිනිසෙකු බවට පත් වන්නේ මුහුකුරා නොගිය උත්සාහයන් ගණනාවක් පසු කිරීමෙනි. මෙහි අදහස වන්නේ විප්ලවීය ‘ආත්මය’ ස්ථාපනය වන්නේ ක්‍රියාමාර්ගයන්ට දුරස්ථව සිටීමෙන් නොව ක්‍රියාමාර්ගයන්ට සහභාගි වීමෙනි. ඒවායින් කෙළවා ගැනීමෙනි. මීට වසර 10 කට පෙර අප සංවිධානය ගම්පහට ගෙස් කෙළවා ගත්තේය. එසේ කෙළවීම නිසා බොහෝ දෙනෙක් අප අතහැර ගියේය. ඔවුන් පවතින ක්‍රමයට වඩා හොදින් ඉන් පසු බද්ධ විය. ජීවත් වීමට අපහසු යැයි කී මේ සමාජ-ක්‍රමය ඔවුන්ට වාසනාව රැගෙන ආවේය. නිවැරදි මාර්ගයට පිවිසිය හැක්කේ වැරදීම් තුළින් ගමන් කිරීමෙන් පමණි.

ඉහත අර්ථයෙන් ගත් විට දීප්ති යනු ටොම් සහ ජෙරී වර්ගයේ ලෙනින්වාදියෙකි. ඔහුගේ විනාශය කාටූන් චරිතයක් සේ හදිසියේ සිදුවෙයි. නමුත් ඔහු නැවතත් විහිළු සහගත ලෙස නැගිටියි. ට්‍රොට්ස්කි ප්‍රකාශ කරනු ලැබුවේ ‘නයාය’ ඌන සංවර්ධිත රටකදී ඒ රටට ගැළපෙන ලෙස කැපී යන බවයි. නමුත් දීප්ති අතින් ‘නයාය’ එය උපන් රටේදී අත්පත් නොකරගත් ශක්යතාවයන් ලබා ගනියි. විප්ලවය වෙනුවෙන් පොර බැදූ බොහෝ දෙනෙක් අද සිටින්නේ keels සුපිරි වෙළදසැල්වල සූප්පු කටේ ගසාගෙනය. ලංකාවේදී ගැමියාව නැගිට්ටවීම පහසු නැත. නමුත් ‘න්‍යාය’ එන්නත් කරමින් දීප්ති විසින් ගැමියාට කරන ලද හානිය නිසා ඔහු\ඇය දැන් හඩ නගන්නට පටන් ගෙන ඇත. මේ ගුප්ත ගැමියාගේ රාත්‍රී ජීවිතය ගැන දීප්තිට තරම් වැටහීමක් වෙනත් වාමාංශිකයෙකුට තිබේද ?

දීප්තිව අතහැර ගොස් ඉතා ඉක්මනට නිවැරදි වාමාංශික දේශපාලනය ස්ථාපිත කිරීම සදහා අතිධාවනකාරී ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ අයට පසුගිය දශකය තුළ සිදු වූ අකරතැබ්බිය කල්පනාවෙන් පරික්ෂා කරන්න !
අප ඉහතින් අදහස් කරන්නේ විප්ලවීය ලෙස මිනිසෙකුට පරිවර්ථනය විය නොහැකිය යන මෝඩ ආස්ථානය ගැන නොවේ. අපි පවසන්නේ දීප්තිගේ මගෙන් ඉවතට පැන පරිණත වන්නට උත්සහ දරන්නෙකුට හිමි ඵෙතිහාසික ඉරණමයි. බොහෝ දෙනෙකුට නැත්තේ ඵෙතිහාසික මතකයයි. දේශපාලනය යනු තෝරාගැනීමක් නොවේ, එය බලහත්කාරී වරණයකි?????????????

wing surf-

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. සල්ලි වෙන තැනකට යන්නේ නම් එය සංවිධානයේ ප්‍රශ්නයකි. නැත්නම් දුර්වල කමකි. නිදහස් සංවිධානයක් නොව සංවිධිත සංවිධානයකින් ඔය ප්‍රශ්නය විසඳා ගත නොහැකිද?

Comments are closed.