ස්ත‍්‍රියකට ස්වාධීන පැවැත්මක් තිබේදැයි ජයනි  අසයි.. හිමාෂි වැනි තරුණියක් උදාහරණයකට අරගෙන අපි පෙන්වීමට උත්සහ කළේ ඇයට ඇති ස්වාධීන පැවැත්ම මෙහෙයවෙන ස්වරූපය පැහැදිළි කිරීමටය..
ජනමාධ්‍ය ආචාරධර්ම වත්මන් සමාජයට වලංගු නොවන අතර හිමාෂි කිසිදු අවස්ථාවක එකී දෑ වෙනුවෙන් පෙනී සිටියේද නැත. මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ වී විවිධ පුවත් පල කිරීම සහ යහපත් මාධ්‍ය කලාවක් පවත්වා ගැනීම යන කාරණා දෙස බලන විට හිමාෂිව අර්ථකථනය කිරීමට සිදුවන්නේ පහත ආකාරයටය..
ස්ත‍්‍රීන්ද ඇතුලුව බහුතරයක් දෙනා පවසන්නේ සමාජය මෙහෙයවන්නේ පිරිමින් බවය. මේ කරුණ සම්බන්ධයෙන් අපි විසින් යම් අර්ථකතනයක් ලබා දුන් අතර ඉන් පසුව අප කී දේ වැරදියට අර්ථකතනය කළ බොහෝ දෙනා පැවසුවේද සමාජය මෙහෙයවන්නේ පිරිමින් බවය.
නමුත් අපි කීවේ ධනවාදී සමාජයක් තුළ ඇති බල සම්බන්ධතා මෙහෙයවන්නේ ප‍්‍රාග්ධනය මගින් බවත්  එකී බල සම්බන්ධතා මෙහෙයවන්නේ පිරිමින් විසින් බවය. එම අර්ථයනේ සමාජය තුළ ස්ත‍්‍රියව මෙහෙයවන්නේ පිරිමියා බව පැහැදිළිය. 
මෙම තත්ත්වය අදුර්ශමානයේ පවතින්නකි. ඒ නිසා හිමාෂි ඇසුරින්ම එය තවදුරටත් පැහැදිළි කරගනිමු.
masochism-2-
ලංකාඩේලි එකේ බහුතරයක් දෙනා පිරිමින් වන අතර එහි බල රටාවේ කේන්ද‍්‍රය වන්නේ ද පිරිමියෙකි.  එම පිරිමින්ගේ විඥාණයට අනුව ලංකාඩේලි පාලනය වන අතර හිමාෂි වැනි ස්ත‍්‍රියක් පාලනය වන්නේ ඊට අනුවය. මේ පිළිබදව හිමාෂි පවා නොදන්නා අතර එම පිරිමින්ගේ ග‍්‍රහණයෙන් තොර ස්වායක්ත පැවැත්මක් හිමාෂිට නොමැති බව අපි ප‍්‍රකාශ කළේ ඒ නිසාය.
සමහර ස්ත‍්‍රීන් ස්වපීඩාවට කැමති අතර, තමාට පීඩා කරන පිරිමියාගෙන් ගැලවීමට ඔවුන් කිසිවිටක උත්සහ ගන්නේ නැත. එසේ සිදුවන්නේ ඇය පාලනය වන්නේ එම පිරිමියාගේ පාපී-විඥාණයට අනුව නිසාය. ජර්මන් විඥාණවාදයට අනුව ස්තිුය යනු පුරෑෂයාගේ පාපය භෙෘතිකව නිරෑපණය කරන්නියයි. 

ඔබේ අදහස කියන්න...

8 COMMENTS

  1. දීප්තිගේ විකාරරෑපී ගොලයකුගේ වර්චුවල් පෙම්වතියද හිමාෂිගේ සහෝදර වෙබ් අඩවියක වැඩ කරයි. ඇගේ පිරිමි හැසිරීම් ගැන මේ ආකාරය විවේචනය කිරීමට බය ඇයි.

  2. හිමාෂි වැන්නියක් පිරිමින්ගේ මෙහයවිමකින් තොරව වැඩ කරනවාය යන්න පිලි ගැනීමට ආච්චියෙකුට වුවත් ලැබුනොත් ජැකක් ගසනවා යයි ප්‍රමුඛ දසුන්ට සිතා ගැනීමට වත් නොහැකි යයි මට දැන ගන්නට ලැබී තිබේ.
    හිමාශි හෝ එහි වැඩ කරන අනිත් සියල්ලන්මත් වැඩ කරන්නේ තමන්ට මේ ධනවාදී සමාජයේ පුවත් පතක් හෝ වෙබ් අඩවියක් මෙහෙයවීමට ඇති ඉඩ කඩ සීමා අනුව යයි දසුන්ට සිතා ගැනීමට නොහැකි වීමම අවාසනාවකි. අපි හැමෝම ත්‍රිමානේ වැඩට යමු. දසුන් හිඟමනේ ගිහිල්ලා ඔක්කොටම කන්න දෙයි.

  3. හිමාෂිට ස්වාධීන පැවැත්මක් නැද්ද යන ප්‍රශ්නය මා ඇසුවේ සාකච්ඡාවකට ප්‍රවේශයක් වශයෙනි. එසේ නැතිව මඩ ගැසීමට නොවෙයි. ඒ සඳහා ඔබ කොමෙන්ටුවකින් නොව පෝස්ටුවකින්ම පිළිතුරු දී ඇත. ඒ ගැන ස්තුතියි. හිමාෂි ජීව විද්‍යාත්මක ස්ත්‍රියක් වන අතර ඇය පාලනය වන්නේ ධනවාදය විසින් මෙහෙයවෙන පිරිමින් විසින් යැයි ඔබ කියයි. නමුත් එම පිරිමි ආධිපත්‍යය තුළ වුවද හිමාෂි නම් ස්ත්‍රියට සාපේක්ෂ ස්වාධීන පැවැත්මක් ඇත්තේ ඇයගේ චින්තනය සහ රචනාව පාලනය කිරීමට ඇයට ප්‍රාග්ධනය සපයන පුරුෂයා/යන් මැදිහත් නොවන බැවිනි. වෙනත් වචනයකින් කිවහොත් එම පිරිමින් හිමාෂිගේ ෆැන්ටසිය පාලනය නොකරයි.

    දැන් මෙම තර්කය දසුන්ට ආදේශ කරමු. ජීව විද්‍යාත්මක පිරිමියෙකු වන දසුන් කතිකාව තුළ ස්ත්‍රියකි. ඔහු/ ඇය පාලනය වන්නේ පිරිමියෙකු/ පිරිමින් කේන්ද්‍රය කරගත් ත්‍රිමාන වෙබ් අඩවියෙනි. මෙම වෙබ් අඩවිය පාලනය කරන්නේ පුරුෂයන් වන කාල් මාක්ස් (දීප්ති) සහ එංගල්ස් (සුදර්ශන) විසිනි. (මාක්ස් න්‍යාය සම්පාදනය කරන විට ඒ සඳහා ආර්ථිකය සම්පාදනය කළේ එංගල්ස්ය. එයට හිලව් වශයෙන් මාක්ස්ගේ කෘතිවල සම කර්තෲ ලෙස එංගල්ස්ද සඳහන් කරන ලදී. මාක්ස් කිසි කලෙක එංගල්ස් විවේචනය නොකළ බවද සත්‍යයකි.) දස්න් නමැති ‘ස්ත්‍රිය’ රඟපාන්නේ ත්‍රමාන සංස්කාරකවරුන්ගේ ෆැන්ටසියයි. මේ ආකාරයටම මීට පෙර කටයුතු කළ ස්ත්‍රීන් වන්නේ කල්‍යානන්ද පෙරේරා (ලන්ඩන්), තිලක් කෝදාගොඩ ( ඒ කේ 47 සහ රාවය) සහ නීතිඥ තුෂාර දස්කොන් (ත්‍රිමාන) වේ. මෙම ඛාණ්ඩයට එකතුවූ අළුත්ම ස්ත්‍රිය දසුන් රාජපක්ෂ බව මේ දිනවල තුෂාර දස්කොන් විසින් තැන තැන කියමින් යයි. මේ පිළිබඳ විවෘත සාකච්ඡාවකට මම ආරාධනා කරමි.

    • හිතාදර ජයනි …

      මනුෂ්‍යයෙක් ස්ත‍්‍රියක් හෝ පිරිමියෙක් වෙන්නේ කතිකාවෙන් බව ඔබ හිතයි. එවැනි අවබෝධයක් ඇති අය ලංකාවේ ඉන්නේ කිහිප දෙනෙකි. ඒ අනුව ජීව විද්‍යාත්මක ශරීරය මගින් කෙනෙක් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙකු වනවාද යන්න තීරණය නොවේ. ගැටලුව වන්නේ යම් කෙනෙක් ස්ත‍්‍රියක් හෝ පිරිමියෙක් වීම දීප්ති නම් ෆැලික හැගවුම්කාරකයෙන් තීරණය වීම ගැන ඔබ ගන්නා නිගමනයයි. කල්‍යා හෝ කෝදාගොඩ හෝ දස්කොන් ස්ත‍්‍රීන් බවට පත් වූයේ දීප්ති මගින් ද යන්න හරියටම සොයා බලන්න. අඩුම වශයෙන් ප‍්‍රභා මනුරත්න පවා ස්ත‍්‍රියක් වූයේ දීප්ති නිසා ද ??

  4. ජීව විද්‍යාත්මක/ ස්වාභාවික ස්ත්‍රී පුරුෂ වෙනස කුමක් වුණත් කෙනෙකු ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද යන්න තීරණය වන්නේ කතිකාව තුළින්ය යන දැනුම ලංකාවට ගෙන එන්නේ දීප්ති ප්‍රමුඛ එක්ස් කණ්ඩායම විසින් බව ගැන විවාදයක් නැහැ. ඔබ අහන්නේ කල්යානන්ද පෙරේරා, තිලක් කෝදාගොඩ සහ තුෂාර දස්කොන් ස්ත්‍රීන් බවට පත්වුණේ දීප්ති නම් ෆැලික හැඟවුම්කාරකය නිසාය යන නිගමනයට මම එළඹෙන්නේ කොහොමද කියලයි. ඊළඟට ඔබ ජීව විද්‍යාත්මක ස්ත්‍රීන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කර ඔවුන් ස්ත්‍රීන් බවට පත්වූයේද (කතිකාව තුළ) දීප්ති නම් ෆැලික හැඟවුම්කාරකය නිසාද යන්න මගෙන් විමසනවා.

    පළමුවෙන්ම කිවයුත්තේ ඉහත සඳහන් ස්ත්‍රීන් අතුරෙන් සිරිමලී ලියනගම සහ ප්‍රභා මනුරත්න හැර අන් කිසිවකුගේ රචනාවක් ප්‍රකාශයට පත්ව ඇති අයුරු මට නිරීක්ෂනය වී නොමැති බවයි. ඒ නිසා ඔවුන් ගැන අදහස් පළ කිරීමට මට අවකාශයක් නැතිය. ඉහත සඳහන් කළ ජීව විද්‍යාත්මක පිරිමින් (වන කතිකාමය ස්ත්‍රීන්) ට සාපේක්ෂව ඉහත සඳහන් ජීව විද්‍යාත්මක ස්ත්‍රීන් දෙදෙනා විසින් රචනා කළ ස්වතන්ත්‍ර වියමන් සංඛ්‍යාව සීමිතයි. ඒ වුණත් ඔවුන්ගේ රචනා කෙරේද දීප්තිගේ බලපෑම පැහැදිලිව දැක්ක හැකියි. ඒ නිසා ප්‍රශ්නයට පිළිතුර ඔව්. ඔවුන් ස්ත්‍රීන් බවට පත්වූයේද (කතිකාව තුළ) දීප්ති නම් ෆැලික හැඟවුම්කාරකය නිසයි.

    මට පෙනෙන හැටියට මෙතැන ප්‍රශ්නය ක්‍රමවේදීමය ගැටලුවක්. මගේ විවේචනය ස්ථානගත වන්නේ එතැනටයි. දීප්තිගේ ෆැලික හැඟවුම්කාරකයේ ක්ෂේත්‍රයට ඇතුළු වන ජීව විද්‍යාත්මක ස්ත්‍රිය හෝ පුරුෂයා කතිකාව තුළ ස්ත්‍රියක් බවට පත්වන්නේ ඔහු/ ඇය දීප්ති විසින් ලබා දෙන විශ්ලේෂන උපකරන වලින් ආභාෂය ලබා එය තම වියමන් සඳහා යොදා ගන්නවා වෙනුවට අන්ධ ලෙස එම වාක්‍ය ගෙඩි පිටින් තමාගේ නමින් සහ තම ශෛලියෙන් ලියන්ට යාම තුළයි. කාලයක් ගත වන විට මෙම කතිකාමය ස්ත්‍රිය දාර්ශනිකයෙක්/ චින්තකයෙක්/ සිරා පොරක් බවට පොලාපනිනවා. නමුත් ප්‍රශ්නය වන්නේ වියමනෙන් එළියේ බාහිර ලෝකය තුළදී තම වියමනෙහි ඇති සංකල්ප පැහැදීලි කිරීමට හෝ එම සංකල්ප නිර්මාණාත්මකව භාවිතාවට යොදා ගැනීමට හෝ එම සංකල්ප හා හර පද්ධති අනුව ජීවත්වීමට ඔවුන් අපොහොසත් වීමයි. මේ නිසා ඔවුන්ගේ සැබෑ ජීවිතය සහ ඔවුන් විසින් ලියන ලද්දේ යැයි කියැවෙන වියමන් අතර නොසන්සිඳෙන පරතරයක් ඇතිවෙනවා. මෙම පරතරය නඩත්තු කරන්ට ගන්නා උත්සාහය අසාර්ථක වූ තැන තමයි මෙම ස්ත්‍රීන් දීප්තිගේ අවිඥානක සතුරන් බවට පත්වන්නේ.

    මම සඳහන් කළ ස්ත්‍රීන් අතුරෙන් තවදුරටත් මොනවා හෝ ලියන්නේ කල්යානන්ද පෙරේරා පමණයි. සිරිමලී ලියනගම, තිලක් කෝදාගොඩ හෝ ප්‍රභා මනුරත්න පමණක් නොව බුද්ධික බණ්ඩාරටත් ආපසු ලියන්න බැහැ. ඉදිරියේදී දස්කොන්ටත් මෙම ඉරණම අත්වන්ට නියමිත බව ඔහුගේ මෑත ෆේස්බුක් පෝස්ටු දෙස බැලූ විට පැහැදිලි වෙනවා. සංවාදයට මම විවෘතයි.

Comments are closed.