“මං හරි ආසයි ගෑණුත් එක්ක වැඩකරන්න. ගෑණු නැතුව දේශපාලනය කරල වැඩකුත් නෑ. ස්ත්‍රින්ට පුළුවන් නම් මේ දේශපාලනය තුළට ඇවිල්ල පිරිමින් සමග බුද්ධිමය ක්‍රියාවකට යන්න! සාමානයයෙන් ඒකට ගොඩක් පිරිමි අකමැතියි. පිරිමි හුගක් ආස ගෑණුත් එක්ක  sex  කතා කරන්නනෙ. ඒගොල්ලො ආස නෑ නේද ගෑණුත් එක්ක ප්ලේටෝ ගැන සොක්‍රටීස් ගැන කතා කරන්න. ලංකාවෙ  ලස්සන ගෑණුන්ට ලොකු ලණු දෙනව නේද පිරිමි. ‘මගෙ අම්මේ, ඔයා හරි ලස්සනයි, ඔයා වගේ අය ඉන්න   ඕනි නිකං සුන්දර තැන්වල. ඇයි මේ ඔයා  ඕනි නැති විදිහට පොතපත කියවලා ඇස් දෙක කළු කරගන්න හදන්නෙ? ලංකාවෙ සිංහල පිරිමිය ගෑණුන්ව කුස්සියට යවන්න, නිදන කාමරේට යවන්න හදනව මිසක් සාලයට හෝ පොත් කාමරයට හෝ ගන්න කැමති නෑ. (සුදර්ශනට) අපි දෙන්නටම තියෙන ලොකු චෝදනාවක් තමයි කාන්තාවන්ට   ඕනවට වඩා අපි ආස කරනව කියල. ඉතින් ඒ චෝදනාව අපි බාර අරගෙන අපි කියන්න  ඕනි ලංකාවට ගෑණු නැති දේශපාලනයක් ඉස්සරහදි කරන්න බෑ, විශේෂයෙන් වාමාංශික දේශපාලනය කරන්න බෑ කියලා”

ශ්‍රි ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා එසේ ප්‍රකාශ කළේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘සුළඟට පසුව‘ -වෙනස හමුවේ අභියෝග- වැඩසටහනට එක් වෙමිනි. නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනට ගාමිණී වියන්ගොඩ සහ උපුල් ශාන්ත සන්නස්ගල යන මහත්වරුද සහභාගී වූහ.

 පහත පළවන්නේ එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසකි.

 සුදර්ශන ගුණවර්ධන-

එක පැත්තකින් උපුල් (ශාන්ත සන්නස්ගල ) කිව්ව මිනිස්සු නීතියට බය නෑ, අදෘශ්‍යමාන දේවල්වලට බයයි කියල. එතකොට ගාමිණී (වියන්ගොඩ) පැහැදිලි කළා ලෞකික ආයතන ශක්තිමත් වෙද්දි මිනිස්සු ඒවා විශ්වාස කරන අතර අර අදෘශයමාන දෙවියන් ගැන විශ්වාසය පහළට යන බවත් ලෞකික ආයතන බිද වැටෙද්දි අසරණ වෙච්චි අතාර්කික මිනිසා අදෘශයමාන දේවල් පැත්තට ගමන් කරන බවත්.  දීප්ති, මං දැන් දීප්තිගෙන් අහන්න කැමතියි දෙවියෝ මැරිලද ඇත්තටම? දැන් ප්‍රංශයේ දෙවියො මැරිලා. ලංකාවෙ දෙවියො මැරිලද? දෙවියො ඉන්නවද?

දීප්ති කුමාර ගුණරත්න:

වෙළදපොල විසින් සමාජයක් පාලනය කරන්න ගියාට පස්සේ ඒ රටේ තියෙන නීතියේ ආධිපතය්‍ය කඩා වැටෙනව. සංකේත නීතිය තවදුරටත් වලංගු නෑ. කහ ඉර ගණන් ගන්නෙ නැතුව වාහනවලට යන්න පුළුවන්. පෝළිම පැනල බැංකුවෙන් සල්ලි ගන්න පුළුවන්. කාටවත් ලැජ්ජාවක් නෑ. හැබැයි මේ ලංකාවේ අපි දෙවියෝ ගැන කතා කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න   ඕනි.  මගේ අදහස පොඩ්ඩක් වෙනස්. මම කියන්නේ දෙවියෝ කියල කියන්නෙ ඥානයට අයිති කෙනෙක් නෙවෙයි. දැන් අපි සරල උදාහරණයක් ගමු. එක්තරා මාක්ස්වාදියෙක් -ඔහු හොදටම භෞතිකවාදියෙක්- ඔහු යම්කිසි ගමනක් යන්න එළියට බහිනව. බහිනකොට එයා දකිනව තනි පොල්කිච්චෙක්ව. දැක්ක ගමන් එයාට නිකං අවුල් වෙනව. ඒ කියන්නෙ එයා හොදටම දන්නව එයා මාක්ස්වාදියෙක් කියල. එතකොට නිකං එයා ඉබේටම වගේ හැරිල බිරිද පැත්තට හැරිල කියනව ‘ෂික්, මට පෑන මතක නැති වුණා‘ කියල. කියල ආයෙත් යනව මෙයා. ගිහිල්ලා, ඇත්තටම පෑන අමතක වෙලා නෙවෙයි මේ. ඊළගට එයා තව පොල්කිච්චෙක්ව හොයනවා ඩබලක් දාගන්න. මොකද මේ යන ගමන සාර්ථක වෙන්න. දැන් උදාහරණෙකට මං එළියට බහිනකොට මේ රූපවාහිනියේ සාකච්ඡාවට එන්නනෙ මං බැස්සෙ. මම මාක්ස්වාදියෙක් වුණත් මේක සාර්ථක විය යුතුයි කියල මං තුළ තියෙනව චකිතයක්. මේක සාර්ථක වෙන්න   ඕනි මොකද මගේ හැමෝම ඉල්ලනවා හොදට කරන්න මේක, කරේ නැත්නම් වැඬේ ඉවරයි කියලා. අවුරුදු ගාණකට පස්සෙයි මෙතනට (ජාතික රූපවාහිනියට ) ආවෙ.  කලින් වතාවෙ වැඩසටහන ගැන මට චෝදනාවකුත් ආව මට මතකයි. මං මේ දෙවැනි කාරණාවටත් එන්නම් හරි ෂෝක් ඒක. කාන්තාවක් තමයි ඒ වැඩසටහන මෙහෙයවූයේ. මගේ දේශපාලන සතුරෝ කිව්ව “ඔයා බලාගෙන හිටියෙ කොහෙද කියල?” මට කෝචොක් එකට. ඒ කියන්නෙ ඒ ගොල්ලො මගෙන් ඇහුවෙ ‘කකුල දිහාද බලාගෙන හිටියෙ කියල නිවේදිකාවගෙ?‘. .මං හොද උත්තරයක් හොයාගත්ත ඒකට.  දෙවියන්ව අපිට   ඕනි වෙන්නෙ අවිඥානික තලයේදි. ගණිතමය ආකාරයකට දෙවියො   ඕනි නෑ අපිට ඇත්තටම. ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මේක තේරුමක් නෑ කියල. හැබැයි අපි අවිඥානිකව, දෙවියො විශ්වාස කරනව. ඒ කියන්නෙ දෙවියන්ව අපිට  ඕනෙ. දැන් උදාහරණයක් අපි ගනිමු, කාන්තාව දෙවියෙක් වෙන හැටි බලමු. මං දන්නවා ලංකාවෙ සමහර මාක්ස්වාදියෝ සහ වාමාංශිකයෝ පක්ෂවල විනය ගැන කතා කරන කොට -මං හිතන්නෙ ඔබටත් අත්දැකීමක් ඇති- කතාවක් කියනව මේ ගෑනුන්ගෙන් පරිස්සම් වෙන්න කියල. විශේෂයෙන් වාමාංශික දේශපාලන පක්ෂවල බොහොම ප්‍රචලිත මතයක් තමයි මේ විනය ශික්ෂණය ගැන කතා කරන කොට ස්ත්‍රින්ව ගන්න එපා දේශපාලනයට. ඒක එළියෙදි කියන්නෙ නෑ ඒගොල්ලන්. ඇතුළෙ හොරෙන් කියනව කාමරේ ඇතුළට වෙලා. ‘ගන්න එපා, ගත්තොත් ඉවරයි, පක්ෂ ඉවරයි.‘ ඔව්, ඒක අලිඛිත, අශ්ලීල හංගන නීතියක්. හැබැයි මේ අයම අදුරු කොරිඩෝවල අහුමුළුවල අර පක්ෂවලට එන ස්ත්‍රින් එක්ක කතා කරමින්, ඒ අයගේ කකුල්වල හැඩ ගැන කතා කරමින් ඉන්නව. ඒ කියන්නෙ සවිඥානිකව මාක්ස්වාදයේ සියලූම මූලධර්ම, ඥාන විභාගය පාවිච්චි කරල කියනව ‘අයියෝ මේ ගෑණු හරිම බොළදයි, හණමිටි අදහස් තියෙන්නෙ. අර මේ අඩියක විතර විඥානයක් තියෙන්නෙ‘ කියල. හැබැයි මේ අයම රහසිගතව අවිඥානිකව ඒගොල්ලො ප්‍රර්ථනා කරනව, ‘මේ කාන්තාව නැති ලෝකය කොයිතරම් වියළිද? ශුෂ්කද?‘ කියල. ඉතින් මම හිතන්නෙ අපි දැනුමෙන් විශ්වාසය කරා මාරු වුණොත් විතරයි අපිට අනාගතයේ අලූත් දේශපාලන වයාපාර හදන්න   ඕනි. ඒ නිසා මම හිතනවා කාන්තාවො, පොල්කිච්චො අපිට තව ගොඩක් කල්   ඕනි වෙයි කියල සාමූහික වැඩ කිරීමේදී.

 

සුදර්ශන ගුණවර්ධන-

ඔබ කියන්නෙ කාන්තාවො දේශපාලනයට සම්බන්ධ වෙන්න අවශයයි කියලද? නැත්නම් සම්බන්ධ වෙන්න අවශය නෑ කියලද?

 

දීප්ති කුමාර ගුණරත්න-

ඔව්, ඒක හරි මං තුළ වුණත් පරස්පරයක් තියෙනව. මාත් එක්ක වැඩ කරන අයත් මට ඒ පරස්පරය හැමදාම දානව. හැබැයි මං හරි ආසයි ගෑණුත් එක්ක වැඩකරන්න. ගෑණු නැතුව දේශපාලනය කරල වැඩකුත් නෑ මං හිතන්නෙ. මම ඒකෙදි කියන්නෙ අර මන්ත්‍රිවරු මෙච්චර   ඕනි, ඒ දේශපාලනය නෙවෙයි. මන්ත්‍රිවරු දැන් 20ක් ඉන්නවා, 20 න් 10ක් ගෑණු ආව නම් එහෙම ලංකාව ලස්සන වෙනව කියල. ඒ වගේ කතා නෙවෙයි මං මේ කියන්නෙ. ස්ත්‍රින්ට පුළුවන් නම් මේ දේශපාලනය තුළට ඇවිල්ල පිරිමින් සමග බුද්ධිමය ක්‍රියාවකට යන්න! සාමානයයෙන් ඒකට ගොඩක් පිරිමි අකමැතියි. ඒ කියන්නෙ පිරිමි හුගක් ආස ගෑණුත් එක්ක  sex කතා කරන්නනෙ. ඒගොල්ලො ආස නෑ නේද ගෑණුත් එක්ක ප්ලේටෝ ගැන සොක්‍රටීස් ගැන කතා කරන්න. ලංකාවෙ  ලස්සන ගෑණුන්ට ලොකු ලණු දෙනව නේද පිරිමි. ‘මගෙ අම්මේ, ඔයා හරි ලස්සනයි, ඔයා වගේ අය ඉන්න   ඕනි නිකං සුන්දර තැන්වල. ඇයි මේ ඔයා  ඕනි නැති විදිහට පොතපත කියවලා ඇස් දෙක කළු කරගන්න හදන්නෙ?‘ ගෑණුන්ව මෝඩ කරනවා කියලයි මං කියන්නෙ. ලංකාවෙ දෙමළ පිරිමියට වඩා ලංකාවෙ සිංහල පිරිමිය ගෑණුන්ව කුස්සියට යවන්න, නිදන කාමරේට යවන්න හදන්නෙ. සාලයට හෝ පොත් කාමරයට හෝ ගන්න කැමති නෑ. ඉතින් මම හිතන්නෙ මම නම් කැමතියි, (සුදර්ශන දෙසට හැරී ) මම හිතන්නෙ ඔබත් කැමතියි.  මම හිතන්නෙ අපි දෙන්නටම තියෙන ලොකු චෝදනාවක් තමයි කාන්තාවන්ට  ඕනවට වඩා අපි ආස කරනව කියල. ඉතින් ඒ චෝදනාව අපි බාර අරගෙන අපි කියන්න  ඕනි ලංකාවට ගෑණු නැති දේශපාලනයක් ඉස්සරහදි කරන්න බෑ, විශේෂයෙන් වාමාංශික දේශපාලනය කරන්න බෑ කියල.

සමබ්ම අගෝස්තු කලාපය 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.