සුගිය සෙනසුරාදා ජාතික රූපවාහිනියේ විකාශය වූ ශනිදා ආයුබෝවන් වැඩසටහනට සභාගී වීමට අජිත් කුමාරසිරි,අමිල සඳරුවන් සහ චින්තක ගීතදේව යන මහත්වරු පැමිණ සිටියහ.

වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයාට අනුව මේ මහත්වරුන් ප්‍රසිද්ධ වේදිකාවල,ශ්‍රව්‍ය දෘෂ්ය මාධ්‍යවල ඇහෙන්නට දකින්නට නැති  විකල්ප සංගීත් මහත්වරුන් පිරිසකි. ඔවුන්ට කවුරුවත් වේදිකා තනාදෙන්නේ නැත. ඔවුන්ට කවුරුවත් අනුග්‍රහය දක්වන්නේ නැත.ඒ වෙනුවට කිසිදු අනුග්‍රහයකින් තොරව අන්තර් ජාලය ඔස්සේ විශේෂයෙන් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ තම්න්ගේ ප්‍රකාශන ඉදිරිපත්කරමින් ඒ ඔස්සේ විකල්ප සංගීත දාරාවක් ගොඩනංවමින් සමාජයේ කතා බහට ලක්වුණු විකල්ප සංගීත් කරුවන් පිරිසකි. දැන් ඔවුන්ට ජාතික රූපවහිනියේ අවස්ථාවක් ලබා දී ඇත.

අජිත් කුමාරසිරි සහ අමිල සඳරුවන් යන සංගීත ශිල්පීන් දෙදෙනාට මේ හඳුන්වාදීම අදාල නොවුණමුත් නිවේදකයාද වැඩසටහන බලන ප්‍රේක්ෂකයාද  විශේෂයෙන් චින්තක ගීතදේව නැමැති වැදගත් මහතාඑසේ ස්ව්‍යං සිද්ධව බිහිවුණු සංගීත ශිල්පියෙකු ලෙස හඳුනා ගන්නට ඇත. පුරා පැය එකහාමාරක් ඔස්සේ ඇදුණු වැඩසටහන පුරා ගීතදේවගෙ මුවින් ඒ හැඳින්වීම එසේ නොවේමයි යන්න සඳහන් නොවුණදඅප දන්නා ගීතදේවගේ ඉතිහාසයට අනුව නම් එය එසේ නොවන බව අපි දනිමු.

චින්තක ගීතදේව නැමැති පුද්ගලයාගේ නොව චින්තක ගීතදේව නැමැති විකල්ප(?) සංගීත කරුවාගේ තිඹිරිගෙය නම් අප දන්නා පරිදි මහල්වරාව බේකරියයි.

බේකරිය කට්ටිය  වසර ගනණාවක් පුරා, වසරක් පසා සංවිධානය කරන්නා වූ  DownTown Pulse නම් සංගීත ප්‍රසංගය යනු

ගීතදේව,අමිල ඇතුළු තවත් බොහෝ විකල්ප සංගීතකරුවන්ගේ තිඹිරිගෙය මෙන්ම බොහෝවිට අදටත් ඔවුන්ට ඇති එකම වේදිකාවයි.

DownTownPulse ප්‍රසංගය නිර්මාණය වන්නේද, අතිශය දුශ්කරතාවයන් යටතේ දැඩි කැපවීමකින් බේකරිය කට්ටිය වසරක් පසා එය පවත්වන්නේද මේ ගීතදේවලාට අවස්ථාවක් ලබාදීමට බව ගීතදේවමහත්මයාට මේ ටිකට අමතක වූයේ කෙසේද?

ඇත්තෙන්ම අද ජාතික රූපවහිනියේ ගීතදේවගේ හඬ ඔස්සේ ඒ එළියට එන්නේ

විරාජ්,මනෝජ්,ලක්රුවන්,කෝසල ඇතුළු බේකරිය කට්ටිය සොහොයුරන් ගේ ශ්‍රමය නොවේද?.

දේශපාලන පක්ෂයක් ලෙස මේ තත්වය අපද හොඳින් අත් දැක ඇති දෙයකි.සමාජ වෙනසක් වෙනුවෙන් දීප්ති ඇතුළු අප ඉතා මහන්සියෙන් වැඩ කරගෙන යද්දී දේශපාලනය මුවාවෙන් අප කරමතින් නැග තම තමන්ගේ පුද්ගලවාදී අරමුණු වෙනුවෙන්  අපේ මහන්සිය විකුණා දමමින් එයට අපෙන් පේටන්ට් ගත යුතුදැයි ආපසු අසන තක්කඩි රැසක් අපටද හමුවී ඇති බැවිනි.

අජිත් කුමාරසිරි එළියෙදී කියන අම්මගෙ රෙද්ද රූපවහිනියේ ඇතුළෙදි කියන්නෙ නැත. ගීතදේව නරුම ලෙස බේකරිය මග ඇරියේය.

හෙට තව අය විරාජ්ලා’ගේ DownTownPulse කර මතින් නැග නොයෙකුත් තැන්වලට පැන රෝස කැලෙන් ආ මහත්වරුන් සේ පෙනී හිටිනු ඇත.

සිදුවිය යුත්තේ සමාජ වැඩ ගැන කලකිරීම අධර්‍යමත් වීම නොව ශ්‍රමය මෙන්ම න්‍යා‍ය ගැන ද එකසේ විශ්වාසය තබා වඩා ති‍යුණු දේශපාලනික සවිඥ්ඥාණිකත්වයක් ඇතුව වැඩ අළුතෙන් පටන් ගැනීමය.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. දීප්ති ඇතුළු කණ්ඩායම නව දේශපාලන දැක්මක් රැගෙන ඒමට දරන ප්‍රයත්නයට මම හුඟක් කැමතියි. මම වුනත් හුඟක් දේවල් ඉගෙන ගත්ත. අලුතින් මාක්ස්වාදය ගැන හිතන්න පටන් ගත්තෙත් මේගොල්ල නිසා. ලංකාවේ තියෙන දේශපාලන කුහකත්වය ගණන් ගන්න එපා. ඉතිහාසය ඔවුන්ට පිළිතුරු දෙයි.

  2. මා දන්නා චින්තක ගීතදේව නම් එසේ මුල මැද හෝ ඉන්නා තැන අමතක මිනිසෙකු නොවේ. නමුත් එම වැඩසටහන තුල ඔහුට ඊට ඇවැසි ප්‍රවේශය සහ ඉඩ කඩ ලැබුනෙද යන්න විමසා බැලිය යුතුය. ඒසේම සාමාන්‍ය ප්‍රවාහයේ කලා කරුවෙකුගෙන් මෙන් කැමතිම කෑම, අමතක නොවන සිදුවීම්, උදව් කරපු අය පන්නයේ ප්‍රකාශ මෙවැනි කලා කරුවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැක. ඔවුන් අවස්ථාව ලැබුන විට තමා නොව තම කලා භාවිතාව ඉස්මතු කර දැක්වීමට උත්සාහ ගනී

    • ඔබ කියන්නේ කලාකරැවකුට දේශපාලන මතයක් අවශ්‍ය නැහැ කියන ලිබරල් අදහසයි. කලාකරැවා යනු සමාජ පසමිතුරැතාවයේ ඵලයක් මිස කලාවේ සාරාත්මක ඵලයක් නොවෛ්.

  3. කලාකාරයෙක්ට තියෙන්නෙ ඕනි පේක්ෂකාගාරයක්..සහ පේක්ෂකයින්…ඇතැම් කුලෑටි කලාකරුවන් පේක්ෂකයින් විසින්ම වේදිකාවලට ඔසවා තබනවා..
    නමුත් අපි මතක තියාගන්න ඕනි අර කලකාරයා ඔසවා තබන අය අර කලාකරුවාගේ හිමිකරුවන් නෙමෙයි..එහෙම අතදුන්න පිරිසක් ගැන කියනවා නම් එත නොදී බෙලි කපපු අය බැනපු කුනුහබ්බ කියපු අය ගැනත් කියන්න ඕනි..
    විරාජ්ලා එතනදි තමුන් අත්දැකපුු දේ තව අයට අත්දකින්න පොදු වේදිකාවක් හදලා දුන්නා….එතනින් විරාජ් ඉවරයි.. විරාජ්ම දැනගන්න ඕනි විරාජ් කියන්න ඉනිමගක් විතරයි..

    මම එදත් පස්න කලේ ඇයි විරාජ්ලා ඔය ඉනිමගේ කුලිය නොගත්තෙ? ඒ කිව්වෙ ඇයි විරාජ්ලා ඒ වැඩසටහනට සන්නස්ගලලාගෙන් සම්මාදම් කරලා පච වෙන්නෙ නැතිව ටිකට් එකක් ගහන්න නොගියෙ.. අනුග්‍රාහකයින් හොයාගෙන අනුග්‍රාහකයින්ට බොරු ප්‍රචාරයක් දෙනවාට වඩා ටිකට් එකක් ගහලා ටිකට් එක රුපියල් සියට විකුන්න නම් බලු වටින්නෙ නැති සන්නස්ගලගේ පොත් ස්ටොල් වලට කොන් වෙන්කරන්නෙ නැතුව සැබෑවටම සිංදුවලට ආස කරන අයට සිංදු අහන්න ලැබේවි..

    මම හිතන්නෙ බොබ් මාලේ පවා සිංදු තැටි වල ගහලා හෝ කැසට් වල ගහලා ඒවා විකුනන්න ඇති. එහෙම නොකරන එකේ තියෙන වීරත්වය මට නම් වැටහෙන්නෙ නෑ..

Comments are closed.