[dropcap color=”black”]ගූ[/dropcap]ගල් සමාගමේ ගූගල් සෙවුම් යන්ත්‍රය මගින් කරන සේවා අතිරින් භාෂා පරිවර්තනය ව්ශේෂ තැනක් ගනියි. මේ වන විට ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලම වෙනත් භාෂා වලට පර්වර්තනය කිරීමට යන්නේ මොහොතකි. ආරම්භක අවස්ථාවේ ගූගල් මගින් සපයන ලද මෙම සේවාව පැවතියේ ඉතා සරල මට්ටමකය. නමුත් මේ වන විට ප්‍රංශය,ජර්මනිය,චීන,ස්පාඥ,රුසියානු,හින්දි,අරාබි,ආදී භාෂාවන්ට ඉංග්‍රීසි භාෂාව සන්දර්භයානුකූලව පර්වර්තය කිරීමේ හැකියාව ගූලප් රෝබෝවරුන් විසින් සාර්ථකව ඉටු කරයි. ආර්ථාන්විතව පර්වර්තනයක් සදහා ගූගල් සමාගම ගත කළ කාලය ඉතා විශාල වුවත් එහි ප්‍රතිඵල මේ වන විට ලැබී ඇත.

මේ වන විට ගූගල් සමාගම මගින් ව්දේශ භාෂාවන් දෙමළ භාෂාවට පරිවර්තනය කළ හැකි මෘදුකාංග  ද අන්තර්ජාලයට මුදා හැර ඇත.

දැනට ලැබෙන ආරංච් මාර්ග වලට අනුව ඉතා නුදුරු අනාගතයේ දී සිංහල භාෂාවට වෙනත් භාෂාවන්ගෙන් පරිවර්තනය කළ හැකි මෘදුකාංගයක් ද මුදා හැරීමට නියමිතය. පසුගිය කාලයේ අපට තිබූ ප්‍රධාන චෝදනාවක් වූයේ මෙම භාෂා ගැටලුවයි. දාර්ශණිකයන් සහ දේශපාලන න්‍යායවේදීන්ව විදේශ භාෂාවන් මගින් කියවිය නොහැකි නිසා ලංකාවේ තොත්ත බබාලා සමූහයක් තඹුත්තේගම යෝධයන් බවට පත් විය. නුදුරේ දී එවැනි යෝධයන් මිචලින් බබාලා මෙන් සරල මතිකයන් වනු ඇත. දර්ශනයට,දේශපාලන න්‍යායට,මනෝ විශ්ලේෂණයට අදාලව විදේශ භාෂා වලින් ඇති දැනුම පොත් පිටින් පරිවර්තය කර සිංහල පාඨකයාට ලබා දීමට අපි අදහස් කරන්නෙමු. දැනුම සමග හස්ත මෙථුනයේ යෙදී සිටින අය ගැන මෙම ගෝලීය ප්‍රවේශය නිසා මෙලෙස කියන්නට සිදුවනු ඇත. ඉක්බිති ඔවුහූ නික්ම ගියේය! මන්ද යත් එවැනි පරිවර්තනයකදී කර්තෘ මිය ගොස් රෝබෝවරයෙකු ඊට ආදේශ වන නිසාය. අර්ජුන පරාක්‍රමට අනුව පරිවර්තනය බැරෑරුම් කටයුත්තක් වූ නමුදු එය අනාගතයේ දී සරල වැඩකි.

ඔබේ අදහස කියන්න...