සිද්ධිය 1

2010 වර්ෂයේ අගභාගයේ දිනෙක මම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගියේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් Event එකක් සදහා ස්ථානය වෙන් කර ගැනීමටය. කවුන්ටරයට ගොස් එහි කළමණාකාරවරයා හමු වී ඒ ගැන කී විගහ ඔහු කීවේ ගෝඨභය මහතා ඔහුගේ පවුලේ හිතවතකු බවය. අදියරෙන් අදියරට මා හෝටලයේ විවිධ පුද්ගලයන් හමු වු අතර ඒ සියලුදෙනා මෙසේ කීවේය. ‘ඔහු  යාළුවෙක්’ ‘ , එයා මගේ මල්ලිගේ යාළුවෙක්’,’ එයා මගේ තාත්තගේ යාළුවෙක්’.
සිද්ධිය 2
මීට සතියකට පෙර මම නැවත එම හෝටලයට ගියේ ගෝඨ මහතා වෙනුවෙන් සමුගැනීමේ සාදයක් සංවිධානය කිරීමටය. එදිනදී හෝටලයේ සියලුදෙනා කීවේ මෙසේය. ‘පිස්සුද මම එයාව හදුනන්නේ නෑ’  . එවිට මා අතීත සිදුවීම මතක් කළ විට ඔවුන්  මෙලෙස කීවේය. ‘ඒ අපි නෙවි, ඔයාට වැරදීමක්’
මේ සිද්ධිය නිසා මට මතක් වූයේ 80 දශකයේ ඉතා ජනප්‍රිය වූ මයිකල් ජැක්සන්ගේ

Billie Jean ගීතයයි. ගායක කණ්ඩායම් රැස්වෙන ශාලාවන් අසල රැස්වෙන විශේෂ සිතුම් පැතුම් වර්ගයක් ඇති තරුණියන් තමන් එම ගායකයන් හොදින් හදුනන බව සියලුදෙනාට කීවේය. තව සමහරැන් දරැවන් ලැබූ තිබුනේ ප්‍රසිද්ධ ගායකයන්ගෙනි. බොහෝ ගායකයන්ගේ මව්වරැන් ගායකයන්ට කීවේ මෙම Billie Jeanලාගෙන් ප්‍රවේශම් වන ලෙසයි. එනිසා තමයි මයිකල් මෙහෙම කියන්නේ…

බිලී ජීන් කියන්නෙ මගේ ආදරවන්තිය නෙවි
ඇය කියනව තමයි මාව දන්නව කියලා
නමුත් ඇගේ පුත් මගේ නෙවි.
එයා කියනව මාව දන්න කෙනෙක් කියලා, නමුත් එ මගේ පුතා නෙවි

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.