‘[dropcap color=”black”]මා[/dropcap]කේස් දි සාද්’ යනු මනුෂ්‍ය ලෝකයට නව සංකල්පයක් හදුන්වා දුන් ප්‍රංශ ජාතිකයෙකි. එම සංකල්පය හැදින්වෙන්නේ පරපීඩාව(sadism) යන නමිනි. එහි අර්ථය මෙලෙස විදාරණය කළ හැක. -කෘෘරකම් කර හෝ බලා සතුටු වීම. අනුන්ට හිරිහැර කිරීමෙන් සතුටු වීම කාමුකත්වක් ලෙසින් ප්‍රමිතිගත වූයේ ‘සාද්’ නම් දාර්ශණිකයාට පසුවය. සාද්ට අනුව මිනිසුන් සටන් කළ යුත්තේ තමන්ගේ පරිපූර්ණ වේදනාව සහතික කිරීමටය.මිනිස් ආශාවේ ඉලක්කය වේදනාවයි.

ඇරිස්ටෝටල් ට අනුව ජීවිතයේ නිෂ්ටාව වන්නේ සතුට කරා යෑමය. බුදුන්ගේ ජීවන දර්ශනයට අනුව ජීවිතයේ පරමාර්ථය මැදුම් පිළිවෙතයි. නමුත් කාන්ට් නම් දාර්ශණිකයාට ජීවිතයේ පරමාර්ථය යනු ජීවිතයේ අතිරික්තය හබා යාමයි. තවත් සරලව කිවහොත් කාන්ට් නම් දාර්ශනිකයාට අනුව ජීවිතයේ නිෂ්ටාව නොසතුටයි. ජීවිතය පිළිබද මෙම ආර්ථය ජනවහරෙහි කියවෙන්නේ මෙලෙසය. “හොදට ඉන්න පුළුවන්කම තියාගෙන අපාරාදේ මිනිහ විහින් විදවනව”.

සතුටෙන් ඉන්න පුළුවන්කම තියෙන ලෝකයක මිනිසුන් දුක්විදීමට පෙළෙඹෙන එක වටහා ගැනීම දුෂ්කර කටයුත්තක්. ස්ටාලින්වාදය ( සමාජවාදයේ එක ආකෘතියක්) සහ ෆැසිස්ට්වාදය කියන්‍නේ සතුට වෙනුවට වේදනාව තෝරා ගන්නා දේශපාලන මාදිලි දෙකක්. ධනවාදයට තිබෙන එකම උත්තරය සමාජවාදය නෙවි,ඒ සදහා දෙන්න පුළුවන් තවත් විකල්ප තියෙනව කියන එක නිසා ජාතිවාදය සහ ආගම්වාදය විකල්ප පිළිතුරු බවට පත් වුනා. මේ දේශපාලන මත දෙකම අපව රැගෙන යන්නේ සතුට දෙසට නෙවි වේදනාව දෙසට.

ලංකාවේ මේ මොහොත වන විට මාධ්‍ය-අයිතිකාරයෙක් කියන්නේ ‘සාද්’ නම් දාර්ශණියාගේ දර්ශනය නොදැන අනුගමනය කරන්නෙක්. ඔවුන් මහජනයාගේ සුභසිද්ධිය උදෙසා මහජනයා වෙනුවෙන් මහජන සතුට සදහා පෙනී සිටිනව. විපරිත වීම කියන්නෙත් මේකටමයි. විපරිතයෙක් කියන්නේ තමන් මැදිහත් වන අනෙක් මිනිසාගේ ‘විනෝදය’ රගදක්වන්නා කියන එකයි. ‘ලංකා ඊනිවිස්’ කියන්නේ මහින්ද රාජපක්ෂගේ විනෝදය ප්‍රසිද්ධියේ රග දක්වන මාධ්‍යයක්. මේ වගේම තමයි ‘දිවයින’ පත්තරය කියන්නේ ප්‍රභාකරන් සහ අසෝක හදගමගේ විනෝදය රග දක්වන පත්තරයක්.

අද දවස වෙනකොට ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ පුද්ගලික ජීවිතය කියන්නෙ විකිණිය හැකි වෙළෙද අවකාශයක්. අසෝක හදගමගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්ණයක් ‘දිවයින’ පත්තරයට අනුව හොදට විකුණන්න පුලුවන් අලෙවි භාණ්ඩයක්. ගැටළුව වෙලා තියෙන්නේ හදගමගේ හිටපු බිරිද අනෝමාත් ඉතා හොදට මේ ගැන දන්න එක. ඇය සතුව පවතින මෙම ‘ඉව’ (නලින් ද සිල්වාගේ ඉව ) හුවමාරු භාණ්ඩයක්. ඇයට අනුව ඇය අසෝක හදගම නම් පුද්ගලයාගේ අවිඥාණක ආශාව මොකක්ද කියල දන්නව. එපමණක් නොව අසෝකගේ දරුවන් ගේ ආශාවත් දන්නව. කිනම්ම ආශාවක් නෙවි තමන්ගේ හිටපු පවුලේ සියළුනොගේ අවිඥාණක ආශාව ගැන ඇය හොදටම දන්නව. ඇය හදගමගේ අවිඥාණක ආශාවේ අක්ෂරය දන්නව. ඇගේ සාහිත්‍ය කියන්නේ හදගමගේ අවිඥාණක ආශාව ගැන සාක්ෂරතාවයක්. ඇගේ පොත් අපි කියවන්නේ ඇය ගැන දැන ගන්න නෙවි. ඒ තුළ අපි හොයන්නේ අසෝක හදගම නම් ප්‍රසිද්ධ පුද්ගලයාගේ නිදි ඇදේ තොරතුරු ගැන. එක පැත්තකින් අසෝක හදගම විසින් කරන සිනමාව නිසා සංකේතීය සාහිත්‍යයක් බිහි වෙනව වගේම, අනෙක් පැත්තෙන් ඉහත සංකේත ලෝකය රදා පවතින අත්තිවාරම ලෙස අශ්ලීල රහස් ජීවිතයක් ඉගි කරනව. අසෝක හදගම නම් පුද්ගලයාගේ ආශාවේ copyright එක වෙන්කර ඇත්තේ අනෝමාටය.

ඉහත තත්ත්වය සමාජයේ මෙතෙක් පැවති මුඛ්‍ය මූලධර්මයක් උඩුයටිකුරු කරයි. සමාජයේ මෙතෙක් පැවතියේ ‘මාස්ටර්ගේ කතිකාවයි’. අනෝමාගේ විපරිත සමාජ භාවිතාව ( හදගමගේ විනෝදයේ උපකරණය තමන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තුළ-ස්ත්‍රිය යනු පිරිමියාගේ පාපයේ ද්‍රව්‍යමයකරණයක් යන්න මෙයින් සාධනය වෙයි. සරලව කිවහොත් හදගම විසින් නිදි ඇදේ කරන ලද පව්කාර වැඩ සමාජය ඉදිරිපිට තහවුරු කරන්නේ ස්ත්‍රියකි. මෙය සාම්ප්‍රදායික රැඩිකල් ස්ත්‍රිවාදයේ පණිවුඩය කණපිට හරවයි.) මගින් අපට සපථ කරන්නේ ‘මාස්ටර් කතිකාව’ බිද වැටී එතැනට නව කතිකාවක් ආදේශ වී ඇති බවයි. එහි නම ධනවාදී කතිකාවයි. ධනවාදී කතිකාවට අනුව අපගේ අරමුණ විය යුත්තේ විනෝදයයි. මෙම විනෝදය සොයා යෑම සදහා වෙනදා මිනිසුන් සොයා ගියේ වචන (word) නම් දැන් ඒ තැන හිමි වී ඇත්තේ පාරිභෝගික භාණ්ඩ වලටය. එකකට පසු එකක් වශයෙන් මිනිසුන් දැන් ගමන් කරන්නේ භාණ්ඩයෙන් භාණ්ඩයටය. අතෘප්තිමත් වන්නේ භාණ්ඩ ගැන මිස තවත් මිනිසුන් ගැන නොවේ. සරලව කිවහොත් ධනවාදී කතිකාව යනු අනොකාගේ මැදිහත් වීමකින් තොරව විනෝදය වෙතට ගමන් කරන සෘජු ගමනකි. ඒ සදහා අනෙකා (other) නම් විකල්ප මාවත අවශ්‍ය නැත. මාධ්‍ය හිගන්නන්ට කෑම වේලක් ලබා දෙනු ලැබේ කීවිට අනෝමාගේ පොතේ දොරට වැඩුමට සියළුදෙනා එන්නේ මේ නිසාය. දිවයින හිගන්නාගේ පාත්තරයට හදගම නම් හෙනහුරා පාත් වී ඇත. දිවයින ට හදගම සමග ඇත්තේ සතුරු සම්බන්ධයක් නොව සංක්‍රමණීය සම්බන්ධයකි.

 

500fullel mortimersalo_02salo1shocking-movies-12vlcsnap-350318

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ගේ ඇතුලෙ තිබුණෙ සෙක්ස් විතරයි. ඒකටත් කෙලින්නද ඒ ගමන ජාතිවාදියො සෙට් වෙන්නෙ? ජාතිවාදීන් හිතනවා උන්ට නැති සෙක්ස් විප්ලවවාදීන්ට තියෙනවා කියලා. දැන් ඒ ගමන මෙයාල සෙට් වෙන්නේ ජාතිවාදීන්ට නැති ඒව කාටත් නෑ කියන්න නේද? එහෙමනම් අපි කියනවා ඔව් සෙක්ස් තියෙනවා තමයි. ඒව තොපිට හම්බෙලා නෑ. ඒක හම්බෙන්නෙ සුන්නත් කළාම තමයි කියල. සිංහලයො මුස්ලිම් කාරයින්ට විරුද්ධ වෙන්නෙ උන්ට හුග වෙලාවක් සෙක්ස් කරන්න පුළුවන් කියල හිතන හින්දනෙ. හරක් මස් කන්න එපා කියන්නෙ මුස්ලිම් කාරයින්ට හොදට මෝල් වෙයි කියන බයටනෙ. ගණිකා වෘත්තිය නීතිගත කරනවට දිවයින පත්තරේ බයයිනෙ.

    එහෙනම් ජාතිවාදය සෙක්ස් නැති අයගේ ගැටළුවද? නලින්ද සිල්වාගේ ප්‍රශ්ණය සෙක්ස් නැති එකද? දෙමළාට විරුද්ධ වුණේ සෙක්ස් නැති නිසාද?

    ප. ලි
    තමන්ගෙ ගෙදර අම්මයි තාත්තයි සෙක්ස් කරන්න ඕන කියල හිතනවද කවුරුවත්? සමහර විට කන්න නම් දෙනව. මව සහ පියාව දඹදිව යවනවා වෙනුවට ඔවුන්ට සෙක්ස් කරන්න ලස්සන කාමරක් හදමු. සෙක්ස්වල අගය වැඩි වැඩියෙන් දැනේවා. සිංහලයාට බුදුබව වෙනුවට සෙක්ස්බව අත්වේවා.

Comments are closed.