චිත්‍රපට සංස්ථාවේ  සභාපති ලෙස කටයුතු කළ දීපාල් චන්ද්‍රරත්න  මහතා විෂය භාර අමාත්‍යවරයා වන රන්ජිත් මද්දුමබණ්ඩාර විසින් අද (30) දින හදිසියේ  ඉවත් කර තිබේ.  විෂය භාර අමාත්‍යවරයා ගත් මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයාට සමීප නිලධාරියෙකු පැවසුවේ, පසුගිය දිනෙක අමාත්‍යවරයා අසනීප වු විට දීපාල්  ඔහුව බැලීමට නොගිය නිසාත්, ඉකුත් දිනෙක සංස්ථා භූමියට පැමිණි ඇමතිවරයාගේ  සහෝදරයාව දීපාල් විසින් ගනන් නොගෙනීම (Don’t care) නිසාත් බවයි.

දීපාල් චන්ද්‍රරත්නට ඇමතිවරයා හමුවීමට නොහැකි පසුබිමක් ඇත. එම පසුබිම වන්නේ පක්ෂය තුළ රනිල් සහ සජිත් අතර  ගැටුම් පැවති අවධියේදි රංජිත් මද්දුමබණ්ඩාරට විරුද්ධව දීපාල් චන්ද්‍රරත්න විසින් අධ්‍යාපන සේවක සංගමය තුල විශාල අරගලයක් කිරීමයි.  දීපාල් කළ එම අරගලයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තහවුරු  විය.
ඒ අනුව බැලූ  විට අද දින දීපාල් චන්ද්‍රරත්න මහතා එම තනතුරින් ඉවත් කිරීම අගමැතිවරයා විසින් ඔහුට ලබා දුන් සුපිරි පන්නයේ ත්‍යාගයකි. මන්ද යත් සජිත් ප්‍රේමදාසට උදවු කල ශිරාල් ලක්තිලකට  සජිත් කරපු දේම රනිල්ට උදවු කල දීපාල් චන්ද්‍රරත්නටද  සිදු වී ඇත. 

ඔබේ අදහස කියන්න...