Chitral, shall we fully alienate from nature? කියල අහන්න මේ දක්වා එයාගේ ගී ත අහපුවම මට හිතුනේ නෑ. හැබැයි චිත්‍රාල් ගේ ‘විල්පත්තුවේ’ ගීතයේ හඬ පටයට සවන් දීමෙන් පසු මට මෙහෙම හිතුණා. එකක් තමයි ගීතය තවම එලියට ඇවිල්ලත් නැහැ නමුත් අපිට ඒක අන්තර්ජාලයේ අහන්න පුළුවන් වෙලා තියනවා . එකෙන් කියවෙන්නේ බුද්ධිමය දේපළ කියන එක පසු ධනවාදය තුල කොච්චර අතාර්කිකද කියන එක. අනිත් එක තමයි අපිට තවම ස්වාබවිකත්වයත් එක්ක තියෙන්නේ ‘බහි-සංසේචනය’ (extimated) වූ තත්වයක් . ඒ කියන්නේ පුර්ණ ලෙස ඛණ්ඩනයක් නැති බාහිරකරණය කළ යථාර්තය නැවත අප අභ්‍යන්තරයට ගමන් කරන තත්වයක්.  මොන තරම් ලංකාවෙන් එලියට ගියා, හාඩ් රොක් කරා, හෙවි මෙටල් කරා, පිටරට ගෑනියෙක් එක්ක හිටිය කියල කිව්වට ‘විල්පත්තුව’  ගීතයට එනකොට චිත්‍රාල් ගේ පුර්ණ ලංකික ඛණ්ඩනය සොයාගත නොහැකියි.  සමහරුන්ට එයාගේ මේ අර්ධ-බාහිර, අර්ධ-අභ්‍යන්තර තත්වය ‘රැඩිකල්’ දෙයක් හැටියට තමා පේන්නේ. ලාංකික සංගීත සන්ධර්භය තුළ බාහිර ආත්මයක දැක්ම (gaze of the other) හැටියට තමා චිත්‍රාල් ව ගන්නේ (outside-insider). නමුත් ගීතය ඇතුලේ තියෙන්නෙම ඔහුගේ ලංකාව ගැන තියන දුරස්තබව. නිකම් බලන්න මොනවා උනත් දීප්ති මේක ඇතුලෙම ගේම ගහගෙන ඉන්නවනේ චිත්‍රාල්. මේක මත්තෙමනේ එයාගේ ජිවිතේ ගතඋනේ. මේකෙන් තොලොංචි වෙලා යන්න බැරි කෙනෙක් නෙවිනේ දීප්ති කියන්නේ. අදටත් ලංකාවේ gaze එක අයිති දීප්තිට. හුගක් එවුන් කෙළින්න බලාගෙන හිටියට චිත්‍රය කියවන්න වෙන්නේ එයාගේ ඇස නම් දාරය (margin) හරහා. හැබැයි දැන්නම් කෙලින එක ගොඩක්ම අමාරුයි. ඒ ඇයි කියල පස්සේ කියන්නම්. හරි අපි බලමු ගීතය දිහා. හම ගහපු උකුස්සා, පන්සලේ අලි පැටව්, හන්දියේ බෝසතුන්  ගෙන් චිත්‍රාල් කෙලින්ම ගමන් කරන්නේ රිෂාඩ් බද්රුදීන් ගේ විල්පත්තුවට. ඒ ගමන් මගයි අර ඉරාජ් වීරරත්නගේ ‘මනුසතා’ ගමන් කරන පාරෙයි තියෙන වෙනස මොකක්ද ? 

 

චිත්‍රාල් ගේ දෙමව්පියෝ උනත් හිටියේ යම්කිසි දීශීය ජාතිකත්ව රූපයක නිසා චිත්‍රාල් ට පවා එයින් පුර්ණ ලෙස වෙන්වෙන්න අමාරු ඇති . නමුත් මම යෝජනා කරන්නේ යථෙහි පරස්පරතාවය  තුලින් පුර්ණ ලෙස සංකෘතියට ගමන් කල යුතු නම් ලාංකික්ත්වයෙන් එහි ජාතිකවාදී ස්වභාවිකත්ව සවින්ඥානිකත්වයෙන් අපි පුර්ණ ලෙස ඛණ්ඩනය වී සංස්කෘතියට ඇද වැටීමට සිදුවිය යුතුයි කියල. මොකද චිත්‍රාල් භව්තිකව (physically) ලංකාවෙන් වි-ප්‍රදේශගතවෙනවා (de-territorialized) කියලනේ හැමෝම විශ්වාස කරන්නේ . නමුත් සල්මාන් රුෂ්දි ල (Rushdie) නෛපොල් ල (Naipaul) වාගේ  නැවත අර තමන් වෙන්වූ යථාර්තයට නොස්ටැල්ජික් විදියට හෝ නරුම විවේචක දුරස්ථභාවයක් (cynical distance) තුළ පසු ගමන් කරන්න ඕනි වෙනවා නම් ඒක රෝග ලක්ෂණයක්.[Like Eric Illayapparachchi and Liyanage Amarakeerthi] දේශපාලනික බව ඇත්ත උනත් චිත්‍රාල් ගේ වියාපෘතිය තුළ තියෙන්නේ අර නරුම විවේචක දුරස්තබව.  අවසානයේ බටහිරත්ටත් නැහැ මෙහෙටත් නැහැ.  ගියා නම් ගියා . ආයේ ගිය එක ගැන වත් මෙහෙ තියන අවුල ගැනවත් මුකුත් කියන්න ඕනි නැහැ. චිත්‍රාල් ට ලංකාව ගැන කතා කරන්න බැහැ කියල නෙවි මේ කියන්නේ. කතා කරනකොට වෙන දේ ගැන.  දුර්ෂ්ටිවාදී අවුල ගැන. පරිසර හානිය, ස්වභාවිකත්වය විනාශ වෙනවා වගේ හැගීමක් තියනව මේ ගීතය ඇතුලේ. ටිකක් ඒක අර අතුරලියේ හාමුදුරුවෝ හිතන දෙයට සමානයි. බලන්නකෝ චිත්‍රාල් ACDC ලගේ බොන් ස්කොට් (Bon Scott) වගේ අය.  ඔයා  හොදටම දන්නා TNT, Highway to Hell, Money talks, If you want blood, Thunderstruck, You shook me all night long වගේ ගීත වල මොන අතීතයක් වත් ස්වාභාවිකත්වයක් වත් නැහැනේ. සම්පුර්ණයෙන්ම ආශාව තුලට ඇද වැටීමෙන් ඇතිවෙන ප්‍රමෝදය (jouissance) හැර වෙන මුකුත් ඒවගේ නැහැනේ. බලන්න බටහිර ආත්මය ඒ ගීත එක්ක කොච්චර බැදෙනවද කියල. බොරුවට ඔයාලට වගේ කෑගහන්න ඕනිද කියල අප්පුඩියක් ගහන්න කියල. මිනිස්සු කොහොමද එකතු වෙන්නේ කියල බලන්න 1985 LIVE AID කොන්සට් එකට කුවීන් (Queen) බෑන්ඩ් එක  ගහන හැටි හරි ACDC ලගේ ප්‍රසංගයක් හරි බලන්න.  කුවීන් කියන්නේ මම නම් හිතන්නේ බටහිර ප්‍රමෝදයේ ප්‍රකාශනය. හැබැයි ඒ වගේ තව ගොඩක් අය ඉන්නවා.

 

අප්පුඩියක් ගස්සා ගන්න, ලාංකික ආත්මය පොළබවා ගන්න කොච්චර කැ ගහනවද ලංකාවේ සංගීත සංදර්ශන වල. ලංකික විප්ලවවාදීන් වගේම උනුත්  පව් චිත්‍රාල් (විප්ලවය කරපු හැටි හොද නෑ මිනිස්සු මැරුණා කියල විප්ලවවාදීන්ගේ පස්ස නැති කරනවා මේ දවස්වල ලංකා ඊ නිව්ස් කාරයා. ඊ නිව්ස් කාරයා දන්නේ නැහැ ආපතිකභාවය කියන්නෙම නොහැකියාවෙන් අවශ්‍යතාවයට ගොඩ එන්න තියන එකම මාර්ගය කියල = contingency is a corridor from impossibility to necessity). බෑන්ඩ් කාරයෝ දියුණු වෙන්නෙත් නැ. ලාංකිකයෝ දියුණු වෙන්නෙත් නැ. දෙන මොනවා හරි සංගීතයක් සුබසාදක වරප්‍රසාද වගේ. කොහාටදෝ යනවා මකර කටට යනවා වගේ. ගියාට පස්සේ මොනවා වෙනවද කියල දන්නේ උන්ම තමයි. Aerosmith ලගේ ස්ටීව් ටයිල (Steve Tyler) I don’t want to miss a thing, Dream on, Loving in Elevator වගේ සින්දුවක් කීවට පස්සේ කොච්චර කෙල්ලෝ කොල්ලෝ කැ ගහනවද… බොන් ජෝවී (Bon Jovi) ගේ Bed of Roses, Livin’ on a prayer හරි Guns N’ Roses ලගේ November Rain, Sweet child o’ mine, Don’t cry වගේ නම් උන් මැරෙන්න හදනවා. ඇත්තටම උන් ආදරෙයි ඒ ගායකයින්ට. උන්ගේ වර්තමානයත් එක්ක ඒවා ඇත්තටම බැදිලා තියනවා. මොකද උන් ඇත්තටම ආදරය කරන දෙය සහ ආශාව එක්ක දුරස් බවක් නෑ. මරණය කරා දික්වූ එම ආශාවේ ප්‍රමෝදය උන්ට තේරෙනවා.

 

අතීතයේ නටබුන් විනාශ කරන්න යනවා කියන්නේ අතීතයෙන් වෙන්වෙන්න බැහැ කියන එක කියල ජිජැක් කියන්නේ ඒකයි (නිකම් හිතන්න පැරණ x කණ්ඩායමේ අයට වෙලා තියන සන්තෑසිය ). ISIS කාරයෝ උනත් මේ රෝගයෙන් තමා පෙළෙන්නේ. නමුත් මේ කණ්ඩනය අවශ්‍ය වෙනවා අපි අනාගතයට යනවා නම්. ‘වන සතුන් ගැවසේ නගරයේ’ යන්න ඇත්ත උනත් අපි පුර්ණ ලෙස නගරයට යමුද ග්‍රාමීය-ප්‍රාදේශීය කොටස් අත් ඇරදා කියල මට හිතෙනවා? ඒවා වන්නන්තර ලෙස  අත් ඇරලා දාමු. අපි තිරස් අතට වර්දනය වෙන එක නතර කරමු අර යානිස් වරෆාකිස් කියනවා වගේ. දීප්තිත් ඔය අදහස කියල තියනව. මොනවටද අපි ආයෙ විල්පත්තු යන්නේ? විල්පත්තුව බේර ගන්න තියෙන හොදම දේ අර ජිජැක් කියනව වගේ එයින් පුර්ණ ලෙස ඉවත් වෙන එක. තෝරාගත් කොටස් වල පමණක් නාගරික නිවාස සංකීර්ණ හදමු අර මැලේසියාවේ වගේ. ඒ වටා අනික් දේවල් ගොඩ නගමු. යටිතල පහසුකම් දෙන්නත් ලේසියි. ඔය කියන සත්තුත් අවුලක් නැතුව ඉදිවී. ප්‍රාදේශීය සංවර්දනය තනිකරම ලංකාවේ අවූලක්. බලන්න අර හම්බන්තොට කැලේ  හදපු දේවල්. කිසි වැඩක් නැනේ. ප්‍රදේශිය විශ්ව විද්‍යාල සම්පුර්ණයෙන් අවුල්. ගුරුවරු එන්නේ නැහැ. සම්පත් නැහැ. අඩු තරමේ සමහර විශ්ව විද්‍යාල වලට වතුරවත් නැහැ. නමුත් ශිෂ්‍යයෝ ඒවා වෙනුවෙන් බොරුවට මැරෙන්න හදනව දේශපාලන වාසි ගන්න තමන්ගේ පක්ෂ වලට. විශ්ව විද්‍යාල හුදකලා වෙලා තිබුනාම ඒවා තනිකර දේශපාලන වැඩ බිම් වෙනවා. කේන්ද්‍රයේ දැක්ම (gaze) අහිමි වෙනවා. ජිජැක් කියනව වගේ අඩු තරමෙන් එක දෙයක් වත් අපි හරියට කරන්න ඕනි විශ්වීය භාවයක් තියනවා (universalism) කියල පෙන්නන්න වත්. එකයි එයා කියන්නේ ඔබාමා කෙයා (Obama Care) හොද දෙයක් කියල. ලංකාවේ ඒකට තියන හොදම දෙය අධ්‍යාපනය. ඒක කරන්න බැහැ කුසීත ගුරු හා පරිපාලන පන්තියක් සහ කඩාකප්පල්කාරී ස්ටලින්වාදී දේශපාලන පක්ෂයක වැඩ නිසා. සබරගමුව වගේ විශ්ව විද්‍යාලයක ස්වභාවිකත්වය කියන්නේ බහි-සංසේසිත තත්වයක් (extimated condition). බැලු බැල්මට ලස්සන වගේ පේනවා. ආදර කන්ද තියනවා. ඒක නගිනවා. පස්සේ ඒ කන්ද නාය යනවා. නැත්නම් ළග කන්දක ලොකු නායක්  ගියාම වගේ ස්වාභාවිකත්වය ‘යථක්’  (the Real) විදියට ඉස්මතු වෙනවා (Jaws චිත්‍රපටිය වගේ). පසුව නොසැලකිල්ල මත එහි යථ අමතක කරනවා. ප්‍රශ්න ටික ඒ විදියටම දිගටම තියනවා. ගමේ අයට වාසි නිසා ඒ අය කැමති ප්‍රාදේශීයවාදය තුල ඉන්න. හැබැයි ස්වභාවිකත්වයෙන්  රැඩිකල් ඛණ්ඩනයක් නැති නිසා හැමදාම එක තැන.

 

එකම දුක නාගරික චිත්‍රාල් මේ ඛණ්ඩනය ගැන කිසි දෙයක් නොකියන එක. එතන තමයි ඔහුගේ දුරස්තබාවය තියෙන තැන. ‘ස්වාබාවිකත්වය නොපවතී’ කියල තමයි ජිජක් පටන් ගන්නේ. ‘නව පරිසර ප්‍රශ්න වලට එකම විසදුම ලෙස ස්වභාවිකත්වය නොපවතී’ කියල හිතන එකෙන් පටන්ගමු කියල ඔහු කියන්නෙ. ස්වභාවිකත්වය කියන්නෙම මහා අවුලක්. කලකට පෙර සිදුවූ විනාශයක ප්‍රතිපලයක් තමයි අද අපිට ලස්සන හෝ ස්වබාවික සම්පත් ලෙස දක්නට තියෙන්නේ. ලස්සන කන්දක් මත දේවල් තීරණය කරන්න බැහැ. ලෝකාන්තෙට ගියාට වැඩක් වෙන්නේ නෑ.  විල්පත්තුව බේරනවා කියල එකක් නෑ. අපි එතනින් සදහටම අයින් වෙමු. අතීතකාමී නොවී ඉමු. ආයේ නොයා ඉමු. බද්රුදින්ටත් යන්න කියමු අනන්‍යත්වය දෙසට නොවේ නාගරිකත්වය දෙසට. විශ්වීයත්වය දෙසට. මහා ජාතිය අනන්‍යතා අර්බුදයක ඉන්න කොට කොහොමද සුළු ජාතීන්ට කියන්නේ විශ්වීයත්වය ගැන? එකයි ප්‍රශ්නේ. පාර්ලිමේන්තුවේ ගුටි ඇන ගන්න එවුන් ගෙන් විශ්වීයත්වය ලැබෙයිද? චිත්‍රාල් ගේ ගීතය අසන ගමන්ම  ‘ස්වාබවධර්මය යනු උමතුවකි. ස්වභාවිකත්වය අබිබවා මිනිසා යම් සර්වබලධාරී ගතිකයක් අත් පත් කරගනිමින් පවතී. අප තාක්ෂනය දෙසට ගමන් කල යුතුයි. එය විවුර්තව වැළද ගත යුතුයි. අප ඉවසිලිවන්තව ශක්තිමත් සමාජ විනයක් ඇතිකර ගත යුතුයි. ස්වාභාවික්ත්වයෙන් ඉවත් වනවා සේම අප ඇමෙරිකානු පාරිබෝගිකත්වයෙන්ද ඉවතට ගමන් කල යුතුයි’ යන ජිජැක් ගේ ඉගැන්වීම ගැන ද ගැබුරෙන් සිතා බැලිය යුතුයි.

 

මහේෂ්

https://www.youtube.com/watch?v=6GCgmDSIU-4

https://www.youtube.com/watch?v=DIGeDAZ6-q4

Attachments area

Preview YouTube video Wilpattuwe – Chitral ‘Chity’ Somapala (විල්පත්තුවේ – චිත්‍රාල් සෝමපාල)

Preview YouTube video Slavoj Zizek – Nature does not exist

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. සෑහෙන්න සිතන්න යමක් ඉතිරි කරනවා මේ ලිපිය තුල. සමහර විට විල්පත්තු රැක ගැනීම කියල නිත් අය කරන පොස්ට් වලට මමත් ලයික් දානවා . ස්වභාව ධර්මය රැක ගත යුතුයි නේද කියල. නමුත් ඇත්තටම බදුර්දීන් වුනත් මෙහි සිර කරුවෙක්.

  2. තෝ මොනවද විල්පත්තුව ගැන දන්නෙ. කැලේ ඉන්න සත්තු තොගෙ අම්මගෙ හුත්තෙද ඉන්නෙ පකෝ. සක්කිල් වේසිගෙ පුතාට අප්සට් එක මේකෙන් මෛත්‍රීයට කෙලවෙන හින්දද? තොපේ දීප්තිට රට නෙමේ යන්ඩ වෙන්නෙ. අඩි හයක් යටට. ඊලග වතාවෙ සිංහ‍ලයො සෙට් වෙනකොට රටට හුකන්ඩ ආපු කැරියො ටිකට බුදු සරණයි. පෙටා වල බස්ටෑන්ඩ් එකේ පොදු වැසිකිලියෙන් ගූ ඉල්ලන් කාපන් හුකන්නා.

Comments are closed.