ඩිල්ෂාන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පක්ෂයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර ආතතිය පිළිබඳ අදහස් දැක්වීම හදාරන ලද අයට එහි ඊළඟ පියවර ගැන කුතුහලයක් ඇති වීම වැළැක්වීමට නොහැකි ය. නමුත්, ලෙනින් කී පරිදි, අපි ඩිල්ෂාන් සමඟ පියවරක් ඉදිරියට තබා පියවර දෙකක් පසුපසට තබමු. ලංකාවේ ජනගහණයෙන් 52% ක් අයත් වන්නේ, ස්ත්‍රී කාණ්ඩයට ය. නමුත්, ඔවුන් දේශපාලනය දෙස බලන්නේ, පිළිකුලකිනි. ඊළඟට දේශපාලනයට සම්බන්ධ ස්ත්‍රීන් යනු, පිරිමින්ටත් වඩා දූෂිතයින් ය. ඒ අප පියවරක් පසුපසට තැබිය යුතු ස්ථානයකි. තව පැත්තකින් බැලූ විට දී, දේශපාලනයට අදාළව අදහස් දක්වන සහ ක්‍රියාකාරී වන බහුතර පිරිමින් හැදෑරීමට කාලය වෙන් කරන්නේ නැත. ලිබරල්වාදීන් යැයි කියන අය ප්‍රවෘත්ති, චරිත කතා, ඕපාදූප හැර අන්‍ යමක් කියවන්නේ නැත. මෙතැන දී, අනුර කුමාර, කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, පාක්‍යසෝති සරවණමුත්තු එකපෙළට සිට ගනිති. මේ, අප පියවරක් පසුපසට තැබිය යුතු තවත් ස්ථානයකි.

                 චිත්‍ර ප්‍රදර්ශනයට මෙන්ම ඩිල්ෂාන්ගේ පක්ෂය පිළිබඳ ප්‍රවාදය සඳහා ද සාධාරණ වන සිනමා කෘති 3 ක් මම පහත පෙළගස්සමි. මේ චිත්‍රපට 3 ම අධ්‍යක්ෂණය කර ඇත්තේ, මයිකල් හැනකි නම් යුරෝපීය අධ්‍යක්ෂවරයා විසිනි.

 

1.Benny’s Video  –   බෙනීගේ වීඩියෝව.

2.Funny Games –  මිනිස් සබඳතා සමඟ සෙල්ලම් කිරීම.

3. Piano Teacher –  පියානෝ ගුරුවරිය.

 

            ඉහත චිත්‍රපට තුනට අදාළව විචාරකයන් දක්වන පොදු රූපකය වන්නේ, ග්ලැසියර දිය වී යාමයි. මේ චිත්‍රපට තුන මඟින් වෙළෙඳපොළ මූලධර්මය තහවුරු වීම සහ පරමාදර්ශ දිය වී යාම පෙන්නුම් කරයි. සරලව කිවහොත්, මුළු මහත් සමාජ දේහයම කාල-අවකාශ භේදය නොතකා පශ්චාත්-නූතනකරණය වී ඇති බව ඉහත චිත්‍රපට තුන මඟින් ගම්‍ය වෙයි. පළමුවෙන්ම කිව යුත්තේ, පශ්චාත්-නූතනවාදය යනු, සෞන්දර්යාත්මක (ඉන්ද්‍රිය සංවේදනයට අදාළ) විලාසිතා ගොන්නක් බවයි. පශ්චාත්-නූතනවාදයට කාලානුරූපයක් මෙන්ම සමාජ ව්‍යුහයක් ද ඇත. අප මෙහිදී පශ්චාත්-නූතනත්වය සහ පශ්චාත්-නූතනවාදය වෙන්කර ගත යුතු ය. පළමුවැන්න ඓතිහාසික යුගයක් නිරූපණය කරන අතර දෙවැන්න විලාසයකි. පශ්චාත්-නූතනත්වය යනු, රීගන්- තැචර්- ජේ ආර් යුගය මඟින් බිහි කළ ආර්ථික නිර්බාධීකරණයේ ඵලයකි. මෙම නිර්බාධීකරණයේ ප්‍රතිඵලයක් ලෙස, සන්නිවේදනය, තාක්ෂණය, කලාවේ ආකෘතිය සහ අවසන් වශයෙන් දවසේ ජීවිතයට අලුත් ඛණ්ඩනයක් හිමි විය. 

          80 දශකයේ දී මීට ප්‍රතිචාර වශයෙන්, ජාතිකවාදය හට ගත් පසුව 90 දශකයේ දී ජාතික මතවාදය හෙජමොනික විය. නමුත්, මෙම ජාතිකවාදය පශ්චාත්-නූතන එකක් මිස පැරණි ජීව විද්‍යාත්මක ජාතිකවාදයක් නොවේ. ජාතිකවාදයේ නව ස්වරූපය වූයේ, ආධ්‍යාත්මිකවාදයකි. එය, ආගම සමඟ බද්ධ වූයේ ද එම නිසා ය. ධනවාදී නූතනත්වයේ වියුක්ත තර්කනය හමුවේ, ආත්මය අතීත වේදනාවකට ලක් වීමක් ලෙසින් තත්වය හඳුනාගත හැකි ය. ඒ අනුව, ධර්මපාලගේ ජාතිකවාදය නූතනත්වයේ බැරෑරුම් ආකෘතියක් නම් නලීන් ද සිල්වාගේ ජාතිකවාදය ඕනෑම පාදඩයෙකුට විනෝදයක් ලබා ගත හැකි, ඒ සඳහා පාවිච්චි කළ හැකි මෙවලමකි.

              ඩිල්ෂාන් නොදුටු පැත්තක් මම දැන් පෙන්වමි. 2004 සිදුවීමේ දී සහ 2014 සිදුවීමේ දී මා දුටු පොදු ලක්ෂණයක් ඇත. එනම්, විමතිකියන්ගේ මුහුණයි. මෙය, එම්මෑනුවෙල් ලෙවිනාස්ගේ අනෙකාගේ මුහුණ කෙරෙහි වූ අසීමිත විවෘතභාවයට විවේචනයකි. ලෙවිනාස්ට අනුව, අනෙකාගේ මුහුණ යට ඇති අභිරහසට දිව්‍යමය සාරයක් ඇත. නමුත්, මනෝ විශ්ලේෂණයට අනුව, එවැන්නක් නැති අතර අප අනෙකාගේ මුහුණට තැලෙන්නට පහර දිය යුතු ය.

        2004 සිදුවීමේ දී මා සහ තවත් කිහිපදෙනෙකුට හැර ”වෙනත් අයට” සිදුවීමෙන් කම්පාවක් ඇති වූයේ නැත. එසේ, කම්පා වන්නෙකු අදටත් මා දැක නැත…..

Deepthi.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0777189471.

Nuwan – 0715324110.

Buddika – 0777189506.

Mihiran – 0777189465.

 

   චිත්‍ර ප්‍රදර්ශනයේ කාලසටහන පහත පරිදි ය.

 

1. යථාර්ථය සහ එහි අසහනයන්.

2. දැක්මේ දේශපාලනය.

3. කලා කෘතිවලින් අපේක්ෂිත අධි  ක්‍රියාකාරීත්වය සහ අපගේ අන්තර් අක්‍රියාකාරීත්වය.[inter passivity]

4.  චිත්‍රය ජාතික උපමා කතාවක් ද?   

+++++++++++++++++++++++++++++++++++++++++++

ගමෙන් නගරයට පැමිණ චිත්‍ර ශිල්පීන් බවට පත්වූවන් පසුව දාර්ශනිකයන් වීමට යාම නිසා මෙරට චිත්‍ර ශිල්පීන් විශාල ලෙස නැති විය. ඔවුන් ට නාගරිකයන් වීමට හෝ ගැමියන් වීමට නොහැකි විය. ඔවුන් ගන්ධබ්භ ආත්මීයන් බවට පත්විය. චිත්‍ර කලාව ඉදිරියට හෝ පසුපසට හෝ යනවා වෙනුවට කලාවක් ලෙස ක්ෂණිකව වදවීයාම උරුම කරගැනීමට චිත්‍ර ශිල්පීන් ට සිදු විය. තව දුරටත් දෛනික පුරුද්දක් ලෙස චිත්‍ර ඇදීම වලංගු වන්නේද නැත. අවශ්‍ය වන්නේ තමන්ගේ මනෝ විද්‍යාව චිත්‍රයකට නැගීම යි. යථාර්ථවාදී චිත්‍ර කිසිවකුට අවශ්‍ය නොවේ. එසේ නම් එවැනි චිත්‍ර කිසිවක් නොදන්නා පහළ පංතියේ නිවාස අලංකරණය සදහා පමණක් දිය හැක. මර්දනය නොමැති තත්‍යසමාන ලෝකයක ජීවත් වන මිනිසාට යථාර්ථය තමන් අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා යථාර්ථය අත්විඳීමට ඕනෑම අයෙකුට හැකිය.
ඔබගේ සංකල්පයන්ගෙන් චිත්‍ර ඇද ඵලක් නොමැති නිසා සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර සහෝදරයා විසින් ඔබව නව සංකල්ප බාවිතා කරමින් චිත්‍ර පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමට සියල්ල සූදානම් ව ඇත.


ඒ අනුව පහත සදහන් දිනයන්හි දී මහරගම තරුණ සේවා සභාවේ දී එම වැඩමුළුව පැවැත්වීමට සියල්ල සූදානම් ව ඇත.

ඒ සඳහා චිත්‍ර ඇදීමට පළපුරුද්දක් සහිත චිත්‍ර ශිල්පීන් හට මීට සහභාගි විය හැක.

2022.02.12 (සෙනසුරාදා)


පෙ.ව. 10.00-12.00 දක්වා


2022.02.14(සදුදා)


ප ව.3.00-5.00


2022.02.19(සෙනසුරාදා)

පෙ.ව. 10.00-12.00 දක්වා


2022.02.21(සදුදා)


ප.ව.3.00-5.00 දක්වා

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. / 2004 සිදුවීමේ දී මා සහ තවත් කිහිපදෙනෙකුට හැර ”වෙනත් අයට” සිදුවීමෙන් කම්පාවක් ඇති වූයේ නැත. එසේ, කම්පා වන්නෙකු අදටත් මා දැක නැත//ඒකට හේතුව ලෙස මම දකින්නේ දීප්ති ඕනෑවට වඩා පක්ෂයේ නිදහස දීමත් (x කණ්ඩායමේ) සාමන්‍යයෙන් විශ්ව විද්‍යාල කාලේ ඉගෙන ගත්ත ය උපාධි, පී එච් ඩී ගත්ත අය ඒ ලෙවල් විතරක් කරපු (මේක මට කෙනෙක් කිව්ව දෙයක් මම හොයල නැහැ) දිප්තිව ඊට පස්සේ ගණන් නොගැනීම. මේක ලංකාවේ තියන ඛේදනීය තත්වයක්. විජේවීර භාගෙට අධ්‍යාපනය අත හැරලා ගිය සම්ප්‍රදායේ ඉන්න අවසන් දෙන්න මම හිතන්නේ කුමාර් ගුණරත්නම් සහ දීප්ති. ඉස්සර වගේ ඒ සම්ප්‍රදායට දැන් කවුරුත් ගරු කරන්නේ නැහැ. ලංකාවේ “ඊනියා උගත්තු” හැසිරෙන විධිහ අනුව මට තේරෙන්නේ එහමයි. දෙවෙනි හේතුව දීප්ති ඒ කලේ හැසිරුනේ ටිකක කෘෂෙව් හෝ ගොර්බචෝව් වගේ. ඒ ග්ල්ලෝ නිදහස් දුන් ආකාරයට කැඩිලා යන සම්භාවිතාව වැඩියි. ලෙනින් ගැහුවේ වෙන ගේමක් නේ. ඒ ඒ කොටස් වල නායකයට ඒ ඒ කොටස් පක්ෂයි. නායකයෝ ටික ලෙනින් ට පක්ෂයි.

Comments are closed.