මිනිසා අන් සත්වයන්ගෙන් වෙනස් වන ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ මලපහ සම්බන්ධයෙන් වෙනත් සතුන්ට නැති ප‍්‍රශ්නයක් මිනිසාට පැවතීමයි. මිනිසා තමන්ගේම ශරීරය තුළ සිට ඉවතට යන ‘අපද්‍රව්‍ය’ ආත්මීය වශයෙන් සලකන්නේ ලැජ්ජාව මුසු හැඟීමකිනි. මලපහ තම ශරීරයෙන් පිටතට ගිය වහාම ඒවා අතුරුදන් වන්නේ නම් එය මිනිසාගේ භීතියට එක පිළියමකි. ලෝකයේ හොඳම මලාපවන පද්ධතිය උත්සාහ කරන්නේ මිනිසාගේ මලපහ හැකිතාක් වේගයෙන් අතුරුදන් කිරීමටය. ධම්මික පෙරේරාගේ මලපහ පෝච්චිය මෙතරම් ජනප‍්‍රිය වී ඇත්තේ මේ නිසාය.
ධනවාදයේ සංවර්ධනය සමඟ කුටුම්භය සහ සමාජය ද තමන් ඉවතට දමන කැලිකසළවලට කුමක් කරන්නේද යන්න නොදනියි. මිනිසා සහ සමාජය වඩ වඩා ධනවාදී වන විට ඔවුන්ගෙන් ඉවතට යන අපද්‍රව්‍ය : Garbage – මිනිසා අන් සත්වයන්ගෙන් වෙනස් වන ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ මලපහ සම්බන්ධයෙන් වෙනත් සතුන්ට නැති ප‍්‍රශ්නයක් මිනිසාට පැවතීමයි. මිනිසා තමන්ගේම ශරීරය තුළ සිට ඉවතට යන ‘අපද්‍රව්‍ය’ ආත්මීය වශයෙන් සලකන්නේ ලැජ්ජාව මුසු හැඟීමකිනි. මලපහ තම ශරීරයෙන් පිටතට ගිය වහාම ඒවා අතුරුදන් වන්නේ නම් එය මිනිසාගේ භීතියට එක පිළියමකි. ලෝකයේ හොඳම මලාපවන පද්ධතිය උත්සාහ කරන්නේ මිනිසාගේ මලපහ හැකිතාක් වේගයෙන් අතුරුදන් කිරීමටය. ධම්මික පෙරේරාගේ මලපහ පෝච්චිය මෙතරම් ජනප්‍රිය වී ඇත්තේ මේ නිසාය.
Girls carry bags of plastic items and ti...Girls carry bags of p
අපේ ඇසට සහ මනසට නොපෙනෙන පරිදි අපගේ පරිභෝජනයේ ඵල අන්තස්දාන වන්නේ නම් එය අප සැමගේ ප‍්‍රාර්ථනාවයි. ඊළඟට එන ගැටලූව වන්නේ මිනිසාගේ කුණු ගොඩවල් අතුරුදන් කරන්නේ කොහේද යන්නය. උදාහරණයක් ගතහොත් කොළඹ නගරයේ අධික පරිභෝජනයේ ප‍්‍රතිඵලයක් ලෙස උත්පාදනය වන ටොන් ගණන් කුණු ගොඩවල් අපට කොළඹ පොහොසත් මිනිසුන් සහ පොහොසත් සමාගම් පවතින බාන්ස් පෙදෙස, ෆ්ලවර් පාර, කුරුඳුවත්ත, කොල්ලූපිටිය, කොළඹ කොටුව, යූනියන් පෙදෙස ආදී තැන්වල තැන්පත් කළ නොහැකිය. ඒ සඳහා අපට තෝරා ගැනීමට සිදු වී ඇත්තේ ජනයා පදිංචි නොවූ ජනශූන්‍ය ස්ථාන ය. කොළඹ නගර සභාව ද අනුගමනය කරන්නේ මෙම සම්මත ක‍්‍රමයයි. එසේ නම් දැන් අපට තාර්කික ප‍්‍රශ්නයක් මතු කළ හැකිය.
යෝධ කුණු කන්දවල් කඩා වැටීම නිසා මිනිසුන් විශාල ගණනක් මිය ගොස්, බොහෝ දෙනකුගේ නිවාස විනාශ වී යන්නේ මන්ද? 
කුණු කඳු සොයාගෙන ඒ අවට කරා හැරී ජයවර්ධන හෝ සුමල් පෙරේරා බඳු ධනපතියන් ගමන් කරන්නේ නැත. එසේ නම් සමකාලීන යුගයේ දී චිත‍්‍රපට නිළියකට වඩා කුණු කන්දක් අපගේ ආකර්ෂණය දිනා ගන්නේ මන්ද? මහජන මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය දැන් ‘සියත’ නාලිකාවේ උදේට පුවත්පත් කියවීමට එයි. තවත් සමහර මානව හිමිකම් ක‍්‍රියාකාරීන් ද හිමිදිරියේ නැඟිට අප වෙනුවෙන් පුවත්පත් කියවීම සඳහා විවිධ නාලිකාවලට සැපත් වෙති. අද දවසේ මහජන මන්ත‍්‍රීකම්වලින් සහ මානව හිමිකම්වලින් අපගේ ආශාව ඉවත් වී ඇත. අද මේ අය දෙස කිසිවකු නැවත හැරී බලන්නේ නැත. මන්ද එම තනතුරු, පරමාදර්ශ ධනවාදය විසින් අපද්‍රව්‍ය බවට පත් කරනු ලැබ ඇති නිසාය. අනෙකාව සහමුලින් අමතක කර ඇති යුගයක ‘ආත්ම රාගය’ හැර අන් සියල්ල කුණු කඳු බවට පත් වී ඇත. එනිසා මහජන මන්ත‍්‍රී, චිත‍්‍රපට නිළිය, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයා යන තනතුරු ද කුණු ගොඩවල් බවට පත් වී ඒවා අලූත් වටයකින් ආකර්ෂණයට ලක් වෙමින් පවතියි. ඒ අර්ථයෙන් ගත් විට ලංකාවේ පළමු වරට කුණු යනු උත්කර්ෂවත් දෙයකි. මිනිසකුට තව මිනිසකු ආකර්ෂණය වන්නේ එම පුද්ගලයා කුණු ගොඩක් වීමෙන් අනතුරුවය. අපට අපගේ අනෙකා තුළ තවදුරටත් අබිරහසක් නැත. අනෙකා හිස්ය. එබැවින්ම අනෙකා මහා කුණු කන්දකි. මේ කුණු කන්ද ප්‍රතිජනනාත්මක ලෙස අපගේ ආශාව ද කුළු ගන්වයි.
garbage 2
පොහොසත් මිනිසුන් අසලටවත් යන්නේ නැති කුණු කඳු වෙතට දුගීන් සහ පහළ මැද පන්තිය ගමන් කරන්නේ මන්ද යන කාරණය දැන් ඔබට පැහැදිලි ඇතිවාට සැකයක් නොමැත. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ අදහස මෙතනට අදාළ කරන්නේ නම් අප අසලට කුණු කන්ද එන්නේ නැත. අපි කුණු කන්ද සොයාගෙන යන්නෙමු. කුණු කන්දට අප ගැන ආශාවක් නැත. නමුත් කුණු කන්දට අපි ආශා කරන්නෙමු. දැන් ප‍්‍රශ්නයක් ඇත. මේ විශාල කුණු කන්ද මඟින් සමාජ අසාධාරණයක් ප‍්‍රකාශයට පත් වන්නේ නැතිද? මේ අර්ථයෙන් ගත් විට කුණු කන්දකින් ප‍්‍රකාශයට පත් වන්නේ සමකාලීන පන්ති අරගලයයි. මේ හේතුව නිසා මෙම ප‍්‍රශ්නයට නිශ්චිත විසඳුමක් ලබා දීමට නොහැකිය. මන්ද කුණු කඳු නැති තැන සමාජයට, දේශපාලකයන්ට, මාධ්‍යවේදීන්ට පැවැත්මක් නැති නිසාය. කැලිකසළ හෝ ශරීරයට අහිතකර අපද්‍රව්‍ය විද්‍යාත්මක වශයෙන් තැන්පත් කරන්නේ ජනාවාසවලින් ඈත හිස් ඉඩම්වල ය. නමුත් දුප්පත් මිනිසුන්, විවිධ දේශපාලකයන් [ජාතික සහ පළාත් සභා], අබාන්ස් බඳු පෞද්ගලික සමාගම්, විවිධ ආකාරයේ මාධ්‍යවේදීන්, පාතාල චණ්ඩි, සෞඛ්‍ය සේවකයන්, සහන සේවකයන් යනාදීන් ‘ප‍්‍රාග්ධනය’ [Capital – කුණු නම් දෙයට ඔට්ටු අල්ලා මුදල් හම්බ කිරීම] සොයා ගැනීමට කුණු කඳු සංකීර්ණ ගවේෂණය කරයි. මේ ගවේෂකයන්ගේ ගැටුම, අන්තර් විනිවිදීම සහ සමතික‍්‍රමණය හරහා කුණු කන්ද ‘පන්ති අරගලය’ නම් සැබෑව බිහි කරයි. මේ සැබෑව නූතන ගෝලීයකරණය තුළ විනෝද සාධකයක් වී ඇත. මෙම විනෝද සාධකය හඳුනා නොගෙන අපටම ලැජ්ජා හිතෙන කුණු කඳු ප‍්‍රශ්නය විසඳිය නොහැකිය. දැනට අප කරන්නේ කුණු කන්ද හරහා විනෝද වීම පමණි. 
Final Editorial

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. කියල කට ගන්න හම්බුනේ නෑ නිලියක් කුණු නිසා ප්‍රසිද්ධ උනා

Comments are closed.