ජනමාධ්‍ය පිළිබඳ වන විශ්වීය නිර්වචනය වන්නේ ”යම් සිදුවීමක් අළලා යථාර්ථය නැවත ප‍්‍රතිප‍්‍රබන්ධගත කරමින් විවිධ දෘෂ්ටිවාදයන් මෙහෙය වන ආයතන ගොන්නක්” යන්නයි. මේ නිර්වචනය ඉදිරිපත් වීමෙන් පසු මාධ්‍ය ආයතන විසින් ජනතාව වෙත සංසරණය කරනු ලබන තොරතුරු කෙතරම් නිවැරැුදිදැයි මැන ගැනීමට මිනුම් දණ්ඩක් ලෝකයේ බොහෝ රටවලට අවශ්‍ය විය. මෙම තත්ත්වය ශ‍්‍රී ලංකාවට අදාළ කරගෙන පවසන්නේ නම්, යම් සිදුවීමක් වාර්තා කිරීමේ දී ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු එක් මාධ්‍ය ආයතනයක් තවත් මාධ්‍ය ආයතනයකට වෙනස් වන්නේ ඇයිදැයි යන්න, සිහි-බුද්ධිය ඇති අයෙකුට ප‍්‍රශ්නයක් විය යුතුය.

ඉකුත් දිනක වැල්ලවත්ත ප‍්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කඩා වැටීම නිසා පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තවත් පිරිසක් තුවාල ලැබූහ. සිදුවීම වාර්තා කළ මාධ්‍ය වාර්තා බොහොමයක සඳහන්ව තිබුණේ එම ගොඩනැඟිල්ලේ තට්ටු සංඛ්‍යාව පිළිබඳ විවිධ සංඛ්‍යා ලේඛනය. එමෙන්ම එම සිදුවීම අදාළ විවිධ කතන්දර මාධ්‍ය ආයතන විසින් ඉදිරිපත් කර තිබිණි. මෙම කතන්දර ගොඩනැඟීම සඳහා මාධ්‍ය ආයතනවලට සිදුවීමට අදාළ විවිධ තොරතුරු අවශ්‍ය වේ. ඉන්පසු ඔවුහු එම තොරතුරු උපයෝගී කරගෙන විවිධ කතා නිර්මාණය කර පාඨකයන්ට විකුණති. එක් අතකින් තොරතුරු දැන ගැනීමේ ආශාව ජනතාව තුළ පවතින අතර තවත් අතකින් එම තොරතුරු විකුණා විශාල ලාභයක් රැුස්කර ගැනීමට මාධ්‍ය ආයතන හිමිකරුවන්ට හැකි වී තිබේ. [මේ කාලයේ වැඩියෙන්ම ලාභ උපයන්නේ Facebook සමාජ ජාලයේ හිමිකරු වන ඇමරිකන් ජාතික මාර්ක් සකර්බර්ග් බව නොදැන බොහෝ දෙනා Facebook තුළ ගිලී තව තවත් ඔහුට ධනය රැුස්කර දෙති.] දිනපතා පුරුද්දට පුවත්පත් කියවන සහ විද්‍යුත් මාධ්‍ය පරිහරණය කරන ඔබට සම්පේ‍්‍රෂණය වන තොරතුරු කෙතරම් නිවැරැුදිදැයි ඔබ කල්පනා කර තිබේද?

ඉහත පැනයට නිශ්චිත පිළිතුරක් ගොනු කර ගැනීමට නම්, මේ කාලයේ පළ වන මාධ්‍ය වාර්තා සහ මාධ්‍ය ආයතන යම් වර්ගීකරණයකට ලක් කළ යුතුය. ඉතිහාසයේ පෙළගැස්මට අනුව මාධ්‍ය ආයතන තුළ ව්‍යුහාත්මකව සිදු වූ වෙනස්කම්වලට නිශ්චිත පිළිවෙළක් තිබුණ ද ලංකාව තුළ එම පෙළගැස්ම අවුල්සහගතය. ඒ නිසා අපි වඩාත් සුපරීක්ෂාකාරීව මාධ්‍ය ආයතන වර්ගීකරණයට ලක් කිරීමට උත්සාහ ගනිමු. මෙම වර්ගීකරණය සිදු කිරීමට මෑතකාලීනව පළ වූ මාධ්‍ය වාර්තා සහ ඒවා තුළ අන්තර්ගත වූ එකිනෙකට වෙනස් සංඛ්‍යා ලේඛන ද විවිධ මාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය සහ පවතින පාර්ලිමේන්තු දේශපාලනයට ඔවුන්ගේ ඇති සම්බන්ධතාව මත මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමෙන් ඔවුන් ඉටුකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අරමුණු ද කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබේ. (මෙම වර්ගීකරණයෙහි ඇති සත්‍ය අසත්‍යතාව කෙරේ යම් අපැහැදිලිතාවක් ඇති අයෙක් වෙත්නම් කරුණාකර පුවත්පත් මණ්ඩලය, ශ‍්‍රී  ලංකා පුවත්පත් ආයතනය සහ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය පරිශීලනය කරන්න.)

ඒ අනුව අපට ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය වාර්තා පහත ආකාරවලට වර්ගීකරණය කළ හැකිය.

  1. යථාර්ථවාදී මාධ්‍ය වාර්තා/ ආයතන
  2. නූතනවාදී මාධ්‍ය වාර්තා/ ආයතන
  3. පශ්චාත් නූතනවාදී මාධ්‍ය වාර්තා/ ආයතන

 දසුන් රාජපක්ෂ

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. /මේ කාලයේ වැඩියෙන්ම ලාභ උපයන්නේ Facebook සමාජ ජාලයේ හිමිකරු වන ඇමරිකන් ජාතික මාර්ක් සකර්බර්ග් බව නොදැන බොහෝ දෙනා Facebook තුළ ගිලී තව තවත් ඔහුට ධනය රැුස්කර දෙති// ප්‍රශ්නය වන්නේ බොහෝ අය දේශපාලනය හැදෑරීම හා පැතිරවීම සඳහාද නිව්ස් දැන ගැනීම සඳහාද ෆේස්බුක් භාවිතා කිරීමයි. ප්‍රධාන පෙලේ මීඩියා ධනවතුන්ට අයත් බැවින් හා එම නිව්ස් වල නිරවද්‍යතාවය පිලිබඳ ප්‍රශ්න නිසා මේ තත්වය ඇතිවී තිබේ.

Comments are closed.