මාධ්‍යෙවේදී ඥාණසිරි කොත්තිගොඩ මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා සමග ජාතික ගැටළුව ඇතුලු දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව පහත පළවේ.

[media url=”https://www.youtube.com/watch?v=H9ucaO9Tf94″ width=”600″ height=”400″]

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. කොත්තිගොඩ කියන්නේ මාක්ස්වාදී ලෙනින්වාදී ස්ථාවරයේ මහා ජාතියේ පිඩනයේදී ස්වයං නිරනන් අයිතියට සහයෝගය දුන්න කියල. පිළිගත්තා කියල. නසසප අදහස ඒක වෙන්නැති..
    1. මාක්ස් කොහෙද ඒක කියල තියෙන්නේ?
    2. ලෙනින් එය පිලි අරන් තිබෙන්නේ පෝලන්ත ප්‍රශ්නයේදී පමණයි රෝස ල. ට විරුද්ධව. ඉන්පසු පින්ලන්ත ප්‍රශ්නයේදී ලෙනින් ක්‍රමෝපායක් වශයෙන් එය පිලි ගත්ත. ඉන්පසු කොත්තිගොඩලගේ නායකයා වන ට්‍රොට්ස්කි සමග ලෙනින් රතු හමුදා යාව රුසියාව වටේ තිබු සියලුම රටවල් අල්ල ගත්ත. කෝ ස්වයං නිර්ණය අයිතිය?
    ලෙනින් බාහු වත කොත්තිගොඩ වගේ වත් වන පොතේ ගුරු වාදියෙක් නොවේ.

  2. ගමය සහෝදරය මේකට බාහුවත් නෙත්තිගොඩවත් අල්ල ගන්නැතිව ලෙනින්ව අල්ල ගන්න.ඔයා කුමාර සහොදරයගෙ P.R එකට වශීවෙලා ලෙනින්ගෙ න්‍යායාත්මක භාවිතාව තක්කඩි විදියට හංගන්න හදනව.ලෙනින් විපලවාදී අරගලය තුලින් ගොඩනගපු
    න්‍යාය අභියෝගයට ලක්කරන්න ඉතිහාසයක් නැති රටක ඉපදුන බංඩාරනායක පරම්පරාවෙ
    ඔයාලට බැහ.කුමාර සහෝදරයගෙ යුරෝපා ටුවර් එකම මේ වැඩෙන් හොදටම ඇනගත්ත .

  3. කුමාර් ගේ ප්රෙකට වශී වෙන්න මම බීල හිටියද දන්නේ නැහැ. ලෙනින් විප්ලවවාදී අරගලය තුලින් ස්වයං නිර්ණය දීලා වෙන්න ඇති සෝවියට් දේශයේ කිර්ගිස්තානය වගේ රටවල් අල්ල ගත්තේ. රතු හමුදාවේ නායකයා ට්‍රොට්ස්කි ස්වයං නිර්ණය ඔලුවේ තියාගෙන වෙන්න ඇති හමුදා මෙහෙයවූයේ. අනේ ඔයයි මායි දන්න ලෙනින්. මේකට වෙන බාසාවකින් උත්තරයක් එනවා. කුමාරව බේරා ගන්න නෙමේ සංවාදයකට.

  4. ගමයා සහෝදරයට මම කිව්වෙ ලෙනින් ගෙ සවයං නිර්නය අයිතිය පිලිබද න්‍යයාත්මක ස්ථාවරෙය් නිවරදි භාවය.(පීඩිත ජාතීන්ගෙ අරගලය පංති අරගලයට බද්ධ කරනනේ කොහොමද කියන කාරනය.)මෙය වෙන වෙන කතා කියල හංගන්න හදන එක ප්‍රතිවිප්ලවවාදියි.වෙන වෙන කතා සංවාද තලයට ගේන්න හදන්නෙම ප්‍රතිවිප්ලව වාදීන්.අවිඥානකව ඔයා කරන්න හදන්නෙත් ඒකමයි..

  5. මේක මම හොඳින් කියවල එන්නම්. වැරැදි නම් පිලි ගන්න එක මගේ යුතුකම. නමුත් ඒක ප්‍රතිවිප්ලවවාදී වෙන්න නම් බැහැ. කොටින්ම ඔය සිවයන් නිර්ණයන් දමා ගසන ලන්ඩනයේ සමාජවාදී පක්ෂය තුර්කි කුර්දි වරුන්ට, ජෝර්ජියාවේ අභ්හාසි වරුන්ට අදාල කරන්නේ නැහැ. හැබැයි රුසියාවට විරුද්ධ නිසා චෙචේනියාවට අදාල කරනවා. ඇහුවම කියන්නේ අපි මේ ලෙනින් කිව්වා දේ ප්‍රයෝගිකව apply කරනවා කියල. What’s good for the goose is good for the gander. කොත්තිගොඩ ගේ බොස් රනිල්ගේ වේදිකාවට නගින්නේ රනිල් ස්වයං නිර්න්නනේ පිළිගන්න නිසාද?

  6. ගමයා සහෝදරය කියන්න යන දේ ගැන පොඩි වැටහීමක් තියෙනව හැබැයි අහුවෙන්නෙ නැති කොටසකුත් තියෙනව.මම හිතන්නෙ දෙන්නම වාමාංශික වුනාට දෙන්නට දෙන්න දන්නැති නිසා වෙන්නත් පුලුවන් .මේ ලෙනින් ගෙ සවයං නිර්ණය ගැන තියරි ගැන ලංකාවෙ වාමාංශිකයන්ට කතාකරන්න වෙලා තියෙන්නෙ උතුරේ දෙමල අරගලය නිසා මිසක් උපාධියකට අවශ්‍යය නිබන්ධනයකට අවශ්‍යය කාරනයකට නෙමේ කියන එකට ඔයත් එකගයි මාත් එකගයි.කොහොමනමුත් න්‍යායෙ වැදගත්කම තියෙන්නෙ ප්‍රයෝගික ගැටලුවක් එක්ක පොරබදනකොට කියන එකයි
    මගේ හැගීම.ඵ්වගෙම සහොදරයගෙ වාමාංශික ඇම්මට මම කැමතියි.

Comments are closed.