ලංකාවට ජාතිවාදය විධිමත් චින්තනයක් ලෙස හඳුන්වා දෙනු ලැබුවේ වාමාංශිකයින් ය.  බොහෝ අය සිතන්නේ එය ලංකාවට හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනෙකු කියා ය. නලීන් ද සිල්වා, විමල් වීරවංශ,  චම්පික රණවක, අතුරලියේ රතන වැනි දේශපාලකයන් අතීතයේ ධනවාදය පෙරළීමට මාක්ස්වාදී වූ අයයි. වර්තමානයේ ප්‍රශ්නය වන්නේ ඔවුන් අතරින් සැබෑ ජාතිවාදියා කවුද යන්නයි. 83 දී මෙන් සැබෑ ජාතිවාදියා සිටින්නේ චින්තනය තුළ නොව ක්‍රියාව තුළය. චින්තකයාගේ සිතුම්-පැතුම් භෞතික ක්‍රියාවක් වන්නේ ඒවා මහජනයා අවශෝෂණය කරගත් පසුව ය. උතුරේ පර දෙමළා තමන්ගේ සමකාලීන නූතන ධනවාදී සමාජයීය විඳවීම්වල විපාකය ලෙස ගත් සිංහලයාට දැන් තම්බියා පරයෙකු ලෙස සම්මුඛ වී ඇත.

            2018 ඡන්දය දක්වා UNP යේ නායකත්වය මොන ගැටළු පැවතියත් ජාතිවාදී වූයේ නැත. සිංහලයන් දැන් UNP  යට චෝදනා කර මෙසේ කියයි. “ තොපි සිංහල – බෞද්ධ වුණේ නැත්නම් අපි තොපිව ඊලඟ ඡන්දෙදි කපෝති කරනවා” මෙවැනි අභියෝගයක් ඉදිරියේ රනිල් වික්‍රමසිංහ පිලට සිටින්නේ පාත්තයන් පිරිසකි. සිදු විය හැකි එකම දෙය UNP ය ජාතිවාදී වීමය. සජිත් ප්‍රේමදාස සිංහල-බෞද්ධයෙක් වීමට පෙරුම් පුරයි.

           අනුර කුමාර දැන් ජාතිවාදයට බැණ වැදීමට පටන් ගෙන ඇත. නමුත් ජවිපෙ සාමාජිකයන්ද ඉල්ලන්නේ සිංහල-බෞද්ධ නායකයෙක්ද? ලංකාවද තුර්කිය,බුරුමය,රුසියව, වැනි සර්වාධිකාරී නායකයෙකුට අතවනන රටකි. තවමත් ප්‍රඡාතන්ත්‍රවාදී කිසිදු නායකයෙකු මේ ජාතිවාදයට එරෙහිව විධිමත් පියවරක් ගෙන නැත. ‘බලය’ වෙතට යා යුතු නම් ‘නිකං හිටියම ඇති’ යැයි ගොඨාභය රාජපක්ෂ දැන් කියයි. ඇත්තෙන්ම ඔහුගේ කියමන නිවැරදිය. ජාතිවාදියා එතරම්ම දැන් දේශපාලනික ය.

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

මේ සටහන ලියන්න වුණේ මීට ටික කලකට කලින්. මොකද සංවිධානයක් හැටියට අපි කාඩර්වරු හදන්න ගොඩක් මහන්සි වුනාට ඇත්තටම හැදුණේ තාපසයෝ, මුණිවරු, සන්‍යාසින් වගේ පෞරුෂයන්. කොන්ඩේ වවා ගත්ත, රැවුල් වවා ගත්ත, වැඩිය එලියට එන්නේ නැති කළුවර කාමර වල දේශනා පවත්වන අය. ඒ අයට ඕනි වුනේ නැහැ දීප්ති විසින් ගොඩනගපු දැනුම සහ උපන්‍යාස තවත් හොදින් වැඩිදියුණු කරලා සමාජගත කරන්න. මොකද එහෙම කලානම් විතරයි අපිට ඉදිරියට යන්න තිබුනේ. නමුත් උන්ට ඕනි වුනේ පරණ වමේ උපන්‍යාස මත ලැගල ඉන්න. ඊට පස්සේ තමාගේ ව්‍යාපෘති ඉදිරියට ගේන්න. ඒ ගෙනාපු ඒවා උනත් අර පැරණි ආකෘතියේම හිරවුණා. ඉදිරි පරම්පරාවට ඒ පරණ ඒවා හරියන්නේ නැහැ .

අනික් අතට අපේ සංවිධාන ඉතිහාසේ ලොකුම මුණිවර භූමිකාව අයිති වෙන්නේ රොහාන් පෙරේරාට. එයාගෙත් ලේඛනවල තියෙන්නේ වක්තෘත්ව ගතියක් (උදාහරණ , ‘ආදරයේ දේශපාලනය’ ලියවිල්ල). නමුත් එම ‘මුනිවර ගතිකය’ විශ්ලේෂණමය ප්‍රවේශයකට (සංස්ලේෂණය) ගෙනෙන්නේ දීප්ති විසින්. එතන තමයි දේශපාලනය තියෙන්නේ.

අනික තමයි ඉස්මතු වෙන ජාතිවාදී රැල්ල ට මුහුණ දෙන්න න්‍යායික වැඩපිළිවෙලක් කා සතුවවත් නැහැ. එතනත් වැඩ කරන්නේ ප්‍රමෝද භාෂාව. එහි ‘විනෝද පෞරුෂය’ තමයි පොහොට්ටුව විසින් නියෝජනය කරන්නේ. දෙමළා, මුස්ලිම් වැසියා ගේ පැවත්ම විනෝද අතිරික්තයක් මහා ජාතියට. සමස්ත අසාර්ථක (ආර්ථිකය) බව නිසා මිනිස්සු තුල තියෙන කෝපය මේ ඔස්සේ පුපුරා යා හැකියි. මේ තත්වය කළු ජූලියක් දක්වා වුනත් ගමන් කල හැකියි. මොකද ලොකු දේශපාලන නෛතික බවක් (legitimacy) මේ ආණ්ඩුවට පොළොවේ (ground) නැහැ මේ වනවිට මොන සංඛ්‍යා ලේඛන ගෙනාවත්.

විනෝද පෞරුෂය = Unlike the hysteric, who unconsciously believes in the benevolent Master, the pervert believes that the apparently benevolent authority is the actually a malevolent Leader, demanding something truly atrocious. Accordingly, every symbolic authority figure in contemporary society – politicians, judges, teachers, parents and so forth – become, in the eyes of today’s perverse subject, smeared with an obscene enjoyment’ (Zizek and Politics: A Critical Interrogation. Sharpe and Boucher 2010: 157). මෙහි සරල අදහස නම් විපරිතයාගේ ඇසෙන් බලන විට අද්‍යතන සමාජයේ සෑම සංකේතිය අධිකාරීකත්වයක්ම (ගුරුවරු, දේශපාලඥයින්) අශ්ලීල විනෝද උපකරණයන්ය. ජනතාව වැඩි වැඩියෙන් බලන්නේ (gaze) තමාට විනෝදය ගෙනෙන මෙම උපකරණ දෙස (විමල්, ගම්මන්පිල, මධුමාධව) මිස විවේචක පෞරුෂයන් දෙස නොවේය.
ඉතින් වයි ෆයි කතා කීවට රනිල්ට චන්ද ලැබෙන්නේ නැත. අද්‍යතන විපරිත විෂයට ”වයි ෆයි විනෝදය” ප්‍රමාණවත් නොවේ. අවශ්‍ය මිණි මරන්නටය (Give us the right to KILL and then we will VOTE).

මහේශ් හපුගොඩ

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.