[dropcap color=”yellow”]ඩෙ[/dropcap]න්මාර්ක් රටේ කෝපන්හේගන් සත්තු වත්තේ අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් සිිටි ජිරාෆ් පැටියෙකු වේදනා රහිතව නිල වශයෙන් ඝාතනය කරන්නට එහි බලධාරීන් තීරණය කරන ලදි. මේ පිළිබදව ඉන්පසු විශාල අසහනකාරී තත්ත්වයක් ඩෙන්මාර්ක් රටේත් යුරෝපයේත් ඇති විය. ඇරිස්ටෝටල්ට අනුව ජිරාෆ් යනු දේශපාලනික සත්වයෙක් නොවේ. ලංකාවේ නම් ගවයා,මී හරකා,එළුවා වැනි සතුන් ද දේශපාලනික නැත. දේශපාලනික සත්වයන් වන මිනිසුන් තනිව හෝ සමූහ වශයෙන් ඝාතනය කිරීම පව් පිරෙන වැඩක් නොවේ. මිනිසුන් මරණ අය ඊළග ආත්මයේ දිව්‍ය ලෝකයට යන බවටද රාවයක් පවතියි. කෝපන්හේගන් සත්තු වත්තේ ජිරාාෆ් පැටියා ඝාතනය කරන ලද්දේ කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් කදුළු මැදිනි. මිනිසුන්ව මේ කාලයේ මරා දමන්නේ කිසිම සාක්ෂියක් නැතිවන පරිද්දෙනි. සමහරුන්ට අනුව ජිරාෆයා සිතන වර්ගයේ සතෙකි. ඌ සිතන නිසා ඔහුට වේදනාවක් ද ඇතිවෙයි. වේදනාවක් නැති වෙන පරිදි ඌව ඝාතනය කරන්නේ ඒ නිසාය.

ඔබේ අදහස කියන්න...