[dropcap color=”black”]මේ [/dropcap]දිනවල විවිධ ව්‍යාපාරිකයන් අනාගතයේ ආණ්ඩුවේ අස්ථාවරය අනුමාන කොට තමන් තමන්ගේ ඉත්තන් විරුද්ධ පක්ෂයට එකතු කරමින් සිටියි. මේ අංශයෙන් ඉදිරියෙන්ම සිටින්නේ මහරාජාය. මේ මහරාජාගේ ඉත්තන් විපක්ෂයට කළ හානිය දන්නේ ඔවුන් පමණි.

පසුගිය දිනෙක UNP මහර සංවිධායක ලෙස පත් වූ කල්ප පල්ලියගුරු යනු අපූර්ව පුද්ගලයෙකි. ඔහු පසුගිය මුළු කාලය පුරාම සිටියේ ආණ්ඩුව සමගය. ඒ නිසාම ඔහුට ලැබැණු අපූර්ව වාසනාවද විශාලය. ශ්‍රී ලංකා ටෙලිකොම් හී Peo T.V නාලිකාවේත්, NSB ආයතනයේත්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේත්, ප්‍රචාරක කටයුතු ලැබුනේ ඔහුටය. ඊට අමතරව ඔහුගේ මල්ලීට රූපවාහිනි අභ්‍යාස ආයතනයේ සභාපති තනතුර හිමි වූ අතර Super 6 චිත්‍රපටියේ වාසනාවන්ත අධ්‍යක්ෂකවරයා වූයේද ඔහුය.

කල්ප පල්ලියගුරු  UNP යට එකතු වීම ගැන එක්සත් ජාතික පක්ෂ මහලේකම්තුමා මෙසේ කීවේය. ‘නිල් බලකායේ ප්‍රබලයෙක් අපිත් එක්ක එකතු වුණා’.

අනාගතයේ එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නේ මෙවැනි පිරිසක් නම් මහින්ද චින්තනය තව ශත වර්ෂයක් පවතීවා යන්න අපේ ප්‍රාර්ථනාවයි. මන්ද යත් කල්ප පල්ලියගුරු කවුද යන්න ආණ්ඩුව යම් දිනෙක කතා කලහොත් මහලේකම්තුමා ට දවාලටත් නින්ද නොයාමට ඉඩ ඇති නිසාය.

ඔබේ අදහස කියන්න...