ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය ‘මාක්ස් නිවැරදි ඇයි?’ නමින් එලිදැක්වීමට විප්ලවවාදී ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇත. මෙම කෘතිය තුළ ටෙරී ඊගල්ටන් මාක්ස්වාදයට සහ සමාජවාදයට එරෙහිව ප්‍රකටව පවතින විවේචන කිහිපයක් සාකච්ඡාවට ලක් කරමින් මාක්ස්වාදය වර්තමාන යුගයට අදාළ වන ආකාරය පිළිබද  කරුණු දැක්වීමක් සිදු කරයි.

කෘතියේ සිංහල පරිවර්තනය එලිදැක්වීමේ සම්මන්ත්‍රණය දෙසැම්බර් 23දා පව 3.00ට කොලඹ 7, විජයරාම මාවතේ හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.ආචාර්ය සුමනසිරි ලියනගේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ එහි දී අදහස් දැක්වීම් සිදු කරනු ඇත.

ඔබේ අදහස කියන්න...