ගෝලීයකරණය හමුවේ වඩ වඩා පැතිරෙමින් පවතින ධනවාදී සමාජ-සබඳතා ( ප්‍රාග්ධනය ) ධනවාදී තලයේ ක්‍රියාත්මක වන ආකාරය අතිශය ප්‍රබුද්ධ ආකාරයකින් ප්‍රතිඉදිරිපත් කළ වාමාංශික බුද්ධිමතෙකු වූ මාර්ක් ෆිෂර් සහෝදරයා අකාලයේ මියගොස් ඇත. 2009 වසරේදී කුඩා පොත් පිංචක් ලෙස ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද Capitalist Realism – is there No Alternative ?  නම් පොත ( ධනවාදී යථාර්ථවාදය – විකල්පයක් නැතිද ? ) 2010 වසරේ උතුරේ යුද පරාජයට පසු අපගේ පක්ෂ නායකත්වයේ බුද්ධිමය සීමාවන් ජය ගැනීමට මැනෙවින් ආධාර කරන ලදී. විශේෂයෙන් අපගේ ‘ඇසිඩ් වැස්ස’ කෘතිය අලුතින් රැගෙන ආ තිසීසයේ ප්‍රබල උරුමක්කාරයෙකු වූයේ මාර්ක් ෆිෂර්ය. විවිධ නම් විසිකිරීමෙන් සමාජයට වන හානිය ගැන 2004 වසරේදී අපි හොඳ පාඩම් උගත්තෙමු. කෙසේ වෙතත් මාර්ක්ගේ අකල් මරණය නිසා ඔහුට අපගේ ඇති ණයගැතිභාවය සඳහන් කළ යුතු යැයි සිතුවෙමු. 
මාර්ක් ඔබ සාමදානයෙන් සැතපේවා !
අනාගත පරපුරට ඔබ විශාල උරුමයක් ඉතිරි කර ඇත. 
ඔබගේ දරුවා සහ බිරිය ඔබගේ මිතුරන් රැකබලා ගනීවි.     
FISHER12

ඔබේ අදහස කියන්න...