funnygams 1

(A). –95-2004 – මිනිසා විකේන්ද්‍රීය සත්වයෙකි. ඔහු අසරණය. ඔහුගේ බලය නිරන්තර සංකේතීය විශ්වය නිසා බිඳ වැටෙයි. විසංයෝජනය වෙයි. මිනිසා තමා සතු අභිනය පෙන්වීමට සඳ එළිය නැති රාත‍්‍රියක DVD චිත‍්‍රපට සමූහයක් සමග සංස්කෘතියෙන් සොබාදහමට (ස්ත‍්‍රිය) පළා ගියේය. අද ඒ සොබාදහම FOODCITYයයි.
(B).- 2004-2014– මිනිසාට අවිඥාණයක් ඇත. එය අනෙකාගේ කතිකාවයි. කථා කරන විට මිනිසා සෑමවිටම සත්‍ය පිට කරයි. හැබැයි ඒ පූර්ණ සත්‍යය නොවේ. පූර්ණ සත්‍යය කිසිවෙකුට කිව නොහැක. මේ නිසා මිනිසා බාහිර සංකේත ලෝකයට, පරමාදර්ශ වලට, දෙවියන්ට බිය නැත. මේ නිසා පක්ෂ සාමාජිකයා බියක් සැකක් නැතිව තම නායකත්වය ඉදිරියේ මෙසේ පවසයි. “මට ඔබට වඩා ස්ත‍්‍රී මාංශයේ කොමළත්වය වටිනවා. එය ඉදිරිපිට ඔබ කුණුගොඩක්! අපි ළග සල්ලි තියෙනවා.” 

(C). –2015- අද දක්වා – මිනිසා තමා එකවරම සොබාදහමේ නිර්මාණයක් වන්නා සේම සංස්කෘතියේ නිර්මාණයක් වන්නේ කෙසේද යන ප්‍රෙහේළිකාවට මුහුණ දී ඇත. ඔහු ප‍්‍රථම වරට සොබාදහම සහ සංස්කෘතිය අතර හැලී ගිය පුරුක ලෙසින් තමාව හදුනාගෙන ඇත. මේ හැලී ගිය පුරුක අන්කිසිවක් නොව උමතුවයි. උමතුව නම් සිතුවිල්ල මිනිසා පාලනය කරන බව වටහා ගැනීම අලූත් ආරම්භයකි. ස්ත‍්‍රියව භාෂාව ලෙස 2004 දී නිශේධනය කළ අපි 2014 දී ඇයව නැවත සොබාදහම ලෙස නිශේධනය කළෙමු. ඇය ගැන අද දවසේ අපට ඇත්තේ උමතුවකි. එය සංස්කෘතිය හෝ සොබාදහම නොවේ. අපේ දෑත් දැන් හිස්ය.   
Are You Crazy ?
නව වටයේ අධ්‍යන කටයුතු සඳහා සහභාගිවීමට උනන්දුවක් දක්වන අයට Peratugamirecruit@gmail.com යන විද්‍යුත් ලිපිනයට සිය තොරතුරු ලබා දිය හැකිය. අධ්‍යයන කටයුතු සඳහා දවසේ ජීවිතයෙන් වේලාවක් වෙන්කර ගත හැකි අය පමණක් මේ සඳහා යොමු වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු. අලුතින් අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වීමට කැමති අයට 0113356707 යන දුරකථන අංකයට අමතා ඒ සඳහා අවස්ථාව සළසා ගත හැකිය.

ඔබේ අදහස කියන්න...