සෑම දෙයකම වටිනාකම මනින මිම්ම බවට වෙළඳපොළ තර්කනය (Market Logic) පත් වූ පසු ග්‍රාම්ස්චිගේ පොතක වටිනාකම පවා නිර්ණය වන්නේ වෙළඳ‌පොළ වටිනාකම මඟින් ය. මීට දශක තුනකට පමණ පමණ පෙර ‘ජින් ප්‍රාංශුවා ලියෝතා’ පශ්චාත්- නූතන මොහොත නිර්වචනය කරමින් මෙසේ ප්‍රකාශ කරන ලදී. “සාර්ථකත්වය මිණුම් ගත කිරීමේ සමකාලීන මොහොත යනු වැඩියෙන් විකිණෙන පොත ‘හොඳ’ පොතක් ලෙසින් ශානරගත වීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලියෝතා යනු අසංග සායක්කාරය. ඔහුට අනුව වැඩියෙන්ම විකිණෙන ‘පොත’ යනු උසස්ම වටිනාකමයි. පාලක සබුද්ධිකත්වය බොහෝ දේවල් ආර්ථිකය බවට ඌනනය කරමින් සිටිති. මිනිස් වර්ගයා වෙළඳපොළ සත්වයන් බවට පත් වී ඇති අතර අනෙත් පසින් ඔවුන් ‘හෝමෝ – Facebook’  බවට පත් ව ඇත.

ඉහත හේතුව නිසාම දේශපාලනය දාර්ශනීකරණය කරන අයට ස්වයං – ප්‍රතිවිරෝධයකට මුහුණ දීමට සිදුව ඇත. එය මෙසේය. නිපදවන අදහසක් එක්කෝ වහාම මතවාදයක් (Opinion) බවට පත් වෙයි. නැතහොත් එය වෙළඳපොළ තර්කනයට යටත් වෙයි.

පෙරටුගාමී සමාජවාදීන් (කුමාර් ගුරුකුලය) 2013 වර්ෂයේ සිට අපට එරෙහිව අන්තෝනියෝ ග්‍රාමිස්ගේ සිංහල- බෞද්ධ පුද්ගලික අයිතිකරුවෙකු නිපද වූ අතර එය දැන් පාරාවලල්ලක් වී, දැන් භූමරංගය පොත් වෙළෙන්දෙකුගේ කුලී හේවායෙකු වන අසංග සායක්කාරගේ ඔඩොක්කුව මතට වැටී ඇත. දැන් ග්‍රාමීස්ච් නම් සංස්කෘතික භාණ්ඩය සහ මැගී නූඩ්ලස් පිඟානක් අතර වන වාණිජ වෙනස මිස ගුණාත්මක වෙනස පෙන්විය නොහැක. පොත් විකිණීම හෝ අදහස් විකිණීම සදාචාරාත්මක ලෙස නරක දෙයක් යැයි අප නොකියමු. අදහස් විකිණීම යථාර්ථයක් ලෙස නවලිබරල්වාදයේ දෙවැනි ඉනිමට එරෙහි කසකරුවන්ගේ හිස් මතට ද පහත් වී ඇත. මියාසු සිට ග්‍රාමීස්චි, ජිජැක් ,බොදිලා, ටොඩ් මැගෝවන් දක්වා සියල්ල සිංහල වෙළඳපොළේ එළවළු තට්ටුව මතට පැමිණ ඇත. ඉහත පොත් වල කිසිදු අන්තර්ගතයක් කිසිවෙකුට අදාළ නැති අතර ඉදිරියේදී X දේශපාලනයේ අන්තර්ගතයන් විකුණන අයට අනතුරු හඟවන්නෙමු. මහාචාර්ය උයන්ගොඩ පවා පොත් වලට පෙරවදන් ලියන්නේ එම පොත් වල අන්තර්ගතය නොකියවා බවට බවට ලිඛිත සාක්ෂි අපට දැන් ඇත. අදහස් ලෝකය තුළ 90 දශකය පුරා X දේශපාලනය විකුණූ සන්නස්ගලගේ දසඅවතාරයන් නවමුහුණුවරකින් දැන් ප්‍රතිදීප්ත වෙයි.

2013 සිට මේ දක්වා තමන් වම්මුන් ලෙසින් අභිෂේක කරගත් තක්කඩියන් -මේ මෑතක දී තමන් වමේ කියා තබන ලද රැස්වීමක ප්‍රධාන අනුග්‍රාහකයකු වූයේ තම බිරිඳට ඇතුළුව ස්ත්‍රීන් සතරදෙනෙකුට මුහුණ නිල් වෙන්නට පහර දුන් පුද්ගලයෙකි. හාස්‍යයට කරුණ වන්නේ එසේ පහර දුන් එක් කාන්තාවක් ද එහි සංවිධායකවරියක් වීමයි. ‘මහේශ් -හපුගෝඩ- මනෝවිශෟලේෂණ- න්‍යායට‘ අනුව ස්ත්‍රීන්ගේ චිත්ත විශාදයට පිළිතුර නිල් වෙන්නට පහර දීම විය හැක. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් ලිංගික අපයෝජනයට ලක් කරන මහාචාර්යවරයෙක් ද මීට සහභාගී විය. මේ සියල්ල පශ්චාත් – නූතන වාමාංශයේ සිංහල සදාචාරයයි.

ඒ අනුව මිනිසුන්ට විකල්ප 3ක් ඉතිරි වී ඇත.

(1) යථ වෙතට දිශානත වන මාරාන්තික ත්‍රස්තවාදී අනුරාගය- මහජනයා පරිභෝජනය තුළ මත් වී නිදන නිසා ත්‍රස්තවාදය මිනිසුන් අවධි කිරීමේ කාර්යක්ෂම ක්‍රමවේදයකි. මන්ද මෙවන් යුගයකදී දෘෂ්ටිවාදී විචාරය අක්‍රියකාරී නිසා ය.

(2) අතිශය අන්තවාදී ආකෘති වලින් ලිංගිකත්වය සහ මත්ද්‍රව්‍ය සමඟ පර්යේෂණ කිරීම. 2011ට පසු ජවිපෙන් ඉවත් වූ බහුතරය අක්මාව, වකුගඩු , මුත්‍රාංශය අවසන් කරමින් මේ මාර්ගයට වැටී ඇත.

(3) චිත්ත අභ්‍යන්තරයෙන් අව්‍යාජ මිනිස් සාරයක්  සොයා යෑම. මෙය පෙරදිග මංමුලාවාදය හෝ අව්‍යාජත්වයේ පාරිභාෂික ශබ්දමාලාවාදය ලෙසින් ද හැඳින්විය හැක. සංයුක්ත සමාජ- දේශපාලනික මැදිහත් වීම් හරසුන් ලෙසින් නිර්වචනය කොට සැබෑව, අව්‍යාජත්වය, සොබාදහමේ අහිංසකත්වය සමඟ අත්වැල් අල්ලා ගැනීම. ලංකාවේ විකල්ප දේශපාලනය 90 දශකය මැද අවසන් කළ සුනිල් සර් මෙම ප්‍රවාදයේ යෝගීවරයාය. මොවුන්ගේ අවසන් ඉලක්කය වී ඇත්තේ මනසින් තටමා මානසික ශුක්‍රාණු ගර්භාසයක් තුළ නොව මුඛයක් තුළ විරේචනය කිරීමටය.

[[[[[[[[[[[[[[[[[[[[[[[[]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]][[[[[[[[[[[[[[[[[]]]]]]]]]]]]]]]]]]

2020 ජනාධිපතිවරණය යනු දේශපාලන මතවාද පශ්චාත්- මාධ්‍ය විසින් කළමනාකරණය කිරීම  සහ මෙතෙක් පැවති සියලුම ප්‍රබුද්ධ දේශපාලන ව්‍යාපෘති ජනප්‍රියවාදය තුල අධිනිශ්චය වීමට උත්සහ කිරීම හේතුවෙන් ඒවාට පැවති විප්ලවකාරී විභවය අහෝසි වී යාම පිළිබද විශාල උදාහරණ ප්‍රමාණයක් නිර්මාණය කරන්නකි. පශ්චාත්-මාධ්‍ය විසින් ගොඩනගා ඇති දේශපාලන අවකාශය තුල කුමාර් ගුණරත්නම්ගේ මුහුණ දැන් අපට දිගින් දිගටම දකින්නට හැකිව තිබේ. මින් ගම්‍ය වන්නේ ඔහු තව නොබෝ දිනකින් පැවැත්වෙන මැතිවරණය සදහා වැඩේට බැස ඇති බවකි.  කුමාර් ගුණරත්නම් මෑතක අවස්ථා කිහිපයකදී තමාගේ පක්ෂය මැතිවරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අරමුණ සමාජවාදය වෙනුවෙන් වූ විද්‍යාත්මක සහ ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම සහ එය ජනතාව අතරට රැගෙන යාම බව ප්‍රකාශ කර තිබුණි. එලෙබෙන මැතිවරණය යනු කුමාර්ට පමණක් නොව සියලු දේශපාලන පක්ෂ වලට තම තමන්ගේ මතවාද ජනතාව අතරට රැගෙන යාමේ අවස්ථාවක්  වන නමුත් කුමාර් ගේ උත්සාහය තුල ඔහුගේ මතවාදයක් සමාජ ගත කරනු වෙනුවට තමන්ගේ දේශපාලන අඥාණභාවය ප්‍රදර්ශනය කිරීම සිදුවීමට නියමිත බව අපට පුරෝකථනය කල හැක. ලංකාවේ ප්‍රධාන වාමාංශික දේශපාලන පක්ෂයක් ලෙස අප මේ තත්වය පුළුල් ලෙස සාකච්ජා කල යුතුය. මන්ද යත් කුමාර් සහ ඔහු වටා සිටින අන්ධ උද්ගොෂ්කයන් පිරිස යනු පවතින වාමාංශික දේශපාලනයේ අසාර්ථකත්වය හේතුවෙන් ඇතිවූ හිස් අවකාශය තුල කවුරුත් නැති නිසා සංවිධානය වූ පිරිසකි. දීප්ති සහෝදරයා විසින් දිගින් දිගටම සාකච්ජා කරන ලද දේශපාලන න්‍යායන්, අදහස් , මතවාද, විචාරයන් සහ විවේචනයන් කිසිවක් සැලකිල්ලට නොගෙන අනෙකාගේ දැක්ම වෙනුවෙන් සංවිධානය වූ අනන්‍යතා අර්බුධයෙන් පෙලෙන්නන් පිරිසකගේ එකතුවකි. මොවුන් නියෝජනය කරනු ලබන්නේ 21 වන සියවසේ වාමාංශිකත්වයක් නොවේ. ඒ වෙනුවට ඔවුන්ගේ අවිඥානික ඉල්ලීම යනු  ‘පවතින ක්‍රමයට තමන්ව සාර්ථක ලෙස  අවශෝෂණය කර ගන්න’ යන්නයි. අපගේ දේශපාලනය සංවිධානය පවා දුන් අය සහ මියගිය  සොම්බි ඔළුගෙඩි  සමග කුමාර් හෝ පුබුදුට වාමාංශික ලේබලය යටතේ දේශපාලනය කල නොහැකි වන්නා සේම මෝඩ කතා කියමින් වාමාංශිකත්වය පවා ලැජ්ජාවට පත් කරමින් ඒ සදහා නිෂ්ඵල උත්සහයක නිරත වන ඔවුන්ට  මතවාදී ඉඩකඩක් අප විසින් ලබා දෙන්නේද නැත.

සමකාලීන ධනවාදය තුල සමාජය තුල ඇතිවී ඇති සාධනීය වෙනස්කම් නොසලකා හරිමින් ධනවාදයේ කුරිරු අමානුෂික භාවයක් පිළිබද අපට සාකච්ජා කල නොහැක. නමුත් වර්තමානයේ බොහෝ දේශපාලන ප්‍රවාහයන් තවමත් පැරණි අකාරයටම ‘සමාජවාදය’ නම් ඉන්ද්‍රජාලික වචනය භාවිතා කරමින් පවතින ක්‍රමය වෙනස් කිරීම සදහා විකල්ප ඉදිරිපත් කරමින් සිටී. කුමාර්ගේ වචන වලට අනුව  මෙකී සමාජවාදී සමාජය    වඩා මානුෂීය, සාධාරණ සහ  සමානාත්මතාවය සහිත සමාජයකි. එසේම පවතින ධනවාදය අමානුෂික, කුරිරු සමාජ ක්‍රමයකි. මෙවැනි අදහසක් පුද්ගලයෙකුට හටගැනීම සදහා බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ඔහු ධනවාදය තුල නිසි ලෙස ජීවත් වී නොතිබීමයි. කුමාර් ඕස්ට්‍රේලියාවේ ජීවත් වී ඇත්තේ ලංකාවෙන් එරටට ගොස් හතරවෙනි, පස්වෙනි පුරවැසියන් ලෙස ජීවත් වන ලාංකිකයන් ලෙසය. ඔහු අඩුතරමේ ධනවාදය ගැන කියවීමක් සදහා  නගරයට ගොස් නැත. ලංකාවේ  අඩු වැඩි වශයෙන් ස්ථාපිත වෙමින් පවතින ධනවාදය සහ ලිබරල් වෙළදපල නිසා ජනයාට මෙතෙක් සිමාකාරී වී තිබු  කලාපයන් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව උදා වී ඇත. උදාහරණයකට කුමාර් ගුණරත්නම්ට දේශපාලන සරණාගතයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට යාමට හැකි වන්නේ ධනවාදයේ මානුෂිකත්වය නිසාය. බහුජන, බහු- සංස්කෘතික, බහු-ලිංගික  නිදහස යනු ක්‍රමයේ සාධනීය නිර්මාණයකි. කුල පීඩනයෙන් මිදී ලාංකිකයාට තමන් කැමති සහකරුවෙක් සමග විවාහ වීමට හැකි වන්නේ ධනවාදය කුලය වෙනුවට ධනය සහ මුදල් ආදේශ කල නිසාය.  මින්නේරියේ සංස්කෘතික නිර්ධනයෙකුට අගනගරයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වීමට හැකි වන්නේ ධනපති ආණ්ඩුවේ නිවට , නපුංසක දේශපාලඥයන්ගේ මානුෂිකත්වය නිසාය. එපමණක් නොව ප්‍රජා සහයෝගිතාවය සහ ගෝලීය තොරතුරු පද්දතිය යනු ධනවාදයේ අතිශය විප්ලවකාරී නිර්මාණයන් වේ. උදාහරණයකට අන්තර්ජාලය යනු අපගේ දැනුම් පද්දතිය ගොඩනැගීමේ ඉතා තීරණාත්මක සහ මගහැරිය නොහැකි සාධකයකි. එසේම වෙනදාට වඩා අද සියලු දෙනා දේශපාලනය ගැන කතා කරයි. පුද්ගල අයිතිවාසිකම් ගැන කතා කරයි. ගැටලුව වන්නේ මෙකී විපර්යාසය ග්‍රහණය කර ගනිමින් සමාජය මින් ඔබ්බට රැගෙන යාමේ ව්‍යාපෘතියක් අපට නොමැති වීමයි. ධනවාදයට තාර්කික පසුබිමකින් තොරව විරුද්ධ වන කුමාර් පළමුව කලයුතු වන්නේ පුබුදු සහ තමන් වටා සිටින ඊනියා න්‍යායචරීන් සමග කිංග්ස්බරි හෝටලයෙන් කෑම වේලක් ගැනීමයි. එවිට ලංකාවේ එක් පන්තියකට නොලැබෙන ඉහල පන්තිය පමණක් අත්විදින ධනවාදය විසින් උදාකළ නිදහස කුමක්ද යන්න අවබෝධ වනු ඇත. පහල පන්තියේ ආශාව සමාජවාදය නොව මෙකී නිදහස අඩු වැඩි වශයෙන් තමන් කරා ලගා කර ගැනීමයි. ඔවුන් පවතින ක්‍රමයට විරුද්ධ වන්නේ තමන්ට හිමිවිය යුතු විනෝදයක් අහිමි කර දේශපාලකයා හෝ ධනපති පන්තිය විනෝද වනවා යැයි වූ උපකල්පනය නිසාය. කුමාර්ගේ කතාවට සවන් දෙන විට අපට සිහිපත් වන්නේද අනෙකා විදිනවා යැයි උපකල්පනය කරන තමන් නොවිදින විනෝදය පිළිබදවය.  රාජපක්ෂ විරෝධය, සජිත් විරෝධය, රනිල්ගේ මහබැංකු කොල්ලය ආදී දේශපාලන කෙටි චිත්‍රපට කතා අසන්නට ආශා කරනා සාමාජිකයන්ගේ ෆැන්ටසිය යනු අනාගතයේ ක්‍රමය විසින්ම උදා කරනු ලබන ඉහත සදහන් කල නිදහස මිස අන් කිසිවක් නොවේ.

ගොවි ගැටළු, ධීවර ගැටළු, අධ්‍යාපන ගැටළු, පරිසර ගැටළු ඇතුළු සමාජයේ විවිධ ප්‍රශ්නවලට කුමාර්ගේ පක්ෂය මැදිහත් වී ඇති බව ඔවුන් සදහන් කරයි. අප මෙතැනදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මෙම ගැටළු සදහා ඔවුන් මැදිහත් වන්නේ ඇයි? යන කාරණයයි.  ඔවුන්ගේ මැදිහත්වීම පිළිබද ගැබුරින් සලකා බලන විට මෙම උත්සාහය ධනවාදය හෝ පවතින සමාජ – ආර්ථික ක්‍රමය වෙනස් කිරීමේ සමකාලීන රැඩිකල්  ක්‍රමයක් නොව පැරණි ක්‍රමයක් බව පැහැදිලි වේ. අද අප ලෙනින් කරා නැවත යා යුත්තේ ලෙනින් සිදුකල විප්ලවය ඒ අකාරයෙන්ම සිදු කිරීම සදහා නොව ඔහුව පරමාදර්ශයක් කර ගනිමින් අද පවතින ගෝලීය ධනවාදයට එරෙහි විප්ලවීය දේශපාලන ව්‍යාපෘතියක් ගොඩනගා ගැනීම සදහාය. අතීතයේ ධනවාදය තුල අපට භාණ්ඩ-පරිභෝජනය අහිමි වී තිබුන අතර වර්තමානයේදී  අප අනවර්ත පරිභෝජනයකට කොටු වී සිටිමු. මේ තත්වය තුල වමේ ක්‍රම විරෝධය වෙනස් විය යුතුය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය යනු පහල පන්තියට තමන්ගේ සමාජ තත්වය ඉහල නංවා ගැනීමේ ඉනිමගකි. මේ ඉනිමගේ දිගේ ඉහලට පැමිණි අය රෝහල්, රජයේ කාර්යාල තුල තමන්ගේ පන්තියටම පාර්ට් දැමීම නිදහස් අධ්‍යාපනය හරහා බිහිවූ මුල් පරම්පරා හරහා සිදුවිය. අද නිදහස් අධ්‍යපනය සදහා පිවිසෙන්නේ මෙකී මුල්පරම්පරාවේ අයගේ දරුවන්ය. මේ නිසා එහි තරගකාරීත්වය වැඩි වී ඇත. ඒ නිසා වියදම් නොකර නිදහස් අධ්‍යාපනය හරහා හෝ වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු වීමට නොහැකිය. එසේම විශ්ව විද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපන ආයතන තුලින් බිහිවන්නේ ටික් ටොක් පරම්පරාවක් මිස බුද්ධිමතුන් නොවේ. ඒ අනුව ලංකාවේ නිදහස් අධ්‍යාපනය යනු සම්පුර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියකි. නමුත් කුමාර් ඇතුළු පිරිස මේය ආරක්ෂා කිරීමට උත්සහ කරයි. මෙයින් සැබෑ ලෙස ප්‍රයෝජන ගන්නේ ඉහත සදහන් කල තමන් දොස්තර නිසා තමන්ගේ දරුවත් දොස්තර කරගැනීමට අවශ්‍ය කරන මැද පන්තියයි. ලංකාවේ වෛද්‍යවරුන්ගේ බල සම්බන්ධතා පිළිබද කුමාර්ගේ පිරිසට දැනුම නැත. කුමාර් සදහන් කරන අනෙකුත් ගැටළු වලට ඔවුන්ගේ මැදිහත් වීමද එම ගැටළු තවත් උත්සන්න කිරීමට හේතු වේ. පවතින ක්‍රමය වෙනස් කිරීම සදහා උවමනාවක් කුමාර්ට වඩා දක්ෂිනාංශික දේශපාලකයාට ඇත. කුමාර් ඇතුළු පිරිස සිදුකරන්නේ ඔවුන්ගේ මැදිහත්වීමට බාධා කිරීම හරහා ක්‍රමයට තව දුරටත් සාර්ථක ලෙස පැවතීමට ආධාර කිරීමයි. මේ නිසා රාජපක්ෂගේ නපුර ගැන කතා කිරීමට පෙර තමන් අවිඥානිකව කරමින් සිටින්නේ කුමක්ද යන්න විග්‍රහ කරගත යුතුය.

සමාජවාදය යළි පිහිටුවීම හරහා සමාජ  ප්‍රශ්න වලට විසදුම් ලබා දිය  හැකි බව මේ යුගයේ කිසිවෙක් විශ්වාස නොකරයි. එයට කුමාර් සහ   ඔහුගේ පක්ෂයේ සාමාජිකයන්ද ඇතුලත්ය. අප මේ ජීවත් වන යුගය යනු දේශපාලනිකව සහ දෘෂ්ටිවදීව වම සහ දකුණ යන භේදය අහෝසි වූ යුගයකි. මේ මොහොතේ වම යැයි කියා ගන්නා පිරිස වර්තමානය තුල සිරවී ඇති අතර ඔවුන් අනාගතවාදී දේශපාලන පරමාදර්ශයන් විශ්වාස නොකරයි. වර්තමානය වෙනස් විය යුතු බව නොසිතයි. මේ නිසා බොහෝ දෙනා දීප්තිගේ  මැදිහත්වීම දේශපාලනික විප්ලවයක් ලෙස හදුනා නොගනී.    ඒ වෙනුවට එය සංස්කෘතික දේශපාලනයක් බවට උණනය කරයි. ජ. වී.පෙ අරගලයත් සමග කලාව බැදී තිබිණ. ඒ හරහා උසස් කලාකෘති බිහි විය. රුසියානු විප්ලවයට සමගාමීව රුසියානු සාහිතයේ විප්ලවයක් සිදුවිය. දීප්තිගේ අරගලය සමගද කලාව බැදී තිබීම මේ නිසා අහම්බයක් නොවේ. නමුත් සෞදර්යාත්මක නොවන ,ගෝලීය සන්දර්භයට අදාළ නොවන කැත කලාවන්ටද ඒ අභාෂය උපයෝගී කරගනිමින් නැගී සිටීමට නොහැකිය.

පරිසරවේදය යනු වර්තමානයේ ලෝකය තුල සිදුවෙමින් යන පරිභෝජනවාදයේ ක්ෂිතිමය අත්දැකීම අමතක කර දැමීම සදහා ක්‍රමය විසින්ම ගොඩනගන ලද දෘෂ්ටිවාදයකි. පරිසරවේදය ඒ අර්ථයෙන් ධනවාදයේ අසාර්ථක වීමක් සනිටුවහන් නොකරන අතර එය ප්‍රතිසංවිධානය වීම එමගින් ගම්‍ය කරවයි. ඇමසන් වනය  ගිනි ගැනීම, මහා බාධක කොරල් පරය මිය යාම වැනි පාරසරික සිදුවීම් මගින් ධනවාදයේ අවසානය සනිටුවහන් නොකරෙයි. පරිසර ප්‍රශ්නය ගැන විධිමත්ව කතා කිරීමට අවශ්‍ය නම් මුලින්ම අප සිදුකල යුත්තේ  ඇමසන් වනය ගිනි ගැනීම වැනි ජනප්‍රිය මාතෘකා යොදා ගනිමින් සිදුකරන හදිසි විශ්මයජනක පරිකල්පනයන් සිදු නොකර සිටීමය. මන්ද මෙම පරිකල්පනය විසින් පුද්ගලයා එක්තරා වරදකාරීත්වයකට පත් කරයි. ඔහුව සිදුවන විනාශය වැලැක්වීම වෙනුවෙන් යමක් කිරීමට යොමු කරවයි. ඉන්ධන අඩුවෙන් භාවිතා කිරීම, පොලිතින් මළු වෙනුවට කඩදාසි මළු භාවිතා කිරීම  කාබනික අහාර භාවිතා කිරීම වැනි විකල්පයන් වෙත පුද්ගලයා යොමු කරවයි. නමුත් මේ සෑම විකල්පයක්ම අවසානයේ ගැටලුව තව තවත් උග්‍ර කරවයි. උදාහරණයකට පාරසරික හිතවත් වහානයක් ලෙස හයිබ්‍රිඩ් වාහන ලංකාවට ආනයනය කල අතර දැන් ඒවායේ බැටරියේ ආයුකාලය අවසන් වෙමින් තිබේ. දැන් ගැටලුව වන්නේ මෙම විශාල  බැටරි අපද්‍රව්‍ය ලෙස පරිසරයට එකතු වූ විට සිදුවන දරුණු විනාශයයි. කුමාර් මහත්තයාගේ විද්‍යාත්මක, ප්‍රයෝගික සමාජවාදී වැඩසටහන තුල මෙවැනි  පරිසර ගැටලු සදහා යෝජනා කරනු ලබන විද්‍යාත්මක,ගෝලීයව පිළිගත හැකි විකල්පයන් කුමක්දැයි දැන ගැනීමට අප බලාපොරොත්තුවෙන් සිටිමු.

රතු කමිස ඇදීම, රැවුල වැවීම, උද්ගෝෂණ කිරීම සිදුකල  චාරිත්‍රනුකුල වාමාංශිකයන්ගේ යුගය අවසන් බව අප දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින්නෙමු. පවතින ක්‍රමයට විකල්පයක් ඇත්තේ දීප්තිගේ ව්‍යාපෘතිය තුල පමණි. එය කුමදැයි පරීක්ෂා කිරීමට, සංවාද කිරීමට සියලු දෙනාට විවෘතය. කුමාර් හෝ වෙනත් ඕනෑම පැරණි වාමාංශිකයෙකු ඉදිරිපත් කරන විකල්පයන් තවදුරටත් වලංගු නොවන බව අපට සනාථ කල හැකිය. ඒ පසුගිය කාලයේ සෙනග පස්සේ ගිය අයට ඔහේ යන්නට ඉඩහැර පක්ෂයක් ලෙස අප හැදෑරීම කරා යොමු වූ නිසාය.  

අනුෂ්ක ආරියරත්න.  

 

ඔබේ අදහස කියන්න...