[dropcap color=”black”]ම[/dropcap]හ ලොකුවට තමන් දේශපාලනය ගැන දන්නවා යැයි සිතා සිටින ජ.වි.පෙ ලංකාවේ විශ්ව විද්‍යාල වල බලය ලබා ගැනීමට දීර්ඝ කාලයක් පුරා මහන්සි විය. මේ වන විට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සහ ඉංජිනේරු විද්‍යාලයක් ආරම්භ කරන්නට අවශ්‍ය සියලු කටයුතු රජය විසින් සැලසුම් කර ක්‍රියාවට නංවා අවසන්ය. විශේෂයෙන්ම මාලඹේ වෛද්‍ය විද්‍යාලය අතී නවීන පහසුකම් වලින් සමන්විතව නිර්මාණය කර ඇත. ගොඩනැගිලි වල සිට පාඨමාලාවේ ගුණාත්මක භාවය දක්වා සියල්ල නව ලෝකයට ගැලපෙන අකාරයට නිර්මාණය කර තිබෙන බව වාර්ථාවේ. කොළඹ කින්සි පාරේ පිහිටි වෛද්‍ය විද්‍යාලයට වඩා මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගව් ගනණක් ඉදිරියෙන් සිටියි. නවීන රසායනාගාර වල සිට මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සදහාම වූ ශික්ෂණ රෝහල් පවා මේ ව්‍යපෘතියට ඇතුලත්ය. අනෙක් අතට මේ වෛද්‍ය පාඨමාලාව සදහා දර්ශණය විෂය පාඨමාලාවේ විෂයක් වශයෙන් ඇතුලත් කර ඇත. එය මෙතෙක් කතරගම දේවාලය මෙන් පූජනීය ස්ථානයක් බවට වෛද්‍යවරුන් විසින් පත්කර ගෙන සිටි කින්සි පාරේ වෛද්‍ය විද්‍යාලයේ පාඨමාලාව අතික්‍රමණය කරමින්  මාලඹේ වෛද්‍ය විද්‍යාලය තැබූ විශාල ඉදිරි පිම්මකි.

මේ නිසා ඉදිරි වසර පහක කාලයක් තුළ වෙන්නට නියමිත දෑ පිළිබදව අප පුරෝකථනය කරන්නට කැමැත්තෙමු.

කින්සි පාරේ පිස්සන් රැළ අභිබවා මේ නව වෛද්‍යවරුන් ගුණාත්මකව ඉහළ මට්ටමකට ලගා වන්නට නියමිතය.

මේ නිසා රෝගීන්ට දැනට සිටින පිස්සු දොස්තරලාගේ පිස්සුවේ මට්ටම අවබෝධ වී වැඩි වැඩියෙන් මෙම නව වෛද්‍යවරුන් වෙත ප්‍රතිකාර සදහා යොමුවනු ඇත. දැනටත් වැඩිපුරම රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත්තේ පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන්ම වන නිසා එය රෝගීන් ගේ පැත්තෙන් මහා ලොකු ආර්ථික අපහසුතාවයක් නොවන අතර රෝගීන්ට ගුණාත්මකව ඉහළ සේවාවක් ලබා ගන්නට හැකිවනු ඇත. මේ නිසා රජයෙන් වැටුප් ලබා වැඩියෙන් පොල් කඩන්නට කැමති දොස්තරලාට අපි කියන්නේ තොපිට හොද වැඩේ කියාය.

සිංහල දන්න දේශපාලනය ගැන අංශු මාත්‍රයකවත් සංවේදී නැති තමන්ගෙන් බාහිර ලෝකයක් තියෙනවාද කියාවත් නොදන්නා ළිං මැඩියන් වන දොත්තරලාට අපි කියන්නේ දැන් ඉතිං තොපිට හොද වැඩේ. දේශපාලනය එපා අපි අපේ පාඩුවේ ඉන්නම් කියූ තොපිට ඔහොම වෙලා මදිය. දැන්  තමන් හැමදාම ඉන්නට කැමති ළිද තුළට වී තොපි නිකම්ම බක බක කිය කියා හිටපියව්. තොපිට හොද වැඩේ.

ගම්වල මෝඩ බයියන් තොපිට දෙවිවරුන් වගේ යැයි කියන නිසා තොපි හිතන් හිටියේ තොපිට ඉහළින් ඉන්නේ කතරගම දෙවියන් පමණක් බව නේද? දැන් තොපිට සනීපද? තමන් ජීවත් වන ධනවාදී සාමජ ක්‍රමයට හොදට සෙටි වී ගානට තමන්ගේ වැඩේ විතරක් කර ගන්නට හොදට දන්නා තොපි හැමදාමත් දේශපාලනය කළ මිනිසුන්ට කෝචොක් දැම්මා මතකද? ජ.වි.පෙ සහ පෙරටුගාමී මැට්ටන් මේවා නොදන්නවා වුනාට අපි වෙන දේ සහ වෙන යන දේ හොදට දන්නවා.

මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ජනාධිපති නියමයෙන් උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ තුනක් ලබා ගෙනත් විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් දහදෙනෙක් සදහා ශිෂ්‍යත්ව ලබා දී තිබෙනවා. ඒ සිසුන් මහත් වාසනාවත්තයන් බව අපට කිව හැකියි. මේ සදහා පහසුකම් සපයා ඇත්තේ රුසියාව විසිනි. කින්සි පාරේ පිස්සන් රැළ දැන් මොකද කියන්නේ? අපි යළිත් කියන්නේ තොපිට හොද වැඩේ කියාය.

මේ ගැන වැඩිපුර විස්තර දැන ගන්නට කැමති අය පහත සබැදියාවට යන්න

Dr Neville Fernando Sri Lanka – Russia Friendship Teaching Hospital

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. Dan me medical college eken eliyata ena dosatarala ehema nowei kiya kese kiyamda,,,eeta hapan wenawa sure,,

  2. 1997 පෙබරවාරි මාතොට සගරාව 53 පිටුව
    දීප්ති මෙවැනි ම ප්රකාශයක් 1997දී ලංකාවේ දොස්තර වරුන් ගැන කලා .නමුත් වුනේ තත්වය තවත් දරුණු වීම පමණි තත්වය හොද වීමට හොද දොස්තරලා වගේම හොද රෝගීනුත් අවශ්යය් නේද

    • හොඳ රෝගියෙක් වුනොත් ඌට මැරෙන්න තමයි වෙන්නෙ

  3. මම මේ ලිපිය දකින්නෙ වෙද්‍යයවරැන්ට පමණක් නෙමෙයි ලංකාවේ ඉන්න ශාස්තරවේදි බුද්ධිමතුන්ට කරන දැඩි දේශපාලනමය විවේචනයක් ලෙසයි.මේ ගෝල්ලො ජිවත්වෙන්නෙ ලංකාවෙ සමාජ ආර්ථික ගැටලු ඒගොල්ලන්ට අදාල නැහ වගේ.ආර්ථික ගැටලු නැති වෙන්න පුලවන් නමුත් සමාජගැටලු?’ සමාජයක් හැටියට ජිවත්වෙනකොට ඔය හැමෝටම තත්වය සංකිර්ණයි මොකද දුප්පත් පොහොසත් බේදයකින් තොරව අපි එකිනෙකාට ගැටගැහිල ඉන්නෙ .නමුත් ඇස් ,කණ් වහගෙන තමයි ජිවත්වෙන්නෙ.නමුත් විශ්විද්‍යාල බුද්ධමතෙක් ඉදල හිටල මොකක් හරි දෙයක් කියනව ජනප්රිය මාධ්‍යය ඉස්සරහට ඇවිල්ල පීඩනයට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් හරියට ආචර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැනි අයවගේ කිසිම ලැජ්ජාවක් නැතිව(ලංකා පෙරටුගාමී පක්ෂයෙන්) කොපි කරගෙන කියන කථා වගේ එව්ව. පීඩිත පංති ජනයාගේ දේශපාලනයට කැමති පුද්ගලයෙක් හැටියට මේ(තොපිට හොද වැඩේ කියන ලිපිය කාලෝචිත ලිපියක් හැටියට දකිනව.මේ වෙද්‍යයවරැ ඇතුලු ශාස්තරවේදී කට්ටිය හිතාගෙන හිටියෙ කවදාවත් අදාල වෘත්තීන්ට විසංවාදී තත්වයන්ට මුහුණ දෙන්න වෙන්නැහ කියල..ඒ ගොල්ලන්ගෙ සිතිවිලි වලට වඩා ධනවාදය භෟතිකයි කියන දෙය සමාජය තේැම් ගනිමින් ඉන්නව එහෙමත් නැත්නම් සමාජව්‍යපාරයකට පුලුවන් වෙලා තියනව චින්තනයෙන් දුප්පත් ලංකාවාසීන්ට මේ නව තත්වය ගැන පැහදිලි කරල දෙන්න. මාතොට 1997 කිවවට වඩා අද සංධර්භය භෟතිකයි .1997 මාතොට කිව්ව කථාව අසාර්ථකයි කියන දෙයට හොදම උදාහරණය තමයි එදා මාතොට් හිටපු නිර්මාල් අද ඉන්න තැන! .මෙන්න මේ විසංවාදයන්ටයි මම කැමති මොකද ඉදිරියදි සමාජව්‍යාපාරයකට පුලුවන් වෙනව සමජවිපර්යාසයකට අවශ්‍යය බලවේග සංවිධානය කරන්න.එහෙමනැතුව පෟද්ගලික වෙද්‍යය විද්‍යාල වලින් බිහිවෙන ලාංකීය දුපුතුන්ගෙ ආචාර්ධර්ම පද්ධතිය වෙනස් වෙයි කියල මම හිතන්නෙ නැහ .වෙනස් වුනොත් හොදයි!!!!!දියණු තාක්ෂණය උපයෝගි කරගෙන හදාරන නිසා අධ්‍යයාත්මික තලයේ කෙසේ වෙතත් භෟතික තලයේ හොද සේවයක් මහජනතාවට ලැබේවි!

  4. අක්කා ඒ-ලෙවල් කලේ 2010දීය. අපේ අල්ලපු ගෙදර අක්කා කෙනෙක් දැන් ඒලෙවල් කර ගෙදර සිටින්නේ ‍ඊයේ පෙරේදා ප්‍රථිඑල ආපු නිසාය. ඒ අක්කා උදේ හිටියේ කැම්පස් ගිය ගානටය. ඒත් දවල් වෙද්දී එයා කීවේ ප්‍රථිඑල වෙනස් වෙලා කියාය. අපේ තාත්තා කීවේ තොපිට හොද වැඩේ ඔය කවුරු හරි තොපේ ප්‍රථිඑල “හැක්” කොර ඇත කියාය. තාත්තා හිතන්නට ඇත්තේ ප්‍රථිඑල දෙන්නේ ෆේස් බුකියෙන් කියාය. ඒ අක්කා හොදටම ඇඩුවාය. ඒත් අපේ අක්කාට සතුටුය. අපේ අක්කාගේ 2010 වසරේ විභාග අංකය ගසා අක්කා නැවත ප්‍රථිඑල බැලූවිට අක්කා සමත් වී ඇත. එ පින් බලෙන් 2010 වසරේ හෝම් සයන්ස් වලින් ඒලෙවල් කරපු අපේ අක්කා මේ පාර කැම්පස් යන්නේ මෙඩිකල් කොලීජියට දොස්තරවරියක ලෙසය.

Comments are closed.