[dropcap color=”black”]වි[/dropcap]කිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රධානී ජුලියන් අසාන්ජ් එංගන්තයේ ඉක්වදෝර් තනාපති කාර්යාලය තුල මේ වන විටත් තානාපති විනිර්මුක්තිය යටතේ දේශපාලන රක්ෂස්ථාන ලබමින් සිටියි. පසුගිය දිනෙක ඔහු ඇමරිකානු රාජ්‍ය විසින් ලෝකයේ ඇති ප්‍රධාන පෙලේ අන්තර්ජාල සමාගම් සමග ආරක්ෂක ගිවිසුම් ඇතිකරගෙන තිබෙන ආකාරය සම්බන්ධයෙන් සහ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු ප්‍රධානියෙකු වන දැනට රුසියාවේ දේශපාලන රැකවරණය ලබන එඩ්වඩ් ස්නෝඩන් විසින් ඇමරිකානු ආරක්ෂක රහස් හෙළි කිරීම හරහා මේ වන විටත් ලෝක පරිමාණයෙන් මිනිසුන් මුහුණ දී සිටන අර්බුදය පිළිබදව හෙළිදරව් කිරීමක් කලා.

ඒ අනුව ලෝකය පාලනය කිරීමේ බලය ජාතික රාජ්‍ය සිමාවන් පසුකරමින් පෞද්ගලික සමාගම් විසින් අත්කර ගෙන තිබෙන ආකාරය පැහැදිලි වෙනව. තව දුරටත් කිසිවකුට පෞද්ගලිකත්ව යනුවෙන් රැක ගන්නට දෙයක් ඉතිරි වී නැහැ. ඕනෑම අයෙකු අන්තර්ජාලයට විශේෂයෙන් ගූගල්, යාහු, ස්කයිප් සහ ෆේස් බුක් වැන් සමාජ වෙබ්  අඩවි ජාලයන්ට සම්බන්ධ වෙනවා යනුම තමන්ගේ සියලු තොරතුරු ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක අංශ වෙත ලබා දීමකට සමාන වෙනව. ඒ නිසාම ඇමරිකාව සමග රාජ්‍යන්ත්‍රික සම්බන්ධතා ඇති ජාතික රාජ්‍යන්ට තමන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් ක්ෂණිකයකින් ලබා ගැනීමේ හැකියාව උදාවී තියෙනව.

ලංකාව වැනි රටවල වාමාංශිකයන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට මේ සම්බන්ධයෙන් ඇත්තේ මොන්ටිසෝරි දැනුමක්. මේ අය හිතාගෙන ඉන්නේ තමන් ගේ පෞද්ගලික දුරකථන සංවාද වලට හැම විටම කවුරුන් හෝ ඇහුම්කන් දී ගෙන සිටින බවයි. ඒ නිසා මේ ගොඩක් අය කරන්නේ කතා කරන කතාව අනෙකාට නොතේරෙන්නට කුණුහරුප වැල් පිටින් කියාගෙන යාමයි. නමුත් ජාතික ආරක්ෂාව පිළිබදව වන ජාතික සහ ජාත්‍යන්තර වැඩ පිළිවෙල මේ අය හිතන ආකාරයෙන් පැතලි තලයක ක්‍රියාත්මක වන්නේ නැහැ. තමන් දෙස හැම විටම කවුරුන් හෝ බලා සිටිනවා යැයි හිතා වැඩ කිරීම යනු ආරක්ෂාවට අදාල කාරණයක් නෙවි. එය අනෙකා ගේ බැල්මට තමන් සම්බන්ධ වනවාද නැද්ද යන කාරණයට සම්බන්ධ කාරණාවක්. සරළවම කියන්නේ නම් තමන් ගේ සතුරා සම්බන්ධයෙන් තොරුතු හෙළි කරන අකාරය සහ ඒවාට එරෙහිව ක්‍රියා කරන අකාරය විනාඩි තිහක් නිරීක්ෂණය කිරීමෙන් යමෙකුට අවශ්‍ය නම් ලංකාවේ විප්ලවාදීන් මේ මෙහොතේ නිවසට වී කියන කරන සියළුම තොරතුරු ක්ෂණිකයකින් සොයා ගන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම අන්තර්ජාලය කියන තත්‍යසමාන ( virtual ) අවකාශය යථාර්ථය ලෙසම ග්‍රහණය කර ගන්නා අය පිළිබදව වැඩිදුර විස්තර අවශ්‍ය අය සිහිබුද්ධියෙන් ෆේස් බුක් වෙබි අඩවිය නිරීක්ෂණය කරන්න.

මේ වන විටත් ඇමරිකන් විරෝධී රුසියානු හිතවාදී උදවිය විසින් කල්පනා කරමින් සිටින්නේ විකල්ප අන්ර්ජාලයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙනි. ඒ තරම්ම මේ වන විට අන්තර්ජාලයට සම්බන්ධ සියලුම වෙබි අඩවි සමාගම් සිය ග්‍රාහකයන් ගේ සියලු තොරුතු ඇමැරිකානු රහස් ඔත්තු සේවා සහ ආරක්ෂක අංශ වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින නිසයි. ඒ නිසා නුදුරු අනාගතයේ දී සයිබර් සීතල යුද්ධයක් දක්වා තත්ත්වය වර්ධනය විය හැකියි.

මේ නිසා ලංකාවේ ගොඩක් වමුන් හිතා ගෙන ඉන්නවට වඩා ධනවාදය මේ වන විටත් දියුණු වී අවසන් ධනවාදයට එරෙහි අරගලය තව දුරටත් ජාතික රාජ්‍ය සිමාවෙන් ඔබ්බෙහි ජාත්‍යන්තර තලයක් දක්වා ගමන් කර තිබෙන බව ගොඩක් අය දන්නෙ නැහැ. යතුරු හිලෙන් අනෙකා විදින මම නොවිදින විනෝදය කුමක් දැයි සොයනවට වඩා මේ තත්ත්වය සංකීර්ණයි.

පහත පළ වන්නේ ජුලියන් අසාන්ජ් රුසියානු අගමැති වැල්ඩ්මීර් පුටින් විසින් ඇමරිකාවේ සී.එන්.එන් නාලිකාවට සමානව ආරම්භ කර පවත්වා ගෙන යනු ලබන ආර්.ටී නාලිකාව සමග කරනු ලබන සම්මුඛ සාකච්ඡාවකි.

Assange: ‘Snowden safe but journalists dealing with him at risk’ (FULL VIDEO)

ඔබේ අදහස කියන්න...