[dropcap color=”purple”]ජා[/dropcap]තික චින්තන දර්ශනවාදයේ සිංහල නියෝජනය වන නලින් ද සිල්වා මහතා පසුගිය දොරමඩලාව වැඩසටහනින් ලෝකයේ සියළුම දාර්ශනිකයන්ට අභියෝගයක් කලේය. නලින්ට අනුව මනසින් ස්වායක්තව පවතින බාහිර ලෝකය කියා දෙයක් නැත. එවැන්නක් පවතියි යැයි ඔප්පු කර පෙන්විය හැකි ජගතෙකු මෙලොව සිටියි නම් එවැන්නෙකු සමග වාද කිරිමට තමන් කැමති බව එතුමා පවසා සිටියි.

මේ වන විට නලින් ගේ අභියෝගය සදහා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාර දක්වා ඇත. ඔවුන්ට අනුව ලෝකයේ දැනට ජීවමාන උසස්ම දාර්ශනිකයා හිටපු ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්වෙල් ඉරාකයේ සමූල ඝාතන අවි ගැන ඔහු ඉදිරිපත් කළ නිබන්ධනයට ලෝකයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාල කිහිපයක්ම විශේෂ ප්‍රතිචාර දක්වා ඇත. සීනෝර් ගේ ඊතයට පසු ඩොනල්ඩ් රම්ස්වෙල් සොයාගෙන ඇති මිසයිලය මේ වන විටත් තර්ක ශ්‍රාස්ත්‍රය සම්බන්ධයෙන් උසස්ම න්‍යායක් ලෙස පිළිගෙන ඇත. එබැවින් මේ වන විට ලෝකය ජීවත් වන උසස්ම දාර්ශණිකයා වන රම්ස්වෙල් ලංකාවට පැමිණ දොරමඩලාව වැඩසටහනේ දී නලින් ද සිල්වා හමුවනු ඇත. ඉන්පසු මේ වන විට ලෝකයේ වඩාත්ම දැවෙන ප්‍රශ්ණය වූ මනසින් බාහිර ලෝකයක් තිබේද යන්නට උත්තර ලැබෙනු ඇත.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. දීප්ති මොකක්ද ඔයා මේකෙන් කියන්නේ? ඔයා හිතන්නේ ඔයාගේ ප්‍රශ්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා. ඔයාට නලින් එක්ක තියන ප්‍රශ්නේ තමයි ඔයා පටලවා ගනිද්දී නලින් ඔයාට කලින් ඉඳලාම පැහැදිලි ස්ථාවරයක ඉඳන් දෙයක් ප්‍රකාශ කිරීම. එහෙම කෙනෙක් ඉන්නවාට ඔයා අවිඥානිකව මෙන්ම සවිඥානිකවත් අකමැතියි. ඒක නිසා තමයි ඔයා අර කිසි වැඩකට නැති විකාරයක් ලියලා තියෙන්නේ. ඔයාට නලින්ට විවේචනයක් කරන්න ඕන නම් ඒකට හොඳටම ඉඩ කඩ තියනවා. එහෙම නොකර “නලින්ට අනුව මනසින් ස්වායක්තව පවතින බාහිර ලෝකය කියා දෙයක් නැත” යන කාරණය කිච කිරීමේ අරමුණින් උපක්‍රමික රචනාවක් කිරීම මගින් හානිය සිදු කරගන්නේ ඔබම නියෝජනය කරනා දෘෂ්ටිවාදයට සහ දේශපාලනික ස්තාවරයන්ටය. ඔබ එම ලිපිය ලියා ඇති අකාරයෙන් අපට වැටහී යන්නේ අපගෙන් ස්වායත්තව ලෝකයක් පවතින බවය.

Comments are closed.