ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වැඩියෙන්ම කතා කරන ජනප්‍රියතම පුවත්පතක් වන ලංකාදීප පුවත්පත් ආයතනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිද සිය සේවා ස්ථානය තුළ ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති බව එම පුවත්පත් ආයතනයේ මාධ්‍යෙව්දිනියක් විසින් අප සමග පැවසීය.

මව්බිම පුවත් පත සමග ද්වන්ධ සටනක නිරතවන මෙම ලංකාදීප පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ලංකාවේ වැඩිම කාලයක් එකම පුවත් පතක ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ඉදිමින් ලෝක වාර්ථාවක් ද තබා ඇත.

මෙම මාධ්‍යවේදිනිය  පවසන්නේ දැන් තමන්ට දැනෙන්නේ තමන් විසිවන ශත වර්ෂයේ ජීවත් වන බවයි. නව මාධ්‍ය (New  Media) වශයෙන් ඩිජිටල් මාධය ජනප්‍රියවීමත් සමගම සාම්ප්‍රදායික පුවත්පත් වලට එය දැඩි අභියෝගයක් විය. එමෙන්ම එය අනෙක් අතට මුද්‍රිත මාධ්‍ය කලාවට නව මානයක් ද එක් කලේය. සාමාන්‍යෙයන් ෆේස්බුක් යනු සමාජ වෙබ් අඩවි ජාලයක් වන නිසා වෙනත් රටවල නම් එය මුද්‍රිත මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යෙව්දීන්ට අත්‍යවශ්‍යම දෙයක් වී තිබේ.

සාමාන්‍යෙයන් සියළු අයගේ අයිතිවාසිකම් ගැන කතා කරන ලංකාදී පුවත්පත ජනමාධ්‍ය නිදහස උදෙසා  කෑ මොර දෙන අතරතුරම තම ආයතනය තුළම මාධ්‍යෙව්දීන් අයිතිවාසිකම් උල්ලංඝණය කරඇති බව එම මාධ්‍යෙව්දිනිය පවසයි.

වෙනත් ඕනෑම අයෙකුගේ නිදහස උදෙසා පෙනී සිටින පුවත්පතක් වැඩවසම් ක්‍රමයට තම මන්ගේඅයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තමන් ඇතුලු මාධ්‍යෙව්දීන් කොටුව දුම්රිය පොල ඉදිරියට රැස් වන්නද?ලිප්ටන් වට රවුමට යන්නද? යැයි ඇය විමසයි.

ඔබේ අදහස කියන්න...