මිනිසුන් තමන්ගේ සාමූහික පොදු ජීවිතය තුළ දී කරන කියන දේවල් එතරම් බැරෑරුම් කොට ගත යුතු නැති බව මේ වන විට අපි ඔප්පු කර ඇත්තෙමු. වඩා වැදගත් වන්නේ පුද්ගලික ජීවිතයේ දී රහස්‍ය ලෙස කරන උල්ලංඝණයයි. අප මේ ජීවත් වන සමකාලීන යුගයේදී තව දුරටත් නිතීය උල්ලංඝණය කොට විනෝද වීම අරුමයක් නොවේ. සියල්ලට ඉඩ දෙන යුගයක 68 න් පසු වාමාංශිකයන් අතර ප්‍රචලිත වූ ‘ලිංගික නිදහස’ සටන් පාඨය දැන් වලංගු නැත. දැන් සියළුදෙනා පුද්ගලික ජීවිතයේ දී ලිංගික විප්ලවවාදීන්ය. එබැවින් අද දවසේ  දෘෂ්ටිවාදය ඇත්තේ සංකේත නීතීන් කඩන පැත්තේ නොවේ. ඒවා කවුරුවත් ගණන් ගන්නේ නැත. අද දෘෂ්ටිවාදය ඇත්තේ මිනිසුන්ව හික්මවීම පැත්තේය. අද දින යමෙකු හික්මවීම,ශිලාචාර වීම,විනයගත වීම ගැන කතා කළ විගස සියලූ දෙනා කුලප්පු වෙති. පොලීසිය, උසාවිය, නීතිය කී විගස හාස්‍යයෙන් සිනා වෙති. බඩුකාරයන් විශ්ව-විද්‍යාල කතිකාචාර්යවරුන් වීම ගැන විශ්ව-විද්‍යල පාලක සභාවත්ම සතුටු වෙති.

එසේ නම් අනාගත වම වැළඳගත යුතු සංස්කෘතික ප‍්‍රවාදය කුමක්ද?  බලයේ සිටින්නවුන් තෝරාගෙන ඇත්තේ අශ්ලීල, අශීලාචාර ,Public Sex  ඉල්ලන පැත්තයි. අප යෝජනා කාරන්නේ වාමාංශිකයන් වන අප සාම්ප්‍රදායික පැත්ත දයාලෙක්තිකව තෝරා ගත යුතුය.

ශිලාචාරකම,විනීතකම,ශිලයන් රැකීම වමේ අප බාර ගත යුතුය. අද දවසේ ‘දෘෂ්ටිවාදී විශ්ලේෂ්ණයන්’ කරන විට තක්කඩින් රැවටෙන්නේ මේ නිසාය. අපි ඔවුන්ව මනා ලෙස රැවැට්ටුවෙමු.

              අනාගත වම ගත යුතු මඟ තෝරා ගැනීමේදී අපට ලෙස්ටර් පීරිස් නිර්මාණය කළ ‘දෙලොවක් අතර’ චිත්‍රපටයෙන් ලැබිය හැකි දායාදය විශාලය.
 
             මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සඳුඳා සවස 4 ට චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී සිදු කිරීමට නියමිතය.

  ඔබටත් ආරාධනා!

තක්කඩියන් සමාජ ජීවිතයේ දී පොරොන්දු වන ‘පරමාදර්ශ’ පුද්ගලික ජීවිතයේ දී විහිළුවක් ලෙස සලකන්නේ මන්ද යන්න ඔබට ඉන්පසු වටහා ගත හැක.

ඔබේ අදහස කියන්න...