Impossible Task

1. ‘පක්ෂය‘ යන්න පසමිතුරුභාවයේ දෘෂ්ටිකෝණයෙන් යළි මතක් කිරීම. පක්ෂය යනු මහජනයාට ප්‍රකාශ වන්නට ඉඩදීමක් නොව (Facebook, Twitter මෙන්) පන්ති අරගලය භෞතික දිශාවකට තල්ලු කරන ආයතනයක් ලෙස අර්ථ ගැන්වීම.
2. රාජ්‍ය නම් සංකල්පය වාස්තවිකයක් වශයෙන් පමණක් නොව ආත්මීය විශ්වාසයක් ද ලෙස,
(මින් අදහස් වන්නේ පාරදෘෂ්‍යය රාජ්‍යයක් බිහිකිරීමට බැරි බවයි. එවැනි උත්සහයකදී ආත්මය මිය යයි. මේ ගැන විකිලීක්ස් උදාහරණය මගින් පැහැදීම.)
3. විප්ලවයට පසු දා පවතින්නේ මේ තිබෙන පරණ සමාජයම බව ලෙනින්වාදයේ අතුරු ඵලයක් වූ ස්ටාලින්වාදය හරහා විස්තර කිරීම. එසේ නම් මහා අනෙකාගෙන් තොරව ‘විප්ලවය‘ නිර්වචනය කරන්නේ කෙසේ ද ? පාලිතයන්ගේ  ශිෂ්ඨත්වය පාලකයන්ගේ ශිෂ්ඨත්වය බවට පත්වීම සදහා ලෙනින් යෝජනා කළ ක්‍රියා මාර්ග මොනවාද ? 

අවසාන මොහොනේදී කරන කිළිපොලා යත මාවත් දෙක.

ඔබේ අදහස කියන්න...