[dropcap color=”red”]ස[/dropcap]මාජ ක්‍රමයක් පවතින තැනින් ඊට වඩා උසස් තලයකට ඔසවා තැබීම යනු සංකීර්ණ ක්‍රියාදාමයකි. මේ යුගයේ බහුතරයක් දෙනා අපෙන් අසන සරළ ප්‍රශ්නය මෙච්චරයි. අපි දන්නවා අපි ජීවත් වන සමාජය නරකයි කියලා ඒත් ඔය කියන විදිහට මේ සමාජය වෙනස් කරන්න පුළුවන්ද? ඔයාලා ගේ අරමුණ ශ්‍රේෂ්ඨයි කියලා වැටහෙනව. ඒත් කොහොමද මේ පවතින ක්‍රමය ඔය කියන අකාරයට වෙනස් කරන්නේ. අපි නම් හිතන්නේ මෙච්චරයි. අපි මහ කාලයක් ජීවත් වෙන් නැති නිසා ඔන්න ඔහේ ඉන්න ටික කාලේ අපේ පාඩුවේ කාලා ඇදලා ජීවත් වෙලා මැරිලා යනව එච්චරයි. සමහර විට බොහෝ දෙනා තුල මේ අදහස පැලපදියම් වන්නට හේතු කාරණා දෙකක් බලපානවා. එක් පිරිසක් මේ කතාව කියන්නේ නිකම් හිතට එන නිසා ඒ අයට සමාජ ක්‍රමය ගැන විචාර බුද්ධියක් නැහැ. අනික් පිරිස ඊට වඩා තාර්කිකයි. ඒ අය පවසන්නේ දැන් බලන්න 1917 දී රුසියානු විප්ලවය ලෙනින් ප්‍රම්ඛ බොල්ෂෙවික්වාදීන් විසින් කළා. ඒත් අන්තිමට ඒක ඉවර වුනේ ස්ටාලීන් ගේ ඒකාධිපතිවාදය තුළ මිනිස්සු ගුලාග් කදවුරු වලට ගාල් කිරීමෙන්. ලංකාවේ වුනත් ජනතා විමුක්ති පෙරමුණ විසින් උත්සහ කළ අරගල දෙකම පරාජය වුණා. අන්තිමට අන්ත පුද්ගලවාදීන් පිරිසක් තමන්ගේ පෞද්ගලික අරමුණු උදෙසා සංවිධානයක හිටියා කියන ශක්තිය පාවිච්චි කරනවා. ( විමල් වීරවංශ උදාහරණය)

ඒ අනුව ඉහත තර්කයේ බැලූ බැල්මටම වරදක් පේන්න නැහැ. ඒක සත්‍යයක්. මිනිස් ඉතිහාසය පුරා දේශපාලන අරගලය කියන්නෙම ජය,පරාජය අතර දෝලනය වන දේකටයි. නමුත් තමන් ජීවත් වන සමාජය තුළ අවුලක් පවතිනවා කියන එක අවබෝධ කරගෙන ඊට විරුද්ධව සටන් කරනවා කියන එක අමාරු වැඩක්. වසර දහස් ගණනකට ඉස්සර රෝමයේ වහලුන් කියන්නේ මින්සුන්ට නෙවි. ද්‍රව්‍ය වලට. උදාහරණයක් කියන්නේ ඒ යුගයේ වහලෙක් කියන්නේ කඩුවක්,තෝමරයක්, කොටියෙක්, සිංහයෙක් වගේ දේකට මිසක් වහලෙක් මනුෂ්‍යෙයක් කියලවත් ඒ යුගයේ දී සැළකුවේ නැහැ.

මේ වගේ සමාජ ක්‍රමයක් තුළ තමය් ස්පාර්ටකස් කියන වහල් නායකයා සටන් කරලා වහලුන් ගේ අයිතිවාසිකම් දිනා ගන්නේ. නමුත් අද වන විටත් ගොඩක් අය ස්පාර්ටකස් ගැන හිතන්නේ ඇත්තටම ජීවත් වුන මහා සටන්කරුවෙක් විදිහට නෙවි. ග්‍රීක මිත්‍ය කතා වල වීරයෙක් විදිහට විතරයි ඔහු ගැන සළකන්නේ. නමුත් ස්පාර්ටකස් කියන්නේ ජීවමාන අරගලයක් වෙනුවෙන් සිය ජීවිතය පරදුවට තැබූ වහල් නායකයෙක්. ඒ නිසා පවතින සමාජ ක්‍රමයට විරුද්ධව අරගල කරන්නට බැහැ යැයි කල්පනා කරන්නේ කුහුඹුවන් වගේ මිනිස්සුය. මේ අය හිතන්නේ තමන් ජීවත් වෙන වර්ථමාන නිමේෂය ගැන විතරයි. ශීත කාලයට ගන්නට ආහාර රැස්කරනවට වඩා වැඩි දෙයක් මේ අය දන්නේ නැහැ. තමන්ට පේන පටු සීමාවෙන් ඔබ්බෙහි ලෝකයක් තියෙනවා කියලා මේ අයට හිතන්න බැහැ. ඒ නිසා ඒ වගේ ගොඩක් අය මේ යුගයේ දී වාමාංශික දේශපාලනය කරන අයට කෝචොක් දානවා. එහෙම කරන අයම නොදන්නා යථාර්ථය තමයි මේ වන කොටත් තමන් ගේ පවුලටත් කෙළවෙලා ඉවරයි කියන කාරණය.

අපි කවුරුවත් හරිම ආශාවෙන් කන දෙයක් තමයි කජු කියන්නේ. කජු අටයක් කන එක අපිට බොහොම සාමාන්‍ය දෙයක් විදිහට හැර වෙනස් දෙයක් විදිහට දැනෙන්නේ නැහැ. ඒත් ඇත්තටම කජු ගෙඩිය මේ දක්වා පරිණාමයට පත් වන්නට ගතවන කාලය තුළ විවිධ මිනිස්සු නොබියව භාරගත්තු අභියෝග නිසා තමයි අද අපිට කජු කන්න පුළුවන් වලා තියෙන්නේ. මුල් කාලයේ හැමදෙනාම කජු කියලා කන්න ඇත්තේ කජු පුහුලන් විතරයි. කාටවත් පුහුලම යටින් එල්ලා තියෙන කජු ඇටයේ වටිනාකමක් හෝ රසයක් ගැන අවබෝධයක් තියෙන්නට නැතැව ඇති. ඒත් එක්තරා මොහොතක පස්සේ කවුරුන් හෝ හිතුවක්කාර, දඩබ්බර,නිර්භිත කෙනෙක් මේ කජු ඇටේ පලලා බලන්නට ඇති. එහෙම කරන කොට ඒ වැඩේට උත්සහ කල පුද්ගලයාගේ අත පය සහ කට වනවෙලා තුවාල වෙන්න ඇති. එහෙම උත්සහ කරපු කෙනාට විවිධ විදහට කෝචොක් දාන්න ඇති. මෙච්චර පහසුවෙන් කජු පුහුලම කන්න තියෙන කොට කිසි වැඩකට නැති ඇටයක් එක්ක පොර බදන්නේ මොකටද අත, පය, කට වණ කරගෙන. ඇත්තටම පිස්සු ද කියලා අහන්න ඇති. ඇති ඒත් අවසානයේ ඒ සියළු දුක් වේදනාවන් ඉවසගෙන නිවරදිව කජු මද කන්නට පුලුවන් ක්‍රමයක් හොයා ගන්නට පුළුවන් වුණා. දැන් කවුරුවත් කජු පුහුලම කජු මදයට වඩා රසයි කියන් නෑනේද? මේක බොහොම සරළ උදාහරණයක්. ඒත් ඒ උදාහරණයෙන් අපට කියන්න තියෙන්නේ ගොඩක් අය අපේ උත්සහයට ගරහද්දී අපි දිගටම උත්සහ කරන්නේ ලෝක වෙනස් කරන්නට පුලුවන් බව අපට විශ්වාස නිසයි. ඒ වගේම  අපි ජීවත් වන ධනවාදී යුගයට වඩා මනුෂ්‍ය වර්ගයාගේ යහපතට හිතකර වන සමාජ ක්‍රමයක් අනාගතයේ නිර්මාණ කරන්න නම් වර්ථමානයේ මහන්ස් වෙන්න ඕන කියන එක පැහැදිලියි.

දිගින් දිගටම අන්තර්ජාලයේ සහ ෆේස් බුක් එකේ දේශපාලනය කරන සියළු දෙනාට ( දීප්තිට,කුමාර් මහත්යට විතරක් නෙවි අනුර දිසානායකට පවා ) කෝචොක් දාන නිකම්ම නිකම් වර්චුවල් අවකාශක පොරටෝක් දෙන මැට්ටන් නිසා තරුණ පරම්පරාව කළබල විය යුතු නැත. තවමත් අතලු පරම්පරාවට නව ජවයකින් යුතුව දේශපාලනය කරන්නට පුලුවන් අවකාශයක් මේ පොලොවේ තියෙන බව අපට නම් පැහැදිලියි. එක එක පිස්සන් සහ විකාරකාරයන් අහිංසක තරුණයන් දේශපාලනය කරන අපෙන් ගලවා ගන්න ලියෙන ගොන් කතා කියවලා අපි එක්ක එකතු නොවී ඉන්නවයි කියලා හිතන මැට්ටන්නට නොතේරෙන්නේ දේශපාලන කරන්නේ උක්කු බබාලා නොවන බවයි. ඒ නිසා අවශ්‍ය කෙනා අවශ්‍ය මොහොතක අරගලය සමග එක් වනු ඇති බව අපට විශ්වසයි වගේම ද්‍රෝහීන්ට සැළකිය යුතු අකාරයත් මේ වන විටත් ඉතිහාසය විසින්ම තීරණය කර අවසන්ය. ඒ නිසා පතුලක් නැති අවකාශයක කිමිදිලා මිය දෙන්නට කැමති අයට අවසර තියෙනව.

 

ඔබේ අදහස කියන්න...