මීට වසර 30 කට පෙර
මං ගොඩාක් ගැටවර කාළේ
නුඹේ කවට කියුම් අසා
බඩ අල්ලං හිනා උනා
 
මං විතරක් නෙමෙයි අපි ඔක්කොම
 
හම්බ වුණොත් මහ මඟකදී
‘බොන්න වරෙන් හවසක ගෙදර’
කියයි දයා අයියා
කහටක් නැති හිතින්
 
යන්නෙ නැති එක මළ ගෙවල් වල
කැත ගතියක් වෙන්නැති මගෙ
එ්් නිසා නෑ එන්නේ 
උඹ බලන්න
 
ආවොත් යන්නම වෙනවාමයි
ඉතිං උඹ පලයං තනිවම
යනකං උඹ පස් යටටම
බොනවා මං එක දිගටම
 
හැම එකාටම බෑ – රසවතෙක් වෙන්න
හැම එකාටම බෑ – හිනා ගස්සවන්න
හැම එකාටම බෑ – යාලූවෙක් වෙන්න
හැම එකාටම බෑ – 
ඔය ගමන නොගිහින් ඉන්න
 
ඉතිං අපිත් එනවා ලඟදිම
ඉඳින් එ් වෙනකං භාගයක් තියාගෙන
 
ගිය එකෙක් වෙනුවෙන් කවි කෑල්ලක් 
ලියැවුණේ නැහැ කල්පෙකින්
අද උඹ ඇවිස්සවා
මගේ දුක් සිත
 
ඉතින් පලයං තනියම
සත්තයි එනවා ලඟදිම
දැනුත් යමින් ඉන්නෙ අපි 
එක පෙළට
 
සිරිමල් විජේසිංහ

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. නියම කවියක්. ලැකාන් ගැනත් කවියක් ලියන්න කියල සිරී මල්ලිට කියන්න ඕන. බඩ පපුව දාගෙන ගියා. ඇඩෙනව. ශෘංගාර රසය හොදට තියනව. කවිය කියවන්න කලින් හොටු පිහින්න චීත්තයක් ගන්න ඕන. මල් ඔතනෝ….. අපි මල් ඔතනෝ………..

    පසුවදන
    අර නලාකාරයන්ගේ සංගමේ ශෝක බැනර් එක දාන්න කියල ජැක්සන්ට කිව්වද?

  2. yes I am තාත්තා Wethatai

    Deshpaalane mokak unath kenekge pudgalika hegeem walata henaa wennne cyber narumayo.

    Thopilata one viplawaya nam, Ithin karapanko joint gahala hiri kamak neha.

    Thopi merenakamma meke raja karanne dhanapathiyo. Ethakam thopilaa cyber part daana nikmmu vitharamai.

    Beri welaawath thopilaa ape wayasa wenakam hitiyoth divi naha gannawa sure.

    Ayi – Ellenna wel nethi wenawane. Depthith merila – Sirimalath merila – Rohanuth merila.

    Kamak neha Namal Rajpakshage hari Mythreege puthaage hari ange elliyan.

    Jaya wevaaaaaa.

    • මළගෙවල් ගොඩයි නේද? ධනපතියො නැති කරල සයිබර් සව්බර් කරන්න ඕන. විරුද්ධාභාෂය ඇඩ්මින්ගෙද? දීප්තිගෙද? රොහාන්ගෙද? සිරිමල්ගෙද? මහින්දගෙද? නාමල්ගෙද? දහම්ගෙද? සූරියකන්දෙ පොඩිනේරිස්ගෙද? දැන් නළුවො ඉවරයි. ඉන්නෙ එළුවො විතරයි. තොපි මැරියව්. තව මැරියව්. සිංහල නළුවො මැරෙනකොට අපිට මාර ආතල්. තෙපේ වයසට එනකම් අරක්කු බිබී ගංජ ගහ ගහ නස්කුනි වෙන්නෙ නෑ අපි. අපි මාර පාරිශුද්ධ සදාකල් තරුණ මනෝ වෛද්‍යවරු…. කොහොමද බෙහෙත්. ඩිප්ප්‍රෙෂන් කොහොමද? බෙන් 10 වගේ නේද? ඩෙරීඩා ෆරීඩාගේ බිරිද ය. තොපිට පිස්සු තද කරල තමයි මම මේ පාර නවත්තන්නෙ.

Comments are closed.