මානව වර්ගයා සම්බන්ධයෙන් අධ්‍යයනය කරන විට අප මූලික වශයෙන්ම නූතන මානවයාට බලපා තිබෙන්නේ ධනවාදය හෙයින්, අප විසින් සොයාබැලීම කළ යුත්තේ ධනවාදයේ ඉතිහාසය සකස් වෙලා තිබෙන්නේ කෙසේද යන්නයි.  මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන චිකාගෝ විශ්ව විද්‍යාලයේ මාක්ස්වාදී ඉතිහාසඥයෙකු වන මොයිස් පොස්ටෝන් (Moishe Postone) ධනවාදයේ ඉතිහාසය සම්බන්ධයෙන් ඔහුගේ අධ්‍යනයන් තුළ මතු කළ කරුණු  The Current Crisis and the Anachronism  of Value: A Marxian Reading සාකච්ඡාව ඇසුරින් අද සාකච්ඡාව සාරාංශගත කිරීමට උත්සහ කළොත් එය මෙසේයි.

Moishe Postone සාකච්ඡා කරන මූලික කාරණයක් වන්නේ වටිනාකම් (Value) පිළිබඳ න්‍යායයන්ගේ යල්පැන යාම කියන කාරණයත් සමඟ මෙම ”ධනවාදය”-what is- තේරුම් ගන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා ඔහු විසින් සලකා බලනු ලබන්නේ පසුගිය දශක කිහිපයක සිට ආර්ථිකය මූල්‍යකරණය (Finance Capital)  වන ක්‍රියාවලියයි. එසේත් නැතිනම් පසුගිය දශක කිහිපය තුළ ආර්ථිකයේ මූල්‍යකරණය විසින් සමාජ අධිපත්‍ය හැසිරවීමට මූලික වීමයි. මෙම තත්වය හේතුවෙන් සමාජයේ විශාල පිරිසක් දරිද්‍රතාවයට පත්වීමත්, රැකියා අහිමිවීම, ව්‍යුහාත්මක සූරාකෑම පිළිබදව අවබෝධයක් නොමැති වීම, සමාජය තුල අසමානතාවය වර්ධනය වීම, වැඩකරන පංතිය හැකිලීයාම, කර්මාන්ත  ශාලාවල රැකියා අවම වීම, සහ පරිසර හානිය වර්ධනය වීම වැනි කාරණා මේ නිසා බලපා තිබෙන බවයි.  සමහර ක්ෂේත්‍ර තුළ තාක්ෂණය දියුණුවීම තුළ රොබෝ තාක්ෂණය තුළ ඇති වුණු දියුණුවත් සමග කර්මාන්ත ශාලාවල සුවිශේෂී ශ්‍රමය හැර ඉතිරි ශ්‍රමය සඳහා රොබෝ තාක්ෂණය  ඇතුළු නවීන තාක්ෂණය භාවිතයට ගැනීම තුළින් රැකියා අවස්ථා අවම වීමේ විභවතාවයක් මේ නිසා උදාවී ඇත. උදාහරණයක් වශයෙන් ටොයොටා කර්මාන්ත ශාලාව තුළ මෙම තත්වය වර්ධනය වී තිබීම.

ඉහත සාකච්ඡා කරන ලද කර්මාන්ත ශාලාවල රැකියා අවම වීම ඇමරිකානු එක්සත් ජනපදයට අදාළ කාරණයක් පමණක් නොවන නමුත් මේ තත්වය පෙන්නුම් කරනු ලබන්නේ 1970 වෙන් පසුව මේ දක්වා එරට GDP අගය වර්ධනයවීම එකම පරාසයක පැවතීමයි. මෙම තත්වය හේතුවෙන් ඇමරිකානු සමාජය තුළ සමාජ අර්බුදයන් ජනනය කිරීමට හේතුවක් ව වන අතර, රැකියා විරහිත භාවයෙන් පෙලෙන එරට කළු ජාතිකයින් බහුතරයක් අපරාධ සහ වෙනත් කාර්යයන් වල නියැලීම පෙනෙන්නට තිබෙන තත්වයකි.

මීලගට  Moishe Postone පසුගිය අවුරුදු 20 ක පමණ කාලයක සිට ආපතිකතාවය- contingency;a future event or circumstance which is possible but cannot be predicted with certainty පිළිබඳ න්‍යායන්  වඩ වඩා තහවුරු වෙමින් පවතින බව පෙන්නුම් කරන බව සාකච්චාකරන  අතර, පශ්චාත් ව්‍යුහවාදීන් වූ ඩෙරීඩා, ෆුකෝ, ලැක්ලව් මෙන්ම පශ්චාත් මාක්ස් වාදීන්ද තහවුරු කරමින් සිටින්නේ සෑම විටම සමාජ අපතික ගුණය පිළබඳව අපිට පුරෝකථනය කිරීමට ඇති අපහසුතාවයයි.

Moishe Postone

මීලගට ඔහු විසින් අප විසින් සලකා බැලිය යුතු යයි යෝජනා කරන්නේ සංක්‍රාන්ති ඉතිහාසයක් තුළින් සාකච්ඡා කරන ලද මාක්ස්වාදයේ  සංකල්ප නැතිනම් චින්තන ප්‍රවර්ග වූ ශ්‍රම ශක්තිය, පාරිභොගීක භාණ්ඩ, ප්‍රාග්ධනය සම්බන්ධයෙන් අපගේ දෘෂ්ටිය වෙනස් මානයකින් බැලිමත්, එමඟින් එම චින්තන ප්‍රවර්ග සම්බන්ධයෙන් වූ ස්ථාවරයන් වෙනස්  කරන්නට හැකියාවක් පවතීද යන්නයි. එනම්, ෆෝඩ්වාදයෙන් පසුව අධිරාජ්‍යවාදයත්, ඉන්පසුව එය අවසන්වී මේ වන විට ගෝලීයකරණය දක්වා වූ සංක්‍රාන්තිමය ඉතිහාසයක් තුල දිගින් දිගට වසර සියගණනක් තුළ තුළින් වර්ධනය වූ මාක්ස්වාදී න්‍යායයන් තුළ තිබෙන චින්තන ප්‍රවර්ගයන්හි අන්තර්ගත පැරණි අර්ථයම ඒ ආකාරයෙන්ම අප විසින් නොවෙනස් ව දිගින් දිගටම තව දුරටත් ඉදිරියට රැගෙන යනවාද යන යන ගැටළුව පොස්ටොන් විසින් මතු කරයි.  එයට හේතුව ලෙස ඔහු ගේ මතය වන්නේ මාක්ස් යනු දේශපාලන ආර්ථිකය පිළිබඳ විචාරයක් සිදු කළ අයෙකු නොවන බවත්, ඔහු විසින් සිදුකරන ලද්දේ දේශපාලන ආර්ථිකය විවේචනාත්මක විග්‍රහයක් බවත්ය. ඒ අනුව පොස්ටෝන් පෙන්වා දෙනු ලබන්නේ මේ සදහා වඩාත් අදාල වන්නේ හුවමාරු වටිනාකම් පිළිබඳ අධ්‍යනනය හෝ සූරාකෑම නොව, වඩාත් වැදගත් වන්නේ ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ධනය බෙදී යාම යන ගැටළුව නැතිනම්, අතිරික්ත වටිනාකම බෙදි යන ආකාරය සම්බන්ධයෙන් ගැටළු සාකච්ඡා කිරීම වැදගත් බවයි.

ලංකාවේ සම්ප්‍රදායික මාක්ස්වාදියෝ මෙන්ම තරුණ වම ලෙස හැදින්වෙන ජවිපෙ ද ඇතුළුව සියලු දෙනාට අධිනිශ්චය වී ඇති සාකච්ඡාව වන්නේ සූරාකෑමයි. නමුත් පොස්ටොන් විසින් යෝජනා කරනු ලබන්නේ අප විසින් විශ්ලේෂණය කළ යුතු වන්නේ ධනවාදී සමාජයට පමණක් සුවිශේෂී මාදිලීන් සහ ව්‍යුහගතවීම් මොනවාද යන්නයි. එවිට ධනේශ්වර සමාජය තුල නිෂ්පාදනයේ තිබෙන ගතිකත්වය සහ එහි දිශානතිය තුළ තිබෙන සුවිශේෂත්වයන් මොනවාද යන්නෙන් වටහා ගත හැකිය. එහිදි පොස්ටෝන් පවසන්නේ වටිනාකම නැතිනම් වස්තුව-ධනය (wealth)  අතර වෙනසක් ඇති බවත්, මේවා මගින් සමාජයට සමාජයීය මැදිහත්වීම් සහ සමාජයීය ව්‍යුහාත්මක  වීම් නිෂ්පාදනය වන බවයි.

ඔහුට අනුව, ධනේෂ්වර සමාජයක් තුළ මිනිසුන් සමාන්‍යයෙන් ව්‍යාපාරයක්, බුද්ධිමය නිෂ්පාදනයක් හෝ කලාත්මක නිෂ්පාදනයක් කළත් මේ කුමනාකරයේ කටයුත්තක් සිදු කලද  ඒ සඳහා අනිවාර්යෙන් මැදිහත් වන්නේ වටිනාකම් න්‍යායය බවයි. වටිනාකම යනු ස්වයං මැදිහත්වීමක් වන අතර, එය පැහැදිලිව තාවකාලික දෙයකි. මේ අනුව මෙම වටිනාකම් න්‍යායට වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය යනුවෙන්ද පැවසිය හැකිය. මන්ද එය ගොඩනංවා ඇත්තේ සමාජීයව මැදිහත්වන අත්‍යවශ්‍ය ශ්‍රමකාලයෙනි.

මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය කියවූ පසු වැටහෙන කාරණය වන්නේ ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරන විට එයට ශ්‍රම කාලයක් අවශ්‍ය බවයි. අප විසින් සෑම විටම අවබෝධවන්නේ සහ අධ්‍යනය කරනු ලබන්නේ අවකාශය පිළිබදව ධනවාදය තුළ ඉතාම තීරණාත්මක දේ කාලය බව පෝස්ටෝන්ගේ අදහසයි.

ෆෙඩ්රික් ජෙම්සන් වැනි අයෙක් පවසන්නෙ පශ්චාත් නූතනතත්වය තුළ අවකාශය සෑම විටම වෙනස්වීම් ඇතිවන නමුත් කාලය-Time– ගත වන්නේ නැති බවයි. එනම් අප ඝනවූ වර්තමානයක සිටින බව ඔහුගේ අදහසයි.

මීලගට වටිනාකම පිළිබද මූලික ආකෘති දෙක වූ ප්‍රයෝජ්‍ය වටිනාකම සහ හුවමරු වටිනාකම (Use value & exchange value) යන දෙකෙහි අගය වැඩි වන්නට නම්, එය ශ්‍රම ක්‍රියාවකට ඇතුළත් විය යුතුයි. එනම්, මෙම ක්‍රියාවලි දෙකෙහි දයලෙක්තික චලනය හේතුවෙන් වටිනාකම නිපදවීම, නැතිනම් පිම්බීම සිදුවන අතර, අවසානයේදී එය යල් පැන ගොස් මිය යෑම සිදු වේ. එම මියයාමට පසුව වටිනාකම පූර්ව ධනවාදී සහ නැතිනම් පශ්චාත් ධනවාදී ආකෘතියක් ලබා ගැනීම සිදුවේ. කෙසේ වෙතත් මෙහිදි ප්‍රකාශ කෙරෙන්නේ එක්තරා මොහොතකට පසුව පසුව වටිනාකම් මිය යන බවයි. ඉන්පසුව මෙම වටිනාකම් මිය යෑමෙන් පසුව ප්‍රාග්ධනයේ සමුච්ඡනය හා තර්කනය ලෟකික රාමුව පසු කරයි. මන්ද එහි ශ්‍රම ශක්ති පදනම ප්‍රාග්ධන  ප්‍රාග්ධන තර්කනයට අනිවාර්ය වීම හේතුවෙනි. එනම් Labor time නැතිනම් The Domination of people by time යනුවෙන් අදහස් කරන්නේ කාලය මගින් මිනිස් ආධිපත්‍යය රදවන බවයි.

උදාහරණයක් වශයෙන් 1950 ගණන්වල සිට 1970  වගේ වන තුරු මිනිසුන් තමන්ගේ කර්මාන්ත ශාලාව සහ නිවස අතර විශාල පරතරයක් තිබී ඇති අතර, එබැවින් කර්මාන්ත ශාලාව තුළදී  සංස්කෘතියෙන් පාලනය නොවී වෙන්ව සිට ඇති බැවින් ශ්‍රම කාලය තුළ පූර්ණ වශයෙන් වැඩ කිරීමත් එම ශ්‍රමය ලබා ගැනීමට අමුතුවෙන් සංස්කෘතික තර්කනයක් අවශ්‍ය වි නැත.

 ඒ අනුව භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට  Labor time එක හරහා ශ්‍රමය උරා ගැනීම මගින්   භාණ්ඩය නිපදවීමට අවශ්‍ය නිශ්චිත සමාජයීය අත්‍යාවශ්‍ය ශ්‍රම කාලය ගණනය කළ හැකියි. එම කරුණු වැඩි දුරටත් ඔබට ප්‍රාග්ධනය කෘතියේ පළමු පරිච්ඡේදය කියවීමෙන් ලබාගත හැකියි.

ඒ අනුව ඔබට පෙනේවී මෙතනදී Labor time එක සකස් වන්නේ Historical time and Abstract time යන දෙකෙහි සම්බන්ධවීමෙන් බව. කම්කරු ශ්‍රමයට කෙතරම් ගෙවීම කළ යුතුද යන්න ඉතිහාසය දිගේ තාර්කික වශයෙන් පැමිණි දෙයකි. එමෙන්ම එම කාලයේදී පවතින තරඟකාරීත්වය (තවත් එවැනි තරඟකාරී භාණ්ඩ නිෂ්පාදකයෙක්)  සමඟ ව්‍යුක්ත කාලයක් ගණනය කිරීමක් සිදුවන අතර එම කාල දෙකෙහි සම්බන්ධය මතින් Labor time සකස් වීම සිදුව තිබේ. ඒ අනුව ධනේශ්වර නිෂ්පාදන සමාගමක ක්‍රියාත්මක වන belt පද්ධතිය තුළ එය වේගයෙන් ක්‍රියාත්මක කළ විට ශ්‍රමිකයා ප්‍රවේගකාරිව කටයුතු කළ යුතු අතර, ශ්‍රමිකයා මන්දගාමී වූ විට එම නිෂ්පාදනයද මන්දගාමි වෙන පරිදි පොස්ටොන් පවසන්නේ, මෙම නූතතනත්වය ධනවාදයට අලුත් නූතනත්වයක් රැගෙන එන බවයි. එය ඔහු හදුන්වන්නේ Capitalist Modernity   යනුවෙනි. එම Capitalist Modernity එක තුළ පාරිභෝගික භාණ්ඩ සඳහා වෙනම තර්කනයක් තිබෙන අතර, වටිනාකම් සඳහා වෙනම තර්කනයකුත්, ප්‍රාග්ධනය සඳහා වෙනම වූ තර්කනයකුත් , අතිරික්ත වටිනාකම් සඳහා වෙනමම තර්කනයක් තිබෙන බව ඔහුගේ අදහසයි. මිනිසුන්ට මෙම ව්‍යුක්ත තර්කනය අවබෝධ කරගත නොහැකි වී තිබෙන්නේ ඔවුන් මේ වන විට කර්මාන්ත ශාලා ජීවිතය සහ සංස්කෘතික ජීවිතය මේ වන විට එකට ගත කරන බැවිනි.

මේ අනුව මෙතැනදී අපට මූලිකව හේගල් ගේ ඉතිහාසය පිළිබඳ අදහස සහ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය  පිළිබද අදහස සම්පිණ්ඩය කිරීම සිදු කිරීමේ හැකියාවක් පවතියි. හේගල්ගේ අදහස වන්නේ ඉතිහාසය චලනය වන බවත්, ඉතිහාසයට තාර්කික සබුද්ධිකත්වයක් තිබෙන බවත් ය. එනම් කවුරුන් හෝ කෙනෙක් ඉතිහාසය අධ්‍යනය කළ විට තමන්ගේ විඥානය කුමක්ද? මෙයට අර්ථයක් තිබෙනවාද? නැතිද?සොයාගෙන යත්දි ඔහුට හෝ ඇයට වැටහෙන දේ වන්නේ ‘තමන් කවුද යන ගැටළුව’ සොයමින් යන විට මෙම ගැටළුවට යම්කිසි ඉතිහාසයක් ද තිබෙන බවය. ඒ අනුව හේගල්ගේ දර්ශනය  වටහා ගැනීම යනු මෙම තර්කය හොදින් වටහා ගැනීම වේ.  එනම් ඉතිහාසයට නියත වශයෙන්ම තාර්කික ව්‍යුහයක් පවතින බවයි. එය බාහිරින් අතාර්කික බව පෙනුනද එහි තාර්කික ව්‍යුහයක් පවතින බව පෙනෙන බව හේගල් ගේ තර්කය විය.

 

මාක්ස් පවසන්නේ ප්‍රාග්ධනයට පවතින්නේ චලනයක් නොව, එහිම වූ ස්වයං චලනයක් බවයි.

මාක්ස්ගේ අදහස මනෝ විශ්ලේෂණාත්මකව මා පැවසුවොත් එනම්, ප්‍රාග්ධනයට තිබෙන්නේ විනෝද (enjoyment) තර්කනයක්. නැතිනම් ප්‍රේරණයක් (Drive). එම නිසා එම ප්‍රේරණය හේතුකොට ගෙන system එක වුවත් විනාශ වීමේ තර්කනයක් පවතී. එහිදි සිස්ටම් එකෙහි විනාශය යනුවෙන් අදහස් කරන්නේ නිර්ධනයා විසින් තමන්ව වටහා ගැනීමක් නොව, තමන්වම ගබ්සා කර ගැනීමක් තමයි එහිදි සිදුවන්නේ. මෙතැනදී Post Capitalism යනුවෙන් අදහස් කරනු ලබන්නේ ධනවාදය අවසන්වී නව යුගයක් බිහිවීමේදී  ඒ සමාජය තුළ නිර්ධනයා යනුවෙන් කෙනෙකු ද  නොමැති බවයි. මාක්ස්වාදය සම්බන්ධයෙන් Back ground  එක වන්නේ එයයි.

මාක්ස්ගේ මෙම තර්කනය මොයිස් පොස්ටෝන් ගේනවා. එනම්, ඉතිහාසයේ එක මොහොතකට පසුව පසු අවර්තිතව ප්‍රාග්ධනය ශ්‍රම ශක්තියේ අගය මගින් වටිනාකම් නිපදවන  බවය. නමුත් ශ්‍රමය තුළින්  ධනය හෝ සම්පත්  නිපදවීම යල් පනින නමුත්,  ප්‍රාග්ධනයට ශ්‍රමය අවශ්‍යයි. මෙන්න මේ සඳහා ද්විත්ව තර්කනයක්  තිබෙන බවයි ඔහු පවසන්නේ. ධනවාදය තුළ වටිනාකම්, ධනය හා සම්පත් නිපදවීමට ශ්‍රමය අවශ්‍යයි. නමුත් එය ධනවාදයේම තර්කනයක්  හේතුවෙන් එම ශ්‍රමය රදා පවතින්න ”පරායත්ත වීම” යල් පැන යන බවත් ,  ඒ නිසාම  එතැනින් මූල්‍යකරණය  ආරම්භවීමත්   සිදුවන බව ඔහුගේ අදහසයි. ඒ අනුව අපට පැවසිය හැකියි ‘පශ්චාත්-නූතන’ ව්‍යුහයයේ ආරම්භවීම කියන්නෙත් මෙයටම බව. මෙය හදුන්වන්නේ Cultural turn යනුවෙනි.

මා හිතන්නේ බටහිර මාක්ස්වාදයේ ආරම්භය තිබෙන්නේ  මෙම සංස්කෘතික හැරවුමේදි බවයි . මෙහි අර්ථය වන්නේ ධනය නිපදවීම පිණිස නව මූලශ්‍ර ප්‍රාග්ධනය විසින් සොයනවා යන්නයි. ණය නම් ප්‍රපංචයට නව පණක් පැමිණෙන්නේ මේ මොහොතට පසුවයි. අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය කරන ක්‍රියාවලිය තව දුරටත් අධ්‍යනය කරන කොට අපට වැටහෙන දෙයක් වන්නේ එය එක තැන පල්වෙන දෙයක් බවය. මේ හේතුව නිසා වස්තුව, ධනය නිපදවීමේ සෑම මූලශ්‍රයක්ම ධනවාදය ප්‍රයෝජනයට  ගන්නවා මෙන්ම,  මින් පසු ධනය නිපදවීමේ, නැතිනම් අතිරික්ත වටිනාකම් නිපදවීමේ මුලාශ්‍රය  වන්නේ  ”මිනිස් ජීවිතයමයි”. එනම්, සංස්කෘතියම පාරිභෝගික භාණ්ඩකරණයට ලක්වීම යන කාරණය. එමෙන්ම සමාජ ජීවිතයේ සෑම විවිධ සාරයන් ආගම, ලිංගිකත්වය, දැනුම මිනිස් සබඳතා යන මේ සියල්ල  සමාජ ජීවිතයේ ධනවාදයේ සදාචාර වාදී ආර්ථිකය විනාශ කරනවා යනුවෙන් අදහස් කරනු ලබන්නේ ද මෙයයි.  

උදාහරණයක් වශයෙන් මේ සඳහා Land Rover jeep advertisement එකත්, Commercial credit මූල්‍ය සමාගම මඟින් මෑත කාලයේ ප්‍රචාරය කරවු දැන්වීම ( තාත්ත සහ දුව ගමන්ගත් වාහනය නැවතුනු පසුව ත්‍රීවිලර් රියදුරෙකු කාරය සෑදීමමේ දැන්වීම)  නරඹීඹ තුළත් මෙම තත්වය අධ්‍යනය කළ  හැකියි.

මෙන්න මෙතැනදී තමයි පොස්ටොන් පවසන්නේ ප්‍රාග්ධනය අතිරික්ත වටිනාකම් නිපදවීම සඳහා,  ශ්‍රමයෙන් ”අපේම ජීවිතය” පැත්තට නැවත හැරෙනව යනුවෙන්. මේ තත්වය අපට සමපේක්ෂණය යනුවෙන්ද හදුන්වන්ට හැකියි.

මෙතෙක් ධනවාදය වටහා ගත්තේ තනි කඳක් සහිත ගසක් ලෙස නම් මින් පසුව  එම තනි ගස අතු දෙකකට බෙදෙනවා. එනම්, එකක් ධනවාදය , අනෙක ඒ තුළම තිබෙන ”පශ්චාත් ධනවාදය” වශයෙන්. මෙම හේතුවෙන් සිදුවන්නේ සමාජ ප්‍රඡාතන්ත්‍රවාදය සහ වාමාංශය අභාවයට යන අතර, නව දක්ශිනාංශික දේශපාලන සංවිධාන බිහිවීම ආරම්භවීම සිදුවන බව පොස්ටොන් පවසනවා. එහිදී බාහිර සතුරෙකු පෙන්වා දේශපාලනය කිරීම ආරම්භ වන අතර, ජාතික සහ දේශීය උත්තර යළි සෙවීමත්, අතීතකාමී වීම (Nostalgia) නැවත නැවතත් සිදුවීම , නැතිනම් ‘අතීතය’ දිව්‍යමය ලෙස නැවතත් වටිනාකම් ලෙස පැමිණිම සිදුවේ. අතීතයට වන්දනාමාන කිරීම යන්නට තිබෙන තවත් නමක් වන්නේ පශ්චාත්- නූතනවාදයයි.  එනම් එහිදි සිදුවන්නේ ද අතීතය නව ආකාරයකින් වන්දනාමාන කිරීමයි. එ නිසාම පශ්චාත් නිර්ධනයින්ගේ අනාගතයක් අපට අවශ්‍ය වී තිබෙනවා.

මෙම තත්වය සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කළහොත්, අතිරික්ත වටිනාකම රදා පවතින්නේ අතිරික්ත විනෝදය මතයි. මෙම අතිරික්ත වටිනාකම අහෝසි කළ විගස එහි විපාකය වන්නේ එයට පාදක වූ නිෂ්පාදන හඹායාම අතුරුදහන් වීමයි. මාක්ස්ගේ අශාවේ වස්තුව වන්නේ බාධාවෙන් තොරව අඛණ්ඩව සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය මත එය රදා පවතිනවා යන්නයි. මේ සඳහා ජිජැක් විසින් ගෙන එනු ලබන උදාහරණය වන්නේ වර්ටිගෝ – VERTIGO-සිනමා පටයේ සිටින මැඩලින්ගේ ආශාවේ වස්තුව  නම් ඇයගෙ ‘කොණ්ඩය’ ආශාවේ වස්තු හේතුව වන බවයි.

ඒ අනුව අපට තව දුරටත් වටහා ගත හැකියි ආශාවේ වස්තු හේතුව අතිරික්ත වටිනාකම් නිපදවීමෙදී ස්වයං බාධාවක්. නැතිනම් නිෂ්පාදනයක් නැහැ යනුවෙන්.

මින්පසුව අපට බුර්ෂුවා පංතිය සම්බන්ධයෙන් ඇලෙක්සැන්ඩර් කොජෙව් විසින් සාකච්ඡා කළ කරුණු ඇසුරින් බුර්ෂුවා පංතිය යනුවෙන් අදහස් කරනු ලබන්නේ කවුද යන්න විමසා බැලිය හැකිය.  ඔහු  බුර්ෂුවා පංතිය යනුවෙන් අදහස් කරන්නේ  Free Industry නැතිනම් ‘නිදහස් පුද්ගලවාදයයි’.

“The slaves them-self become without pseudos  masters. Therefore opposition  of Mastery and Slavery is over cut not however because the Salve have become true masters. The unification pseudo masters.  Which is in fact   the pseudo  slavery.  The Slavery without Masters. This Masters without  Slaves is what Hegal call the බුර්ෂුවා  – the privet property owner”

පොස්ටොන් පැවසු කාරණය සාරාංශ කළ විට ලංකාවේ උදාහරණයකින් අපට මේ තත්වය තේරුම් ගත හැකියි. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති  නිල වශයෙන් සහභාගිවුණු රුපවාහිනි වැඩසටහන් බොහොමයකට සවන් දුන්විට ඔහුට බැංකු සම්බන්ධයෙන් තිබෙන ගැටළු ඇසු විට ඔහු බොහොම සැහැල්ලුවෙන් පිළිතුරු ලබා දෙනවා.  මෙම වසංගත තත්වයත් සමඟ ඇතිවුණු තත්වය සමඟ බොහො පිරිස ඔහුගෙන් අහනවා ණය සහ ලීසිං පිළිබදව. තමන්ගේ ණය, ලිසිං, සහ ව්‍යාපාර සම්බන්ධව මහ බැංකුව විසින් ඉදිරියේදී ගනු ලබන තීරණයන් කුමනාකාරදැයි විමසනවා. එවිට ඔහු අප විසින් සමපේක්ෂණය සම්බන්ධයෙන්  පළමු කොටසේදි සාකච්චා කල දෙය කතා කරා. ඇත්තටම  බැංකුව සතුව තිබෙන්නේ රුපියල් 1000/- යි. එය නව පාරක් මුදල් මැවුවොත් එය 9000/- ක් බවට පත්වනවා. එවිට අතේ තිබෙන්නේ රුපියල් දහස නම්, මුදල් ලෙස මැව් රුපියල් නම දහසත් සමඟ රුපියල් -10000/ – ක් ණය වශයෙන් ලබා දෙන්නට හැකියා පවතිනවා. ඒ අනුව බැංකුවකට මුදල් 9 ගුණයක් මවන්නට පුළුවන් බව අප පෙර සාකච්ඡා කලා. ඒක වෙන අයෙකුට කරන්න බැහැ. කර්මාන්ත ශාලාවකට බැහැ. නැතිනම් කාටවත් ප්‍රාග්ධනය මෙලෙස වැඩි කරගන්න බැහැ. මේ නිසා මේ සම්බන්ධයෙන් නිෂ්පාදනය සම්බන්ධයෙන් කටයුතු සිදු කරන සියලුම ව්‍යාපාරිකයින්ට ගැටළු පැන නගිනවා.  නමුත් මේ සම්බන්ධව ඉහත නිලධාරියා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ බැංකු 32 ක් පවතින බවත්, එයින් බැංකු 26 ක් තමයි මූලික ලෙස බැංකු වන්නේ. එම  විශේෂිත සේවා වලට  තිබෙන ඉතුරුම් බැංකු. එම බැංකු 26ට අදාළව ඔහු පවසන්නේ බැංකු  වලට මුදල් මවන්නට හැකියි. නමුත් සීමාවක් සහිතව. එම බැංකු වලට වඩා උසස් බැංකුවකින් නියෝග කළ පසු. නැතිනම් මහ බැංකුවට පුළුවන් අර අනෙක් බැංකු වල තිබෙන මුදල් මැවීම විචල්‍ය කිරීමට. එහි තේරුම මහජන බැංකුවට හෝ ලංකා බැංකුවට බැහැ තමන්ට ඕන ඕන විදිහට මුදල් මවන්න. ඒකට යම්කිසි රේටින් එකක් මහ බැංකුව විසින් ලබාදී තිබෙනවා. මෙන්න මෙච්චරක් ද්‍රවශීලතාවය පවත්වාගන්න යනුවෙන්. එක රදා පවත්වා ගන්න නම් නිතරම බැංකුව තුළ මෙච්චර මුදලක් සෑම විටම තබා ගැනීමටත් අනිවාර්යයි. මෙම වසංගත තත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය ජනරාල් වරයා පවසන්නේ ඉදිරියේදී මෙම වසංගතය හේතුවෙන් ලැබු පාඩුව සම්පූර්ණයෙන් ගණනය කර එම පාඩුවට අදාළව ද්‍රවශීලතාවය යුනිට් එක එහා මෙහා දැම්ම පසුව එම පාඩුව සිස්ටම් එකට නැවත පියවා ගතහැකි බවයි. එතනදී වෙන්නෙත් මෙම පාඩුව මුදල් මැවීමේ ක්‍රියාවලියකට ඇතුළත් කිරීමයි. එවිට පාඩුවක් නැති වෙනවා. ඔහු පවසන්නේ  බැංකු ටික මේ වන විටත් බෙල් අවුට් කර තිබෙන බවත්, ඒ සදහා මේ වන විට මුදල් ලබාදී ඇති බවත්. ඒ අනුව පොදු මහජනයාට ඔවුන්ගේ ගෙවීම් යම් කිසි කාලයකට ගෙවීම ප්‍රමාද කර ගත හැකියි. එවිට මේ ක්‍රමයේදී වන්නේ එම කල් දැමිමට අවශ්‍ය මුදල මැවීමයි. එය ගෙවා ගැනීමට අපහසුවුවහොත් එයත් ගැටළුවක් නැහැ. බෙල් අවුට් කරනවා. බෙල් අවුට් කරනවා යනු මුදල් නැතිනම් කවුරු හෝ මුදල් ලබා දෙන බවයි.මහ බැංකුව ඒ සඳහා ජාත්‍යාන්තරව ඔවුන් හා සම්බන්ධ මහ බැංකුවලින් මුදල් ලබා ගැනීම සිදු කරන බවත් ඔහු පවසනවා. මේ වන විටත් ඔවුන්ගෙන් සමහරක් මුදල් ලබාදී තිබෙන බවත්පැවසෙනවා.

 

(2020.4.28 දින දීප්ති විසින් සිදු කළ සාකච්ඡාවට අනුව සකස්කරන ලදී)

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ලියපු එකාටවත් කියෙව්වට තේරෙනවද දන්නෑ.නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ ගත්තා වගේ තමයි කියන්න තියෙන්නෙ

Comments are closed.