ශ්‍රී ලංකාව තුළ ධනවාදයට එරෙහි දෘෂ්ටිවාදී අරගලයේ දී පක්ෂ දේශපාලනයට මුහුණ දීමට සිදුවන ප්‍රබලම අභියෝගය වන්නේ ධනවාදය සමග ස්ත්‍රී සංකල්ප රූපය සමපාත වීමයි. ලංකාවේ මුඛ්‍ය පන්ති අරගලය වැටී ඇත්තේ ගම – නගරය අතර පවතින දේශපාලන ආර්ථිකය තුළය. එහිදී තීරණාත්මක සාධකය වන්නේ ස්වපීඩක පිරිමියා (ග්‍රාමීය) සහ පරපීඩක ස්ත්‍රිය (නාගරික) අතර බිහිවන ලුබ්ධිමය සමාජ බන්ධනය යි. 20 වැනි සියවසේ සමාජවාදී අත්දැකීම් වියැකෙමින් යන අවධියක වාස්තවික යථාර්ථය පසෙකට තල්ලු කරමින් අධිනිශ්චය වන්නේ මිනිසුන්ගේ ලුබ්ධි ආර්ථිකය යි. වසර කිහිපයක සිට අප විසින් කරන ලද පර්යේෂණයක ක්ෂේත්‍ර සටහන් අසම්පූර්ණ ලෙස පහත පෙළගස්වා ඇත. ජීවතුන් අතර සිටින මිනිසුන් සම්බන්ධයෙන් තිබිය යුතු ආචාර විද්‍යා මූලධර්මය, අප මෙහි දී බිඳ හෙළා ඇත. එහි වගකීම අප බාරගන්නේ ‘සමාජ යහපත’ නම් පරමාදර්ශය වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කරන යුගයක විද්‍යාවට වෙනත් මාර්ග නොමැති නිසාය. පෝෂණ විද්‍යාව තුළ බිත්තරයක කහ මදය එහි සුදු මදයට වඩා අධිනිශ්චය වූවත් දේශපාලනය තුළ කහ මදයට ඇත්තේ පරිහාසාත්මක අගයකි. කෙනෙකුට මේවා කුණු කන්දල් ලෙස ඉවත දැමිය හැකිය. නමුත් 21 වැනි සියවසේ දේශපාලනය කරන පක්ෂවලට පහත පර්යේෂණය අලුත් ගවේෂණ ක්ෂේත්‍රයක් යෝජනා කරයි. 


\\\\\\\\\\\\\\\\\\\\\\||||||||||||\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\|||||

අප ලාංකීය දේශපාලනය තුළ මේ වන විට අත් දැක ඇති කාරණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික දේශපාලනයේ නිරත වූවන් තමාගේ මව් පක්ෂය සමඟ අමනාප  වූ විට, ඔවුන් ගියේ අන්ත දක්ෂිණාංශික පක්ෂ වලටය. උදාහරණය වශයෙන් විමල් වීරවංශ නතර වූයේ මහින්ද රාජපක්ෂ අසලය. නන්දන ගුණතිලක වැන්නෙක් එක්සත් ජාතික පක්ෂයේ ඡන්දය ඉල්ලීය.  අපගේ X දේශපාලනය සමඟ අමනාප වූ බොහෝ පිරිස යොමු වුණේ ද ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරීත්වයට ය. නමුත් අප සංවිධානයට ඉතාම තක්කඩි වැඩ සිදු කර, අවස්ථාවාදියෙකු වූ රුවන් බස්නායක ඇදී ගියේ අධ්‍යාත්මික පැති මානයකටය. දැන් ඔහු එම ලෝකයට පෙන්වමින් සිටින්නේ ඉතාමත් අවිහිංසක යෝගීවරයෙකුගේ භූමිකාවයි. රුවන් බස්නායක සැබවින්ම යෝගීවරයෙක්ද?

                  රුවන් බස්නායක අප සංවිධානයට සම්බන්ධ වන්නේ කුරුණෑගල සිට අපට සම්බන්ධ වූ අරුණ බණ්ඩාර නම් වූ සමාජිකයා මාර්ගයෙනි. අරුණ බණ්ඩාර යනු සටන් කලා ගුරුවරයෙකි. එවකට බස්නායක ඔහුගේ සටන් කලා පංතියේ ශිෂ්‍යෙයකු විය. ඔහු අප සංවිධානයට පැමිණියේ මේ සමාජය වෙනස් කිරීමේ දේශපාලනයකට උරදීමට බව එකල සංවිධානය වෙත පැමිණි ඔහු කෙරෙන් දිස් විය. ඒ අනුව,  දීප්ති විසින් අධ්‍යාපන පාඨමාලාවන් ආරම්භකළ පසු කොළඹ විශ්ව විද්‍යාලයේ ඇරඹි අධ්‍යනකවය තුළට -1998-සම්බන්ධ වුණු ඔහු ව්‍යුහවාදය, මනෝ විශ්ලේෂණය, පමණක් නොව අප අධ්‍යාපන ක්‍රියාවලියේ ෆූකෝ සහ ඩෙරීඩා දක්වා අධ්‍යාපනය ලැබූ අතර, ඔහු අප සංවිධානයට පැමිණියේ මිය යන තුරු අප සංවිධානය සමඟ සිටින බව අනෙක්  සමාජිකත්වයට එත්තු ගන්වමිනි. ඔහු සංවිධානය තුළ සිටියේ නිහඩවය. ඔහු කෙරෙන් බාහිරට දිස් වූයේ නිර්-ලිංගික ස්වරූපයකි. බස්නායක නිහඬ චරිතයක් වීම සහ ඔහු තමාගේ ජීවිතය සම්බන්ධයෙන්  විවෘත නොවීම වඩාත් බලපෑවේ ඔහුට නොව, ඔහු ගේ ගුප්ත භාවය වටා එක්රැස්ව ඔහුව විශ්වාස කළ පිරිසට ය.  ඔහු දීප්තිගේ ද සැබෑ විශ්වාසවන්තයෙකු බවට නිරායාසයෙන් පත් විය. දීප්තිට සහ අනූෂාට මෙන්ම සංවිධානයට ආදරය දක්වන බවක් පෙන්වීය. අප සංවිධානයට පැමිණියද ඔහු ඉරිදා දිනවල ඉතා කෙටිකලක් අප සංවිධානයේ සමහරුන් වෙත තම සටන් කලා දැනුම බෙදා දුනි. නාවල නිවසේදී ඔහුගේ සටන් කලා පංතියට නදී ජයවීර සහභාගී වුණු අතර , සිරිමල් උයන නිවසේදී ඔහුගේ සටන් කලා පංතියට ප්‍රභා මනුරත්න සම්බන්ධ විය.  

               නාවල නිවසේ දී  බස්නායකගේ නිහඬ ගුප්ත භාවයට උමතුවෙන් මෙන් ආදරය කළ තරුණිය වූයේ නදී ජයවීරය. ඇත්ත වශයෙන්ම නදී සම්බන්ධයෙන් එකල කවුරුත් දන්නා විහිළුව  වූයේ  නදී අප සංවිධානයට පැමිණ තිබුනේ වෙනත් කෙනෙකුට දීප්තිගේ පංතියට පැමිණෙන ලෙස යොමු කළ පණිවිඩයක් වැරදියට තේරුම් ගෙනය. ඇය එදින දීප්තිගේ පංතියෙහි වාඩි වී පැවසුවේ… ”ඔව් මම වැරදීමකින් වෙනත් කෙනෙකුට යොමුකළ පණිවිඩයක් නිසා ආව තමයි,.. ඒ වුණාට මට හිතෙනවා මෙතන මට හොදයි කියලා…” යනුවෙනි. නදී බස්නායකට බෙහෙවින් ආදරය දක්වමින්  නාවල නිවසට නිතර ආගිය අතර, ඇය ඔහු සම්බන්ධයෙන් වඩාත් බලාපොරොත්තු තබාගෙන සිටින ලදී. මෙම බලාපොරොත්තු තබාගෙන, ආදරය කිරීමට බස්නායකගේ ද විරුද්ධත්වයක් නොවීය. ඇය නාවල නිවසට පැමිණෙන්නේ බස්නායකට නිවාඩු දිනයේදී ය. ඇය එදිනට පැමිණ දවස පුරාම ඔහුත් සමග එකතුවී කාමරය අස්පස්කර දමයි,  නාවල හන්දියට ගොස් දෙදෙනාම දිවා ආහාර සහ අනෙකුත් දේවල් මිලදී ගනියි. ඔහුගේ සියලු අවතේව කාර්යයන් සිදුකරයි. විටෙක බසී ඇදේ ඇලවී සිටියදී ඇය ද ඔහු අසලින් ඇලවී පොතක් බලමින් සිටියි. තමාට ආකර්ෂණය වන ගැහැණිය සම්බන්ධයෙන් විරුද්ධ නොවීම යනු ඇයට ඇති කැමැත්තයි.   නදී ඔහුට කෙතරම් ආදරය කළේ ද යත්, නදී අප සංවිධානයට පවසා සිටියේ ඇය සංවිධානයට පැමිණෙන්නේ දේශපාලනය කිරීමට නොව බස්නායකට ඇති කැමැත්ත නිසා බවයි.                  

                     ඉන්පසුව සිරිමල් උයන නිවසේදී අප සමාජිකත්වය වෙත ලැබුණු ආරංචිය වූයේ බස්නායක හිටි හැටියේම New-පෙම්වතෙකු බවට පත්වී ඇති බවය. ඔහුගේ පෙම්වතිය බවට පත්ව සිටියේ ප්‍රභාය.  නදී  දිගින් දිගටම බස්නායකට ආදරය දක්වමින් ඔහු වෙත පැමිණි අතර එම ආදරය තඹේකට මායිම් නොකර බස්නායක නදීව අතහැර, ඉතාමත් New ආකාරකට ප්‍රභා  සමඟ සම්බන්ධයක් පටන් ගන්නා ලදී. මේ බව එකල සංවිධානයේ බොහෝ පිරිස ද දැනුවත්ව සිටියේ ය.  

            ඒ තාක් අහිංසකයෙක් මෙන් සිටි බස්නායක ඉන්පසුව සංවිධානය තුළ කතා කරන්නටත්, සිතුටින් සිටින ආකාරයක් පෙන්නුම් කළේය. ඒ අනුව  90 දශකයේ අග භාගයේ දී  නිහඬ, තාපසයෙකු බදු මිනිසෙකු සිනහ වෙමින්,  කතා කිරීම ඇරඹියේ 2003 වර්ෂයේදී ය. එකල ඔහු Eagles  සංගීත කණ්ඩායමේ මියුරු ගීතයක් වූ Hotel California වැනි ගීතයක් නිතර අසන්නට වූවා අපට මතකය. සෑම දිනකම ඔහු ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වා ප්‍රභා සමඟ පයින් ගොස්,  දුම්රියෙන් ප්‍රභා සමග ප්‍රභාමත්ව තම රැකියා ස්ථානය කරා  පිටත්ව ගියේ ය. බස්නායකගේ සහ ප්‍රභාගේ ආදර සම්බන්ධය පිළිබඳ දැනගත් පසු නදී විසින් එකළ හදිසියේම ගල්කිස්ස දුම්රිය ස්ථානයට යන පාරෙන් ඇනෙක්ස් එකක්ද කුලියට ගන්නා ලදී. ඉන්පසුව උදෑසන  ප්‍රභා සහ බස්නායක ගල්කිස්ස දුම්රිය ස්ථානයට යන විට ඇය ද ඒ සමඟින් ඔවුන් හා එක් වීය. එකල නදී සේවය කළේ කොල්ලුපිටිය දැන්වීම් ආයතනයකය.

 බස්නායක සෑම සවසකම රැකියාව අවසන් කර නැවත සංවිධාන නිවසට පැමිණියේ ද ප්‍රභා සමඟිනි. එසේ පැමිණෙන ඔහු කෙලින්ම අපගේ  සවුන්ඩ් සෙටප් එක වෙත ගොස්  බීතෝවන්ගේ සීඩී තැටියක්  වාදනය වන්නට දමා, නැවත පැමිණ සංවිධානයේ  ආලින්දයේ ඇති සෙටියේ වාඩිවී ප්‍රභා සමඟින් සිනහ වෙමින් කතා කරමින් සිටියි. (එකල බස්නායක සංවිධානයේ නිවසේ නවාතැන්ගෙන සිටි  අතර, සංවිධානයේ නිවසට ආසන්නව ප්‍රභා ගේ නිවස පිහිටා තිබුණි)  ඔවුන් ඉතා නිදහස්ව සංවිධානය තුළ හැසුරුණු අතර, කිසිවෙකු මෙම පෙම්වතුන්ට බාධා නොකළෝ ය. ඉන්පසු නා පිරිසිදු වී නැවත ප්‍රභාව ඇගේ නිවසට හැරලන්නට ඔහු යන්නේ ය. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ඇරඹුණ දා සිට බස්නායකගේ දවසේ ජීවිතය ගෙවී ගියේ ඒ ආකාරයෙනි. එකල බස්නායකට වයස අවුරුදු 34 ක් පමණ වූ අතර, ප්‍රභාට වයස අවුරුදු 28 ක් පමණ විය. සමහර විට බස්නායකගේ හැසිරීමට අනුව අපට පෙනී ගියේ ඔහුගේ පළමු පෙම්වතිය වන්නට ඇත්තේ ප්‍රභා බවය. එක අතකට තම යෞවන වියේදී විදින්නට තිබූ අත්දැකීමක් ප්‍රමාදවී හමුවීමෙන් ඔහු වඩාත් උද්දාමයට පත්වූ ආකාරයක් දිස්විය. තාපසයෙකු බවට පත්ව සිටි අයෙකු පෙම්වතෙකු බවට පත්වීමේ ආශ්චර්යමත් අත්දැකීම අප ලබා ගත්තේ  එලෙසිනි. එකල දීප්තිගේ සෙනසුරාදා අධ්‍යනකවයේ පිටුපසම පේලියේ කෙළවරම සිටියේ බස්නායක සහ ප්‍රභා ය, ප්‍රභාට අනෙක් පසින් සිටියේ බුද්ධික ය.

                           මෙලෙස සුන්දර ප්‍රේමාන්විත ජීවිතයක් ගත කළ බස්නායකගේ දිවිය වෙනස් වුණු ලක්ෂය පැමිණියේ 2004.12.26 දිනෙන් පසුවය. එනම් එදින ඔහු  සංවිධානයට වඩා ප්‍රභාව විශ්වාස කර, ඇයත් සමඟ සංවිධානය හැර දමා ගියේ ය. මෙම අභිනිෂ්ක්‍රමණයේ අරමුණ වූයේ තමා ඉතා ආදරය කළ පෙම්වතිය සමඟ නිදහසේ ජීවත්වීම ය. ඉන්පසු ඔවුන්ට සිදුවූ සිදුවීම් සුමිත් විසින් ත්‍රිමාන වෙබ් පිටුවට යොමු කර තිබූ ඔහුගේ හඬ පටයේ සවිස්තරව තිබුණි. ඊට අනුව, සංවිධානය හැර ගිය පිරිස විසින් මහරගම ගැම්බර්ග් වත්තේ නිවසක් කුළියට ගන්නා ලදී. එම නිවසේදී ප්‍රභා ප්‍රේම කරන්නේ බුද්ධික සමඟය. ප්‍රසිද්ධියේ ප්‍රභා සිප වැලද ගන්නේ බුද්ධිකවය, තම කාමර සඟයා කර ගනු ලබන්නේ බස්නායක නොව, බුද්ධිකවය. බස්නායක වික්ෂිප්තවී, ශෝඛයෙන් එදෙස බලා සිටිනවාට වඩා වෙන දෙයක් කර නොමැත. ඉන්පසුව තමාගේ පෙම්වතියගෙන් සහ තමාගේ මූළස්ථානයේ  විශ්වාසවන්ත මිතුරා වූ බුද්ධික බණ්ඩාරගෙන් තමාට සිදුවූ  මෙම අකරතැබ්බය සම්බන්ධයෙන් ඔහුට කතා කිරීමට සිටියේ හිස් අහස පමණී. බස්නායකගෙන් ද සඟවමින් බුද්ධික සමඟ තම පෙම්වතිය  ආදරයක් අරබා ඇති බව බස්නායක දැන ගන්නේ අප සංවිධානයෙන් ඉවත්ව, මහරගම නිවසට ගිය විටදීය.  ප්‍රභා සහ බුද්ධික තක්කඩීන් බව ලෝකයට ඔහුට පැවසීමට නොහැකිය…මන්ද යත්, බස්නායක ඇතුළු මෙම පිරිස විසින් අප සංවිධානයට ඊටත් වඩා තක්කඩිකමක් කර අවසන්ව තිබුණි.  එම අවස්ථාවේදී ඔහුගෙ මානසික තත්වය හරියටම චෙස්බෝඩ්යක කෙලවරදී චෙක් මෙට් තත්වයටපත්වුණු චෙස්බෝඩයේ king ඉත්තාගේ ඉරණම පරිදි විය. කොහෙටවත් යන්නට බැරිය,.. ආපසු යන්නටත් බැරිය….නැවත හැරී එන්නටත් බැරිය…. තත්වයට මුහුණ නොදිත් බැරිය. අවසානයේදී බස්නායක තෝරා ගත්තේ තත්වයට මුහුණදීමටය.  නමුත් එය ව්‍යාජ මුහුණ දීමකි. දුක තද කරන් සිදු කළ ව්‍යාජ රඟපෑමකි. ඒ අනුව ඉතාම කෙටි කලකින් අප සංවිධානයට සිදු කළ කැත වැඩයේ වික්ෂිප්ත දිගු වේදනාව ලැබුණේ බස්නායකටය.  ඒ අනුව ඔහුට සිදු වූ මෙම අත්දැකීම මනෝ විශ්ලේෂණාත්මක අර්ථයෙන් ක්ෂතිමය අත්දැකීමක් ලෙස හැදින්විය හැකිය.

              පසු කාලීනව අප සංවිධානය කඩා බිඳ දැමූවන් කිසිවක් නොකර තම තමන්ගේ වැඩ බලා ගෙන සිටි අතර, 2005 වන විට ඔහුගේ පෙම්වතිය ප්‍රභා බුද්ධික සමඟ විදේශ ගත විය.  පසුව ඔහු මෙම ක්ෂතිමය අත්දැකීමෙන් ගැලවීමට විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීම ඇරඹීය. සටන් කලා පංති ඇරඹීම, යෝගී ජීවිතය, කැලෑගත භාවනා පංති වැනි ක්‍රියා කාරකම් වලට අමතරව ඔහුගේ නවතම ඉසව්ව වන්නේ සිංහරාජයේ අපි සංවිධානය සමඟ එක්ව කටයුතු කිරීමට යොමු වීමයි.  

            අප වැනි දියුණු ව්‍යුහවාදය, පශ්චාත් මාක්ස්වාදය සහ මනෝ විශ්ලේෂණය වැනි අධ්‍යාපන සම්ප්‍රදායන් සහිත සංවිධානයකින් ඉවත්වූ පුද්ගලයෙකු සිංහරාජයේ විශාල ගසකට අත තබාගෙන දැහැන්ගත වීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? (මේ සමඟ ඵළකර ඇති ඔහුගේ ඡායාරූය දෙස නැවත බලන්න යයි ඔබට ඇරයුම් කරමි) එම ඡායාරූපයට අනුව සුදු පැහැති ඇදුමක් හැද, තම දෑස තදකර වසාගෙන විශාල ගසක් ස්පර්ශ කරමින් දැහැන්ගතවී සිටින බස්නායකව ඔබට දැකගත හැකිය. එම ඡායාරූපයෙන් ප්‍රකාශමාන වන්නේ කුමක්ද?  බස්නායක නැමැති පුද්ගලයා ඔහු සතු ආත්මයට අමතරව, ඔහු ස්පර්ශ කරන විශාල රුක්ෂයටද ආත්මක් ඇති බව ඔහු තුළ තිබෙන විශ්වාසය නොවේද? ඔහු දැහැන්ගතව  සිටින ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ ආත්මය සහ ගසේ පවතී යයි ඔහු සිතන ආත්මය එක් මොහොතකට එක්වීමයි. එවැනි අත්දැකීමක් ඔබට ලබා ගත හැකි සිනමාමය අත්දැකීම වන්නේ ජේම්ස් කැමරන්ගේ Avatar සිනමා කෘතියයි. එම සිනමා පටයට අනුව පිටසක්වල මෙවැනි ආත්මීය ගසක් පවතින අතර,  පෘථීවියෙන් එම ලෝකයට යන ජෙක් සූලි නම් තරුණයා එක් අවස්ථාවක බස්නායක මෙන් එම ආත්මීය ගස සමඟ දැහැන්ගතව එම වෘක්ෂයේ ආත්මය හා සම්බන්ධවේ. අපගේ සංවිධානයෙන් ඉවත්වුණු බස්නායක ද මේ දිනවල සිටින්නේ ජෙක් සුලී කෙනෙකු බවට පත්වීය.  

                ඔහු එම ගස කපා දමන ඡායාරූපයක් තම ෆේස්බුක් පිටුවේ ඵලකරා නම් අපට ගැටළුවක් නැත…. ඔහු ගස ලග සිනහා වෙමින් පිංතූරයක් ලබා ගත්තේ  නම් එයද  සාමාන්‍යය තත්වයකි. නැතිනම් ඔහු බෝ ගසකට අරක් ගත් රුක් දෙවියෙකුට පහණක් පත්තු කළා නම්…  ජන සමාජයේ මිනිසුන්ට එවැනි විශ්වාසයන් ඇති බැවින් බස්නායකට ද සිදුවුණු අකරතැබ්බවල හැටියට එසේ ද විය හැකි යයි අප සිතන්නෙමු. නමුත් මෙතැන ඇති විශේෂත්වය ගසකට ආත්මයක් ඇති බව සිතමින්, ගස ලග දැහැන් ගතව එම ආත්මය හා බැඳීමක් ඇති කර ගන්නට යාමයි.      

                   අපගේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ බස්නායකට මඟහැරී යන්නේ කුමක්ද? නැතිනම් සංඥාව (sign) සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අපගේ සමාජිකයින් වෙත එකම පාඩම මාස 6 කට  වඩා සිදු කළ ගුරුවරයාට මඟහැරී යන්නේ කුමක්ද? නැතිනම් සෝෂියර් ගෙන් ඔහු ඉගන නොගත් පාඩම කුමක්ද?

                               සෝෂියර්ගේ මූළික සංකල්පය කුමක්දැයි පැහැදිලි කළොත් එය මෙසේය. එනම් අපෙන් බාහිර ලෝකයේ ‘දෙය’ Thing  ඇති අතර, එය ‘ගසක්’ ලෙස අප වටහා ගන්නා නාමකරණය නැතිනම් ‘සංඥාව’ (sign) මානසික සංකල්පයක් බවයි. එම මානසික සංකල්පය නිර්මාණය වන්නේ අපේම මනස තුළින් හැඟවුම සහ හැඟවුම්කාරකය ලෙස සිදුවන මානසික ක්‍රියාවලියකිනි. එම මානසික ක්‍රියාවලිය හැඟවුම්කරන ක්‍රියාවලිය එසේත් නැතිනම් (Signification) යනුවෙන් හැදින්විය හැකිය. එහිදි සිදුවන්නේ ‘දෙය’ නැමැති ‘ගස මරණයට පත්කොට’ ‘ගස’ නැමැති වචනය උපද්දවීමයි.

                  නැතිනම් ‘දෙය’ (thing)  අප විසින් මරාදමා අපවිසින් ‘සංඥාවක්’ බවට පත්කිරීමය. ඒ අනුව දෙය (thing)  තුළ දෙයමය වූ කිසිවක් නොමැති අතර, දෙය තුළ ඇත්තේ අප විසින් අලවා ඇති ඇති ‘වචන සමූහයි’.  එය නැවතත් වෙනත් ආකරයකට පැවසුවහොත් බටර් කේක් එකක් මතට චොක්ලට් අයිසින් දැමූ විට එය චොක්ලට් කේක් එකක් බව අප පවසන්නෙමු , බටර් කේක් එකක් මතට චෙරි සහ අන්නාසි  මිශ්‍රනයක් දැමූ විට එයට ගැටෝ කේක් කියාද අප නම් කරන්නෙමු. එහිදි සිදුවන්නේ බටර් කේක් එක මතට එක් එක් ද්‍රවනයන් අප විසින් දමා එයට විවිධ නාමකරණයන් ලබා දීමයි. ඒ අනුව බාහිර ලෝකයේ පවතින ‘දෙයට’ අප විසින් අපට පෙර පරම්පරාවලින් ලැබුණු දැනුම මතින් යම් නාමකරණක් ලබාදී එය සංඥාවක් බවට පත්කරන්නෙමු.

         මෙතැනදී අප බස්නායක සම්බන්ධයෙන් අප වටහාගත යුත්තේ ඔහු මෙම ගසෙහි  ගසට වඩා දෙයක් ඇත’-more ; enjoyment– යන්න විශ්වාස කරමින් දැහැන් ගත වන්නේ ඇයිද යන්නයි. එහිදී ඔහුට සිදුවන්නේ ඉහත  සඳහන්කළ හැඟවුම්කරණ ක්‍රියාවලිය (Signification)  පිළිබඳව අවබෝධයක් නොමැති වීමයි. හැඟවුම්කරණය ක්‍රියාවලිය යනු තේරුම් ගැනීම හෝ  අවබෝධ කරගැනීම නොවේ. හැඟවුම්කරණ කරණක්‍රියාවලිය යනු යම් කිසි දෙයක් සංඥාවක් හැටියට තේරුම් ගැනීමයි. එය සෝෂියර් විසින් හදුන්වා දුන්නේ විද්‍යාත්මක පදනමකිනි.  බස්නායක ගසක් ලග දැහැන්ගතවීමේ පිංතූරය දකින, බස්නායකව (දෙය) දන්නා යහලුවෙකු සිතන්නේ ඔහු පරිසරවාදියෙක් (සංඥාව) යනුවෙනි. එය අර්ථකරණයයි. නමුත් අප බස්නායක (දෙය) පිළිබඳ සිතන්නේ සංඥාකරණයෙනි. ඒ අනුව අපට වැටහෙන්නේ බස්නායක නැමැති  දෙය ක්ෂතිමය අත්දැකීමෙන් පලයායන්නට (සංඥාව)  උත්සාහ කරන ආකාරයයි. අප එම නිගමනයට පැමිණෙන්නේ බස්නායක සම්බන්ධයෙන් 1998 සිට ඔහුගේ සියලු ක්‍රියාකාරීත්වයන් අධ්‍යනය කොටගෙනය. 

            නමුත් බස්නායකට මෙම තත්වය පැහැදිලි කළ නොහැක. මන්ද යත්, ඔහු ඉතාම විශාල Ego එකක් සහිත පුද්ගලයෙක් වීමයි. එනම් තමා සම්බන්ධයෙන් විශාල ආත්මයක් නඩත්තු කරන්නෙකි. ඔහු සිතන්නේ ඔහුට කිසිදිනෙක වරදින්නේ නැති බවයි. වැරදීම් සිදුනොවන බවයි. උදහරණයක් විදිහට අනූෂා විසින් එක් අවස්ථාවකදී ඔහුගේ සටන් කලා ගුරුවරයා වන අරුණගේ අවමඟුල් දින ඔහුගෙන් පැනයක් ඇසීය. එනම් ඔයාලට වැරදුනා නේද? යනුවෙනුයි. ඔහු එවිට ඇයට ලබාදී තිබුණ පිළිතුර වන්නේ වැරදුනේ නැහැ යන පිළිතුරයි. වැරදුනේ නැති නම් ඔතරම් විශාල ගස්වල ආත්ම ඇතැයි සිතන්නේ ඇයි දැයි යමෙකුට ප්‍රශ්නයක් මතු කළ  හැකිය.  අපට කියන්නට ඇත්තේ ඔහු මුල් අවස්ථවේදී  ප්‍රභාට (thing) රැවටුනු අකාරයටම, දෙවනවර ගසට (thing)  රැවටී ඇති බවයි. මෙම අවස්ථා දෙකේදීම වූයේ ඔහුට හැඟවුම්කරණ ක්‍රියාවලිය නොතේරීමයි. තමාට බෙහෙවින් ආදරය කළ නදීව අතහැර,   ප්‍රභා වැනි ගැහැණියක් නිසා සමාජ සංවිධානයක් කඩා බිඳ දමා ගොස්,   ඒ ගැහැණිය තම හොඳම මිතුරා සමඟ යන තුරු නොදත් බස්නායක වැන්නන් සමාජයට කිසි දිනෙක හෙලි නොකරන්නේ  තමාගේ තක්කඩි කමෙන් පිරුණු ඉහත මා ලියූ ඔහුගේ ජීවිතයේ අතීතයයි. ප්‍රභා  විසින් අතහැර දමන ලද බස්නායකව නැවත පාවඩ දමා විවාහ කරගත් නදීට ඔහු කිසිදු දිනෙක ආදරය නොකරන සත්‍යයි.  සමාජය ඉදිරිපිට අහිංසකයින්  ලෙස පෙනීසිටින්නට උත්සාහ කරන මොවුන්ගේ දෙවියන් වන්නේ ගැහැණියගේ ශරීරයයි. අද යුගයේ වඩාත් මධ්‍යම පංතික ගැහැණුන් රැවටෙන්නේ තමා සම්බන්ධයෙන් කිසිවක් හෙලි නොකරන, නිහඩ – ගුප්ත භාවයෙන් පිරුණු බස්නායක වැනි පිරිමින්ටය.

පසු සටහන්:

( අප සංවිධානයේ දේශපාලනය අනවශ්‍ය බවත්, මා පැමිණෙන්නේ බස්නායක බැලීමට පමණක් බවත් පැවසූ නදී ට ලෙනින් නැවත කියවමු වැනි සංවාදයකට නිර්මාල් සමඟ සම්බන්ධ වීම යුගයේ විහිළුවක් නොවේද? නදී එම අවස්ථාවට සහභාගීවූයේ ඇයිද යන්න ඇයවත් නොදන්නා අතර, බස්නායක වැනි තාපසයෙකු හා විවාහ වූයේ ඇයිද යන්නෙහි මනොවීශ්ලෙෂණ විග්‍රහයක් ඉදිරියේදී අප විසින් ඉදිරිපත් කරන්නෙමු)    

ඔබේ අදහස කියන්න...