පුෂ්පජිත් සමඟ කරන ලද දේශපාලන සංවාදයේ දී ඔහු ඉතා වැදගත් නිරීක්ෂණයක් පැවසුවේ ය. ලංකාවේ මිනිසුන් තමන්ගේ දෛනික ජීවිතයේ දී, පාර පනින තැන සිට බදු ගෙවන තැන දක්වා රාජ්‍යයට අවනත නොවී කෝවිඩ් එන්නත ගහගන්න මේ තරම් කීකරු විදිහට පෝළිම්වලට ගාල් වන්නේ ඇයි?” මෙය, එන්නත ගැන ජිජැක්ගේ ප්‍රවාදයට එරෙහි ය. එන්නත ගැන ජිජැක්ගේ අදහස මෙසේ ය. “ඔබ එන්නතට එරෙහිව විරෝධය පළ කරන්න! ලිපි ලියන්න! විවාද කරන්න! හැබැයි, තමන්ගේ අනෙකා ගැන හිතා හෝ එන්නත විද ගැනීමට කීකරු වන්න!”

 

                   පසුගිය වසරේ හටගත් ලෝක පරිමාණ කෝවිඩ් වසංගතය හමුවේ, දුප්පත් රාජ්‍යයන් ආර්ථික වශයෙන් බංකොලොත් වෙමින් පවතින අතර ඔවුන්ව දේශපාලනිකව සහ ආර්ථිකව යටත් කිරීමට, හීලෑ කිරීමට නව ලෝක බලවතුන් (ඉන්දියාව, චීනය, රුසියාව, ජර්මනිය) උත්සාහ දරමින් සිටී. 

                   මේ ලෝක බලවතුන් හමුවේ, අපට විකල්ප නැති ද? තිබේ.

නමුත්, එම විකල්ප ක්‍රියාත්මක කිරීමට ඇටුවන් බැස ඇති පැරණි ආකල්ප සහිත මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ඉඩ දෙන්නේ නැත. අපට දැන් කිසිදු බාහිර රාජ්‍යයක් ඩොලර් වලින් ණය නිකුත් කරන්නේ නැත. එසේ වන්නේ, රාජපක්ෂ පාලනය සමඟ ගනුදෙණු නො කරන නිසා ය.

                  නමුත් අපට අවශ්‍ය නම්, පුද්ගලික හෙජ් සංචිත වලින් ඩොලර් ණය ගත හැකි ය. නමුත්, ඒ සඳහා තාක්ෂණික දැනුමක් සහිත වරලත් විනිමය නිලධාරීන් නැත. ධම්මික පෙරේරා කියන්නාක් මෙන්, ‘ඩොලර් ණය’ ලබා ගැනීමට අපගේ රාජ්‍ය ව්‍යුහය නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු ය. එහි දී, එරාන් වික්‍රමරත්න වැනි ආගමික අදහස් ඇති පුද්ගලයෙකු පවා බියෙන් තැති ගනියි. ඔවුන් ‘ඩොලර්’ පුද්ගලික අංශයෙන් ලබා ගැනීමට විරුද්ධ වන්නේ, ඒවා ‘කලු සල්ලි’ යැයි ඔවුන් සහ ඔවුන්ගේ පල්ලිය විශ්වාස කරන නිසා ය. ධම්මික පෙරේරා යනු, ලංකාවේ ”රුපියල් ආර්ථිකයේ ” මූල්‍ය ප්‍රාග්ධන හිමිකරුවා ය. ත්‍රීරෝද රථ රියදුරාගේ සිට ලක්ෂ 600 ක Range Rover ජීප් රථයක් මිලට ගන්නා ධනපතියා දක්වා ‘රුපියල්’ ණයට ගන්නේ ඔහුගෙන් ය. මේ සඳහා වෙනත් විකල්ප නැත. මන්දයත්, ලංකාවේ ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ’ ප්‍රජාතාන්ත්‍රික නැති නිසා ය. ලංකාව ඉදිරියට ගෙන යාමට ධම්මික ඇතුළු ප්‍රධාන ධනපතියන් 10 දෙනාට තවදුරටත් බැරි ය.[For this immanent reason, capitalism is increasingly dependent on public debt, low wages, centralisation of wealth and power, a permanent state of emergency, and financial acrobatics.] ඒ සඳහා, ධනවාදයට එරෙහි ‘කලාත්මක විචාර’ හෝ ‘පැරණි සමාජ විචාර’ වලංගු නැත.

                    පුෂ්පජිත්ට අනුව ධනවාදයට මිනිසුන් රුචි වන්නේ, එමගින් සහතික කරන ”ප්‍රගතිය”-Progress- නිසා ය. ඒ නිසා, අප යෝජනා කරන්නේ, ධනවාදය වඩා දියුණු කරන්න කියා ය. එවිට, අප වෙත එන්නේ, ප්‍රගතිය නොව විනාශය යි. එම විනාශය මඟින් විප්ලවීය වෙනස සිදු කරනු ඇත. ගොවියන්ට සහ රජයේ සේවකයන්ට දෙන ප්‍රගතිය පිළිබඳ බොරු පොරොන්දු වලින් ඉවත් විය යුතු ය. ‘ඩොලර් ආර්ථිකය’ විසින් ‘රුපියල් ආර්ථිකයට’ වෙනස්ව ආත්මයට ප්‍රවේගවත් විප්ලවීය අවබෝධයක් ලබා දෙනු ඇත. ඒ නිසා, අප ගොවිබිම් වෙතට හැරීම වෙනුවට යෝජනා කරන්නේ, බැංකු දෙසට හැරෙන්න කියා ය.[Today, capitalist power can be summed up with the names of the three biggest investment funds in the world: BlackRock, Vanguard and State Street Global Advisor. These giants, sitting at the centre of a huge galaxy of financial entities, manage a mass of value close to half the global GDP, and are major shareholders in around 90% of listed companies. Around them gravitate transnational institutions like the International Monetary Fund, the World Bank, the World Economic Forum, the Trilateral Commission, and the Bank for International Settlements, whose function is to coordinate consensus within the financial constellation. We can safely assume that all key strategic decisions – economic, political and military – are at least heavily influenced by these elites.]

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

ඔබේ අදහස කියන්න...