L : ලෙව් දවිදොවිච් , දැන්නම් ව්‍යවස්ථාදායකය හා රාජාණ්ඩුව අතර දයලෙක්තික ප්‍රතිවිරෝධය හොඳටම උඩු දුවල වගේ නේද පේන්නේ. කෙරෙන්ස්කිට කරගන්න අමාරු වග හොඳටම පැහැදිලියි. රට පුරා කලබල. යුද්ධය දිගටම ඇදෙනවා. සොල්දාදුවෝ අණ පිලි පදින්නේ නැහැ. ආහාර හා භාණ්ඩ හිඟය රට පුරා . ගොවියන්, කම්කරුවන් ජිවත්වෙන්නේ බොහොම අමාරුවෙන්. මේ දෙගොල්ලම ශිෂ්‍යයන් සමග එකතු වෙලා කැරැල්ලකට සැරසෙනවා. රට අරාජික වෙලා වගේ. කවුරු හරි රට පාලනය කරන්න පුළුවන් කෙනෙක් බලය ගන්න ඕනේ. ඒ තත්වය අප මත පැවරිලා කියලයි මට හිතෙන්නේ.

T: ව්ලැදිමීර් ඉලිච්, රට ගැන ඔබේ අදහසට මටත් එකඟ වෙන්න පුළුවන්. රාජාණ්ඩුව නැවතත් වතාවක් විධායක බලය අල්ලා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටිනවා. ඔබගේ අදහස අප බලය ගත යුතු බවද? බොල්ෂෙවික් පක්ෂය ඒ සඳහා සූදානම් කියා හිතනවාද? මා හිතන්නේ පෙට්‍රොගාඩ් සෝවියට් සභාවට බලය පැවරිය යුතුයි කියල.

L : ලේවා දවිදොවිච්. මේකයි . ඔබ දන්නවා මම දෙතුන් වරක්ම මධ්‍යම කාරක සභාවට දන්වා යැව්වා බලය ලබා ගැනීම සඳහා සැරසෙන්න. මේ සඳහා හොඳම අවස්ථාව එළඹිලා තිබෙන්නේ කියල. මධ්‍යම කාරක සභාව මගේ යෝජනාව පිළි ගත්තට ඔවුන් එය සාකච්චා කිරීමට මග හරින බවයි මට හැඟෙන්නේ. එනිසා මම මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා අස්වෙන බවට ඊයේ ලිපියක් යැව්වා. බුහාරින් සහ කාමෙනෙව් සහෝදරවරුන් ඉක්මන් තීරණයක් ගන්න එපා යයි පවසනවා.පෙට්‍රොගාඩ් සෝවියට් සභාවට අමතර බලයක් පැවරීම තේරුමක් නැති දෙයක්. එහි සිටින මෙන්ෂෙවික් වරු, ගොවි නියෝජිතයන් හා කුලාක්වරු එකිනෙකා සමග වාද කිරම හා ගුටිබැට හුවමාරුව ඇරෙන්න යමක් කෙරෙන්නේ නැහැ.

T: ව්ලැදිමීර් ඉලිච් මමත් ඔබට කියන්නේ ඉක්මන් වෙන්න එපා. මම ඔබේ අදහස අද මධ්‍යම කාරක සභාවට ගැනීමට සහයෝගය දෙන්නම්. නමුත් මට තවමත් මේ බලය ලබා ගැනීමේ අදහස් ඉක්මන් වැඩියි සිතෙනවා. සමාජවාදී මෙන්ශේවිකයෙකු වන කෙරෙන්ස්කි ට සහයෝගය දීම වඩා සුදුසු නැත්ද? බලය ලබා ගත් පසු එය අපට රැක ගැනීමට පුළුවන් වේවිද? පක්ෂ සහෝදරයෙන්ගේ ජිවිත අනතුරකට ලක්වෙනවට මම කැමති නැහැ. බොහෝ මධ්‍යම කාරක සභිකයන්ගේ අදහසත් එයම විය හැකියි.

L: ලෙව් දවිදොවිච්, අපේ පක්ෂය යනු කුමක්ද? දැනට වඩාත්ම විනයගරුක, වඩාත් කැපවීමෙන් කටයුතු කරන සාමාජිකයන් සිටින පක්ෂය අප සතුයි. ඔවුන් රුසියානු ජනතාවට හානියක් වනවාට අකැමැති, රුසියානු ජනතාවට ආදරය කරන, රුසියානු දේශයට ආදරය කරන පිරිසක්. සොල්දාදුවන් ගේ, ගොවීන්ගේ , නාගරික කම්කරුවන්ගේ හා සිසුන්ගේ සහයෝගය ඔවුන්ට ලබා ගැනීම අපහසු නැහැ. ඔවුන් වැඩ කරන්නේ එම පිරිස් අතරයි. ලේ හෙල්ලීමක් වෙනවා නම් එසේ වන්නේ මේ බලලෝභී සාර් වාදී පාලනය සාමකාමිව ඉවත් නොවුනහොත් පමණයි. එතැනට නොයාමට අවශ්‍ය හැකි ඕනෑම පියවරක් ගමු. එනිසා බලය ලබා ගැනීම වඩාත් සුදුසු මේ අවස්ථාව නොසලකා හැරීම ලොකුම වරදක් වේවි. එනිසා හැකි ඉක්මනින් ඒ සඳහා කටයුතු කරන ලෙස පක්ෂයට යෝජනා කරන්න කැමතියි. ඔබ එකඟද ?

T: ඔබට මගේ පුර්ණ සහයෝගය හිමිවෙනවා ව්ලැදිමීර් ඉලිච් .

ව්ලැදිමීර් ඉලිච් – ව්ලැදිමීර් ඉලිච් උල්යානොව් හෙවත් ලෙනින්
ලෙව් දවිදොවිච් – ලෙව් දවිදොවිච් බ්‍රොන්ෂ්ටයින් හෙවත් ට්‍රොට්ස්කි

 

මේ කතාබහ වර්තමානයේ කිසිම රටක සිදුවන කිසිම සිදුවීමකට අදාල නැති අතර ඓතිහාසික කෘති වල දැක්වෙන අදහස් අනුසාරයෙන් 1917 වසරේ ඔක්තෝබර් මාසයේ රුසියාවේ සිදුවන්නට ඇතැයි පරිකල්පනය කර ලියූවකි.

ප.ලි. ; බ්‍රිතාන්‍ය රජය යුරෝපයෙන් නික්ම යාමේ ප්‍රශ්නය නිසා ප්‍රබල අර්බුදයකට මුහුණ දී ඇති අතර ජෙරෙමි කෝබින්ට පස්සා දොරින් රාජ්‍ය බලය ගැනීමේඅවස්ථාවක් උදාවී තිබේ.

ඉදිරි මහාමැතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදී නරැමයන්ට එරෙහිව අපි ජන්දය ඉල්ලනව ගම්බද ගොඩයන් සමග; සහය , ආධාරය දෙන්න.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. “ප්‍රජාතන්ත්‍රවාදී නරැමයන්ට එරෙහිව අපි ජන්දය ඉල්ලනව ගම්බද ගොඩයන් සමග” EXCELLENT idea.

    JVP has completely lost its credibility at the grassroots (as it was proven at the last LG elections and now it would be even worse because of their blatant shopping for UNP/TNA – some people say that Anura Kumara and Vijitha Herath acted as if they were office clerks of Ranil W and Sumandiran.
    Your party needs to step in to fill that gap. Best Wishes!

    If you publish an bank account number I am sure people would want to support your efforts.

  2. Jvp එක රනිල්ට කඩෙ යැම ඇයි ඔයාල කලබල වෙන්නෙ ඒක ඔයාලට වාසි නේද? ඇතිතටම වැරදිලාවත් එහෙම උනොත් වැඩියෙන්ම බය පොහොටිටු කාරයන්…ජවිපෙ මෙි වෙලාවෙ කරන්න ඔන රනිල්ට කඩෙ යන එක.

Comments are closed.