[dropcap color=”black”]දෙ[/dropcap]වන ලෝක යුද්ධට පසු බිහිවූ සීතල යුද්ධ යථාර්ථය මගින් බිහිකළ සුප්‍රා-ජාතික ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. සීතල යුද්ධ යථාර්ථය නිසාම 1989 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිශ්ක්‍රීය භූමිකාවක් රග දක්වන ලදි. නමුත් 1989 ට පසු සීතල යුද්ධය අවසන් වී සමස්ත ලෝකය ධනවාදී දෘෂ්ටිය වැළදගත් පසු කිසිවකු නොසිතූ පරිදි ජාතිවාදය ලෝක ධනවාදයට එරෙහි නව විකල්පය බවට පත් විය. ජාතිවාදය බෝලක්න් කළාපයෙන් ආරම්භ  වූ අතර එය ඇෆ්ගන් යුද්ධය හරහා ආගම්වාදයක් බවට පත් විය.

අලුත් ගෝලීය බලතුලනය මගින් ලෝක පද්ධති න්‍යාය (වොලන්ස්ටයින් ගේ න්‍යාය) අවලංගු කළ අතර ආර්ථිකය, සංවර්ධනය වැනි වියුත්ත වචන වලට ජාතිවාදය මගින් ලේ එන්නත් කරන ලදි. ලෝකය නැවතත් එමගින් පශ්චාත් නූතන සීතල යුධ යථාර්ථයකට ඇතුල් විය. ඇමෙරිකාව ප්‍රමුඛව එක බළ ඇණියක් සංවිධානය වූ අතර දුෂ්ට අක්ෂය ලෙස රුසියාව,චීනය,මගින් සංවිධානය විය. උතුරේ දේශපාලන ගැටලුව ත්‍රස්තවාදී ප්‍රශ්ණයක් ලෙස වර නගන ලද සිංහල ජාතිවාදීන්ට අවශ්‍ය යකඩ සහ ගින්දර ලබා දුන්නේ චීනයයි. යුද්ධය සමයේ තමාගෙන් සිදුවිය යුතුව තිබූ ආයතනික මැදිහත්වීම් කිසිසේත් එක්සත් ජාතීන් කිසිසේත් ඉටුකලේ නැත. එය විමල් වීරවංශ ඉදිරියේ පවා නිවට විය. කොෆි අනන්ගෙන් පසු එක්සත් ජාතීන් ගේ සංවිදානයේ  මහ ලේකම් ධූරයට පත් බැන්-කී-මූන් යනු පශ්චාත් නූතන නිවටයෙකි. නරුමයෙකි. දැන් යුද්ධය චීනයට අවශ්‍ය ආකාරයට සිදු වී අවසාන වූ පසු එක්සත් ජාතීන්ට ඒ සදහා සදාචාරාත්මක නායකත්වයක් ලැබෙන්නේ නැත. එය ලබා ගත යුතුව තිබුනේ යුද්ධයට පෙරය.

ඉහත ඓතිහාසික පසුබිමට අනුව නෙවි පිල්ලේ ලංකාවෙන් පිටවීමට පෙර කළ නිරීක්ෂණ දෙක සළකමු.

01-   එල්.ටී.ටී.ඊ සංවිධානය කෘෘර එකක්.

02-   ලංකාවේ දිශානතිය එල්ල වී ඇත්තේ ඒකාධිපතිවාදය දෙසටය.

එකසත් ජාතීන් යනු රාජ්‍යයක් නෙවි. එය සුපිරි රාජ්‍යයකි. ඊළගට නවී පිල්ලේ කියන්නේ නිළධාරිණියකි. ඇය දේශපාලනයෙකු නෙවි. ඒ නිසා ඇයට ඉහත ප්‍රකාශ දෙකම කිරීමට නෛතික රාමුවක් නැත. ඇය මේ තනතුර පාවිච්චි කරන්නේත් නීතිඥවරියක් ලෙසිනි. නමුත් මේ තනතුර නීතියට අයත් ක්ෂේත්‍රයක් නොවේ. ඇය කළ යුතුව තිබුනේ තමා විසින් සොයාගත් තොරතුරු (Data) තම සංවිධානයට ලබාදීම පමණි. නමුත් ඇය තමා සොයාගත් දත්ත වලට දේශපාලන දියසායම් අතුරණ ලද අතර තමන්ට කරන්නට බැරි වැඩකට අත ගැසුවේය.

යුද්ධයට ඉදිරියට ඇදීයාමට ඉඩදීම එක්සත් ජාතීන් කළ ප්‍රධාන වරදයි. එමගින්, ඔවුන් ගේ සුජාතභාවය පමණක් නොව ඇමෙරිකාවේ,යුරෝපයේ සහ ඉන්දියාවේ ද සුජාතභාවය නැති විය. එපමණක් නොව චීනයට ලංකාව ඇතුලත සුජාතභාවය ලබා ගන්නට හැකි වූයේද මෙම හේතුව නිසාය. ඕනෑම දේශපාලන අරගලයක සුජාතභාවය රදා පවතින්නේ එම අරගලය මෙහෙයවන ව්‍යාපාරය සතු යම් බුද්ධිමය සුවිශේෂත්නයන් මතය. එය නම් දෙන ලද මොහොතක සමාජයේ වාස්ථවිකත්වාස්තවිකත්වය සහ ආත්මීය ගුණයන් ඒකාබද්ධ කිරීමේ සුවිශේෂිතාවයයි.

මෙම අදහසට අනුව යම් ව්‍යාපාරයකට අදාල ඛණ්ඩාංක දෙකක් සළකුණු කළ හැක.

01-   දෙන ලද සමාජයේ පන්ති-අරගල විඥාණයේ මට්ටම-පන්ති අරගලය .

02-   ධනවාදී වාස්තවිකත්වය-නිෂ්පාදන අරගලය.

සමාජයක් විපරියාස කිරීමට නම් ඉහත බලවේගයන් දෙකෙහිම සංරචක ගැන තුළනාත්මක අවබෝධයක් අවශ්‍යය. එකක් අධිනිශ්චය වීමෙන් සිදු වන්නේ අනෙක මනොමූල වීම පමණි. ව්‍යුහයට තරම්ම අප ඒජන්තයාටද අවධානය යොමුකළ යුතුය. චලනයට සේම, එකතැනකට ගැටගැසීම ද සළකා බැලිය යුතුය. මේ සන්දර්භය මගින් ප්‍රකාශ වන දේශපාලන අනාගතය මෙලෙස ප්‍රකාශ කළ හැකිය. ආණ්ඩුව මාරු නොවන තාක්කල් එක්සත් ජාතීන්ට හෝ ඇමෙරිකාවට කළහැකි දෙයක් නැත. ආණ්ඩුවමාරු වූ වහාම ලංකාවේ සිදු නොවිය හැකි දෙයක් නැත. සාමාන්‍ය මහජනයාත් ආණ්ඩුවත් අතර පවතින අවිඥාණික විස්වාසය පදනම් වන්නේ ඉහත කරුණු සමගය. කිරිබත් කෑ අයට තව බෙහෝ කාලයක් තව බොහෝ කාලයක් කුසගින්නේ සිටින්නට හැක්කේ ඔවුන්ට නින්ද ගොස් ඇති නිසාය.

 

ඔබේ අදහස කියන්න...