උතුරේ ජාතික විමුක්ති අරගලයට දේශපාලන විසදුමක් ලබා නොදී මිලිටරි විසදුමක් ලබා දීම නිසා ලංකාවේ එතෙක් පැවති දේශපාලන චිත‍්‍රය සහමුලින් කණපිට පෙරලූනේය. මෙම පෙරලූන අලූත් පැත්ත න්‍යායික සහ ප‍්‍රායෝගික වශයෙන් කුමාර් ගුණරත්නම් සහ පුබුදු ජයගොඩ වටහා ගත්තේ නවලිබරල්වාදයේ දෙවැනි ඉණිම ලෙසය. මෙය න්‍යායිකව සහ ප‍්‍රායෝගිකව වැරදි බව දැන් සියලු දෙනාට වැටහී ඇත. මාග‍්‍රට් තැචර් කිසිදා එංගලන්තයේ මිනිසුන් තුළ මියයන තුරු විහිලුවක් වූයේ නැත. ඬේවිඞ් කැමරන් තැචර්ගේ මරණය අසා කීවේ ඇය අපගේ රට ගලවා ගන්නට දෙවියන් දුන් තෑග්ගක් බවයි. මහින්ද රාජපක්ෂ මේ වන විට කී වතාවක් ජෝක් වී ඇත්දැයි තීරණය කිරීම ඔබට බාරය.
2009 වර්ෂයට පසු සිදු වූයේ දශක දෙකක් පමණ පැවති යුධ-ආර්ථිකය සහ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්බුදයට යාමයි. යුධ-ආර්ථිකයේ බිඳ වැටීම සහ පාර්ලිමේන්තුවේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතාර්කික වීමත් සමග ලංකාවේ සාම්ප‍්‍රදායික වම සහ රැඩිකල් වම සතු නූතනත්ව ව්‍යාපෘතිය, මතවාදී වශයෙන් නව-අරාජිකවාදීන් අතට පත්විය. දැන් මේ අප ගත කරන්නේ නව-අරාජකවාදයේ හංස ගීතය අසමින්ය.
නව අරාජකවාදය යනුවෙන් අදහස් කරන ඓතිහාසික මොහොත කුමක්ද ? ඉතාම කෙටියෙන් සළකුණු කළහොත් නව අරාජකවාදය පරාවර්ථනය කරන්නේ අප පසුකළ පටු ඓතිහාසික මොහොතක ක්‍ෂිතිජයයි. පටු ඓතිහාසික මොහොත යනු ‘ජාතික විමුක්ති අරගලයකට’ මිලිටරි පිළිතුරක් ලබා දීමයි. මෙමගින් බිහිවූයේ නව අරාජකවාදයයි. දේශපාලන-සමාජ ප‍්‍රශ්න විසදීමට තවදුරටත් ‘දේශපාලන පක්ෂ’ අවශ්‍ය නැත යන ප‍්‍රවාදය ආරම්භ කළ පිරිස නව අරාජකවාදීන්ය. මෙමගින් අලූතින් බිහිවූයේ නව ලූබ්ධි නිර්මිතයකි.
මේ අරාජකවාදීන්ගේ ආර්ථික පන්තිය සුලු-ධනේශ්වරය. සුලු යනු ආර්ථික වශයෙන් සුලු යන්නය. එය මාසික වැටුප (බොහෝවිට රජයේ රැකියාවකි) හෝ කුඩා දේපළක් විය හැකිය. ලංකාව තුළ ධනවාදය විනාශ කළ නොහැකි යථාර්ථවාදයක් බවට සපථ කළේ මේ අරාජකවාදීන්ය. මින් සමහරුන් තමන්ගේ රැවුල හැර අන් සියල්ල අතහැර දැමුවේය. මේ අයගේ දේශපාලන විඥාණය යන්න අපට එක් විරෝධාකල්පයකින් පැහැදිළි කළ හැක. එය නම් එක පැත්තකින් ධනවාදය හා තව පැත්තකින් චුට්ටක් සමාජ-සාධාරණත්වයය. පළමු පැත්ත පැහැදිළි කිරීමේ දී මොවුන් යොදා ගන්නේ දෙවැනි පැත්තේ වාගාලංකාරයන්ය. ජාතික විමුක්ති අරගලයක් සඳහා මිලිටරි විසදුමක් දීම නිසා උපන් මෙම නව අරාජිකවාදය එම පටු මංසන්ධියේම පළා යෑමකි. තමන් මේ ලද තාවකාලික නිදහස යනු තවත් ජාතියක නිදහස පාවාදීමෙන් හටගත් කෘතිම නිදහසක් යන්න මේ නව අරාජකවාදීන් වටහාගෙන නැත. විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණ වලට පොඞ්ඩක් උඩින් යන සිවිල් නිදහස සහ සංස්කෘතික නිදහස මෙම නව අරාජිකවාදීන්ගේ  දේශපාලන තේමාවන්ය. මේ තේමාවන් සියල්ලේ දිග පළල තීන්දු වන්නේ දකුණේ ජාතිවාදය මගින් බව මේ බොහෝ මහත්වරුන් හා නෝනාවරුන් දන්නේ නැත. සංස්කෘතියේ පාරිශුද්ධවාදය දෛවවාදයකින් කෙළවර වන බව මෙම නව-අරාජකවාදීන් නොදනියි.

coffe-
අපි ඉතා දැනුවත්ව සංස්කෘතික ආධිපත්‍යය වෙනුවෙන් මෙම නව අරාජකවාදීන් සමග දේශපාලන තරගයකට යන්නේ නැත. කකුලුවා දගලන්නේ ‘බලය බෙදීම’ පාර්ලිමේන්තුවට පැමිණෙන තෙක් බව අපි හොදින් දන්නෙමු. නව අරාජකවාදීන්ගේ නිල පුවත්පත තුළ අප සමග එකට වැඩ කළ අය දිය බුං ගසන බව දන්නෙමු. සහතික වශයෙන්ම ඔවුන් සංස්කෘතික දේශපාලනය තුළ අපව පරාජය කර ඇත. නමුත් අප සටන අතහැර දමා ඇත්තේ ඊට වඩා විශාල සටනක් ඇරඹීමට මිස චිත‍්‍රපට විචාරය කරන්නට නොවේ. ‘සංස්කෘතික සාරය’ වෙනුවෙන් ලංකාවේ ඉතාමත් කැපවීමෙන් සහ පරිත්‍යාග කිරීමෙන් සටන් කළේ එල්.ටී.ටී.ඊ කාඩර්වරුන්ය. කොළඹ නගරයේ දී යම් යම් සංස්කෘතික සාරයන් වෙනුවෙන් සටන් කරන අයගේ දෛවය තීන්දු කරනු ඇත්තේ ඔවුන් පිටුපස යන කාන්තා ශරීර සහ ජීවවිද්‍යාවයි. මේ අංශයෙන් ගත් විට සාරය අතහැර යන අවසාන සංස්කෘතික සටන්කාරිය සර්පයාගේ හිටපු පෙම්වතිය නොවේ. තවත් පෙම්වතියන් බොහෝ රැඩිකල් මහත්වරුන්ගේ කලිසම් ගැලවීමට නියමිතය. බොරුකාරයන් විනාශ කිරීමට අපගේ ශක්තිය අප යොදවන්නේ නැත්තේ එය ඔවුන්ගේම නියම්-අනියම් පෙම්වතියන්ම කිරීමට නියමිත නිසාය. අප ඉතා පැහැදිළිව කියන්නේ අපගේ ගෝලයන් කිසිදු සංස්කෘතික උත්සවයක ප‍්‍රශ්න අසන්නේ නැති බවයි. කොළඹ නගරයේ කිසියම්ම හෝ සංස්කෘතික උත්සවයක දී ‘දීප්තිගේ’ නම කියනවා ඇසුනොත් ඔබගේ අත යා යුත්තේ පිස්තෝලය වෙතටය. දේශපාලන පක්ෂ වල බලය ස්වයං-වින්දනය හරහා පිට කරන විකාරකාරයන් එක පැත්තකින් ඇත. අනෙක් පැත්තෙන් සිටින්නේ එම විකාරකාරයන්ට Like දමන වකුගඩු, ආමාශ රෝගීන්ය. (පසුගිය වසර 3 නේ දිගටම සිහිසුන් වනතුරු බීම නිසා)  

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මේ කතාව ඇත්තකයි මොහොතකට සිතමු. නැත. මේ කටහ්ව ඇත්තය. නව අරාජකවාදීන් පිරිසක් බිහිව තිබේ. කුමාර් මෙන්ම ජයගොඩද ඒවා වරදවා වටහා ගත්හ. පක්ෂ දේශපාලනය කරන්නට නව අරාජකවාදීන්ට කියන්නට පෙරටුගාමින්ට (දීප්තිගේ) වුවත් හැකිද?
    ඇමිබාවන්සේ බෙදී යන වාමාංශික පක්ෂ තුල දේශපාලනය කරන්නට. ඒ බෙදීයන හැම කෙනාම සිතන්නේ සැබෑ විප්ලවවාදියා හා න්‍යාය ඇත්තේ තමන් තුල පමණක් යයි සිතීමේ මුලාව තුල..

Comments are closed.