[dropcap color=”green”]1[/dropcap]975 දීපවාලියෙන් ආරම්භ වූ එල්.ටී.ටී.ඊ සංවිධානය වසර 2009 වෙසක් මාසයේ දී සම්පුර්ණයෙන්ම පරාජයට පත්ව එම සංවිධානයේ සියළුම ඉදරිපෙළ නායකයන් ඝාතනයට ලක් වීමෙන් පසු උතුරේ සමාජය සහ දකුණේ සමාජය එම තත්ත්වය අත්විදිදේ දෙයාකාරයකටය.

උතුරට අනුව දෙමළ ජනතාවගේ ආත්මීය ප්‍රශ්ණයක් වූ ජාතික ගැටලුව දකුණේ ආණ්ඩුව විසින් මුළු මනින්ම පරාජය කිරීමෙන් පසු උතුරට වසන්තය උදා වූ කළ බවට දකුණ විසින් කියන්නට විය. නමුත් ඇත්තටම උතුරට වසන්තය උදා නොවු බව දැන ගන්නට ලැබෙන්නේ උතුරු පළාත් සභා ඡන්දයෙන් දෙමළ ජාතික සංධානය ජයග්‍රහණය කිරීමත් සමගමය.

දැන් උතුරට යළිත් විග්නේෂ්වරන් නැමති සාම්ප්‍රදායික දෙමළ නායකයෙකු ලැබී ඇත. එතෙක් ප්‍රභාකරන් නම් සම්ප්‍රදාය විරෝධී කැළැ ඇදුමකින් සැරසී ඒ.කේ 47 රයිපලයක් අත දරා දෙමළ ජනතාවගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් සටන් වැදි නායකයෙකු විය. ඔහු ගේ මූලිකම පරමාර්ථය වූයේ දකුණේ ආණ්ඩුව විසින් දිගින් දිගටම රැවටීමට ලක් කළ දෙමළ සමාජයයේ නිදහස වෙනුවෙන් සහ දෙමළ ජාතික විමුක්ති අරගලයක් වෙනුවෙන් මරා ගෙන මැරෙමින් සටන් කිරීමය. අවසානයේ ඔහු ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නට අවස්ථාව ලබා දෙමින් මරණයට පත් විය.

ඉන් පසුව බිහිවු නව ලෝකය තුල දැන් උතුරේ ජනතාවට විග්නේෂවරන් නම් නව නායකයෙකු ලැබී ඇත. විග්නේෂ්වරන් ගේ සහ ප්‍රභාකරන්ගේ ඇති වෙනස්කම් මොනවාද?

ප්‍රභාකරන් සටන් වැදුනේ නූතනවාදී (අනාගත පරම්පරම්පරාවේ සමාජයක් වෙනුවෙන් )දෙමළ සමාජයක් වෙනුවෙනි.

විග්නේෂ්වරන් නියෝජනය කරන්නේ පූර්ව නූතන ( මුතුන් මිත්තන්ගේ සම්ප්‍රදායික සමාජයක් වෙනුවෙන්) දෙමළ සමාජයකි.

ඒ අනුව දැන් අපට අවි අතදරා මිනිසුන් බියට පත්කරමින් සටන් වදින දෙමළ නායකයෙකු වෙනුවට හින්දු භක්තියෙන් ඔදවැඩි නලළේ තුන්නූර් ගානා (හින්දු මිත්‍යා විශ්වාස අතේ පයේ එල්ලාගත්)  සාම්ප්‍රදායික නායකයෙකු ලැබී ඇත.

මේ තත්ත්වය තුළ උතුරේ සාමජ යළි ගමන් කරමින් ඇත්තේ 56 ට පෙර තත්ත්වයකටය. එය දකුණේ සිංහල සාමජයට සහනදායක පිළිතුරක් වී ඇත. නමුත් දෙමළ ජනතාවගේ  ඇත්ත ගැටලුව විග්නේෂ්වරන් ගේ පූර්ව නූතන නැති නම් වැඩවසම් චින්නය මගින් සමනය කළ හැකිද?

නූතනවාදී ප්‍රභාකරන්ට වඩා පූර්ව නූතන විග්නේෂ්වරන් නිසා දකුණේ සමාජයට සැනසිල්ලක් උදා වී ඇත. නමුත් උතුර දිනෙන් දින යළි වැඩවසම් සමාජයක් කරා පරිවර්තනය වෙමින් පවතියි. උදාහරණයක් ලෙස මේ වන විටත් උතුරේ අධිකරණ වල හීන කුලවල නීතිඥයන්ට සහ විනිසුරන්ට පහත් කොට සැළකීමේ කුමවේදයක් අත් දකින්නට ඇත.

ප්‍රභාකරන් විසින් සමස්ථ දෙමළ ජාතියේ අරගලය පංති විෂමතාවයකින් තොරව සමාජගත කරන්නට උත්සහ කළ නමුදු දැන් ජාතියට වඩා කුළය ඉස්මතු වෙමින් දෙමළ සමාජය තිබූ තැනින් පහත් තත්ත්වයකට ගමන් කරමින් තිබෙන බව පැහැදිලිය.

SRI_LANKA_(f)_0923_-_Elezioni_nordtna_candidats_001TNA-election-victory-20130923-05

ඔබේ අදහස කියන්න...