Particular – Yureni and Elephant ; Elephants are large mammals of the family Elephantidae and the order Proboscidea and also in Oedipus Family – අන්ධයා අලියාගේ හැඩය කීම.

A universal may have instances, known as its particulars. For example, the type dog (or doghood) is a universal, as are the property red (or redness) and the relation betweenness (or being between). Any particular dog, red thing, or object that is between other things is not a universal, however, but is an instance of a universal. That is, a universal type (doghood), property (redness), or relation (betweenness) inheres in a particular object (a specific dog, red thing, or object between other things).

හිරු ටී.වී. එක සහ තවත් ටී.වී. චැනල් ගහල ගහල ඔන්න නැදුන්ගමුවේ හස්තියාට පොලිස් ආරක්ෂාව දීල. නැදුන්ගමුවේ ඇතා කියන්නේ දැන් සුවිශේෂී වස්තුවක් බවට පත්වෙලා (එයා ජාතික වශයෙන් වැදගත් නැහැ කියල නොවේ කියන්නේ. මෙතන වැඩකරන දෘෂ්ටිවාදය යි වැදගත්). ඒ කියන්නේ අනෙක් ඇත්තුන් ගෙන් වෙනස් වෙලා.ඒ වුනාට තව ගොඩක් ඇත්තු ඉන්නවා ඔය සේවයම කරපු . උදාහරණ හැටියට මිල්ලන්ගොඩ ලොකු රාජා, මිල්ලන්ගොඩ පොඩි රාජා, වෑවලදෙණියේ කණ්ඩුල  ඇතා වගේ හුගක් ඇත්තුන්ට මේ වගේ ආරක්ෂාව ලැබුනේ නෑ. හුගක් ඇත්තු කොට අදින්න පවා පාවිච්චි කරනවා සාමාන්‍ය විදියට. ඒ අයට අතිරික්ත වටිනාකමක් (surplus value) ලැබුනේ නැ මේ වගේ. මේකට හේතුව තමයි මේ ඇතා නුවරට ම පයින් යන එක ..පන්සල් වලට වදිනවා.. හාමුදුරු වරු දැක්කම නොසෙල්වී සිටිනවා.. වගේ තරමක් ගුප්ත අන්තර්ගතයකට (mysterious content) නැත්නම් හැඟවුම් කරගත නොහැකි දේවල් වලට ලැබුන වටිනාකම (උදාහරණ හැටියට ටිකක් තේරුම් ගන්න අමාරු ගුප්ත චරිත තමා මේ දවස් වල වැඩියෙන්ම මාකට් වෙන්නේ. දේශපාලන පක්ෂයක නම් වැඩිය පෙන්නේ නැතුව කළුවර කාමරේකට වෙලා ඉන්න ඕනි. එතකොට පෝලිමේ යනවා දේශපාලන ප්‍රශ්න අරගෙන ඒවා විසඳා ගන්න. සහනයක් බලා පොරොත්තුවෙන්. තමන්ගේ කතාව කියන්න. කියල සතුටක් ලබන්න. ඕනෙම වහල් භාවයක් පතාගෙන තමන්ගේ විනෝදය එම අත්තනෝමතික දේශපාලන ස්වාමිත්වය ඉදිරියේ කැප කරන්න. ඕනෙම දුෂ්කර ප්‍රදේශයකට ගිහිල්ල මදුරුවෝ තල තලා ඕනිම දුකක් විදින්න. ඒ කියන්නේ ක්‍රමයේ හිස්ටීරියාව, සාර්වත්‍රික විපරීත (universalized perversion) බව හා සම්මුඛ වෙන රෝගී සයිකෝටික නිමේෂය. ඒ වගේම මේක සල්ලි උල්පතක් කියලත් මතක තියා ගන්න). අනික් ඇත්තු මේ සේවයම කරලා වෙද කම්, පොලිස් ආරක්ෂාව, රක්ෂණ කිසිවක් නැතුව මැරිලා යනවා වුනාට හිරු ටී.වී. එක දුන්න මේ ‘අමතර වටිනාකම’ නිසා මේ ඇතා වෙනස් සැලකිමකට ලක් වෙනවා. ඉතින් සුවිශේෂයන් අධිනිශ්චය වූ මේක විපරීත තත්වයක්.

අද කාලේ ගත්තහම මේ වගේ සුවිශේෂයන් වැහි වැහැල තියෙන්නේ . සුපර් ස්ටාර් තරග, ඩ්‍රීම් ස්ටාර්, රණවිරු ස්ටාර්, බිග් බ්‍රදර් (Big Brother), එක දිගට යන- විශාදි- එකතැන පල්වෙන ටෙලි නාට්‍ය (මෙලන්කොලියාවට හොදම උදාහරණය) සහ චන්ද කාලෙට තියෙන මනාප සෙල්ලම වගේ හැම එකකම තියෙන්නේ සුවිශේෂ අනන්‍යතා ඉස්මතු වීම, උත්කර්ෂයට නැගීම. ෆුකුයාම [එතකොට ලියෝතා] කිව්වා වගේ මහේෂ්ක ව්‍යාපෘති ඉවරවුනාට පස්සේ මේ වගේ දේවල් ඉස්මතු වෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. ධනවාදය කියන්නෙම ඔබගේ සුවිශේෂ බව ඔබම සොයාගන්න, ඔබගේ අනන්‍යතාව ඔබම සොයාගන්න, එතකොට ඔබට නිවන් යන්න පුළුවන් කියල.  අසවල් එක අරගෙන අසවල් තැන අතුල්ලන්න එතකොට අසවල් එක අසවල් විදියට සුවිශේෂ වෙයි අසවල් කෙනාගේ එකට වඩා කියල තමයි උදේ හවස අපට නැවත නැවත කියන්නේ. අද කාලේ සැමියා බිරිඳ අතරේ පවා තියෙන්නේ මේ තරඟකාරී අනන්‍යතා සෙල්ලම (තරඟය කියන්නේ එකතැන පල්වෙන එකෙන් අප ගලවා ගන්න එක සාර්ථක ක්‍රමයක් කියන එක අමතක කරන්න හොඳ නැහැ). මේ දවස්වල විශ්ව විද්‍යාල වල ඉන්න සැමියන් සහ බිරින්දෑවරු තරඟෙට ලකුණු එකතු කරනවලු උසස්වීම් වලට. එතකොට විශ්ව විද්‍යාල බැබලෙයි පුන් සඳ වගේ…ආමෙන් …

කෙසේ වුවත් ‘නැදුන්ගමුවේ රාජා’ හස්තියා නිසා ස්වාබවධර්මය සමඟ අපි කරන අරගලය නැවත වරක් ඉස්මතු වුණා. ඇතෙකුට මේ වගේ ජනාකීර්ණ පාරක යන්න බැ කියන එක දැන් තේරෙනවා (සම්ප්‍රදායික ලෝකය සහ පසු-ගෝලීය ලෝකය අතර ගැටුම් සහගත අවකාශය- conflicting space). දළදා මාලිගාවේ පෙරහැර බලන්න විදේශිකයෝ ගොඩක් එනවා. ඒක සම්ප්‍රදාය හොඳ බිස්නස් එකක් බවට පත්වූ අවස්ථාවක්. ‘අපේ කම’ කියන සුවිශේෂය විකුණන්න පුළුවන්. සාමාන්‍ය මිහිහෙකුට පෙරහැර පටන්ගන්න හරියේ සුද්දන්ට විකුණන වේදිකාවක් පැත්තටවත් යන්න බෑ . ඒ තරම් මිලයි. අන්න අපේ කම. ඇත්තටම මුල් හරියේ නටන්නේ සුද්දන්ට පේන්න. ඒ හරියෙම තමා මාධ්‍ය කාරයොත් ඉන්නේ. මේවා නිසා පෙරහැර බලල පින්නවලට යන සුද්දෝ අලි පිටේ යනවා සෆාරි කියල. බටහිර නිරීක්ෂය – Gaze- වෙනුවෙන් මේ ඔක්කම කලාට අපි ස්වබවධර්මය සමඟ කරන අරගලය උන්ට ආතල් එකක්. නමුත් හැමදාම අලි මිනිස් ගැටුම එහෙම ම තියෙනවා. ෆ්‍රෙඩ්රික් ජේම්සන් (2016) මෙහෙම කියනවා. සුවිශේෂයන් නිසා එක්තරා ආකාරයකට ව්‍යතිරේකයන් (exceptions) බිහිවෙනවා (උදාරහණ ලෙස ‘පිටස්තරයා’ වගේ). එම ව්‍යතිරේක විසින් සාර්වත්‍රිකයේ අවදානය දිනා ගන්නවා (හිස්ටරිකයාගේ පෙළඹවීම වගේ). එම අවදානය විසින් විශ්වීය නීති සම්පාදනය වෙනවා සමස්ත මානව සංහතියටම වැදගත් වන (හරියට නැදුන්ගමුවේ හස්තියා විසින් සමස්ත ලංකික ඇත් පරපුරටම වැදගත් නීති සැදීම සඳහා අවශ්‍ය අවදානය දුන්න වගේ).  ඒ නිසා ජේම්සන් අසනවා මෙහෙම, ‘සාන්දෘෂ්ටිකවාදය විසින් මාක්ස්වාදය අවනිශ්චය කර තිබේද?’ 

ඔබේ අදහස කියන්න...