2015 වර්ෂයේ ජූනි මාසයේ සිට අපි විසින් ආරම්භ කරන ලද දේශපාලන-දාර්ශනික අධ්‍යයන පන්ති කඩින් කඩ පැවැත්වීමට සිදුවූයේ පන්ති පැවැත්වීමට භාවිතා කළ ස්ථානයන් විටින් විට මාරු කිරීමට සිදු වූ බැවිණි.මෙම අධ්‍යයන පන්ති සඳහා තෝරා ගැනුණේ අපගේ 3mana වෙබ්-අඩවිය විසින් කරන ලද නිවේදනයන්ට ප‍්‍රතිචාර දැක් වූ අයයි. ඒ සියළු දෙනාගේ විස්තර අප සතුව පැවතිය ද ඔවුන් මේ වන විට නැවත අධ්‍යන පන්ති සඳහා සහභාගි වීමට සූදානමින් සිටින්නේ දැයි අපි නොදනිමු. ඉදිරි අධ්‍යන කටයුතු මෙහෙයවීමට අවශ්‍ය ගුරුවරුන් පිරිස ද මේ වන විට පුහුණු කර ඇති අතර නැවතත් අලූත් වටයකින් අධ්‍යයනයන් ආරම්භ කිරීමට උත්සහ කරන්නෙමු. නව වටයේ අධ්‍යන කටයුතු සඳහා සහභාගිවීමට උනන්දුවක් දක්වන අයට Peratugamirecruit@gmail.com යන විද්‍යුත් ලිපිනයට සිය තොරතුරු ලබා දිය හැකිය. අධ්‍යයන කටයුතු සඳහා දවසේ ජීවිතයෙන් වේලාවක් වෙන්කර ගත හැකි අය පමණක් මේ සඳහා යොමු වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු. අලුතින් අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වීමට කැමති අයට 0113356707 යන දුරකථන අංකයට අමතා ඒ සඳහා අවස්ථාව සළසා ගත හැකිය.
(1). ෆීනික්ස් පක්‍ෂියා යළි නැගිටින්නේ අළු මතිනි. -Hegel
(2). මකුළුවා තම දැල බිදෙන තැන වෙහෙස යොදා නැවත යළිත් වියයි.- Derrida
(3). සැලමැන්ඩරයාගේ කකුල කපා දැමූ විට යළිත් කකුල වැවෙයි. වලිගය කැඩුවොත් යළි වලිගය වැවෙයි………..
යළිත් උත්පාද වන්නේ කෙසේ ද ? මේ කාලයේ බොහෝ දෙනෙකුගේ පැතුම අපගේ පූර්ණ විනාශයයි. අපගේ පැතුම ද අපගේ පූර්ණ විනාශයයි. නමුත් අප පුනර්ජීවනය වුවහොත් ඉතුරු සියල්ලන් හාන්සියි.
ආමේන් !   

ඔබේ අදහස කියන්න...