බොහෝ විට නත්තලට සුබපැතුම් එක්කරන්නේ නව වසරටත් එක්කය. එසේ සිදුවන්නේ නත්තල සමග මිනිසුන්ට දීර්ඝ නිවාඩුවක් ලැබෙන බැවිණි.
උක්ත කරුණ මත පිහිටා බලන කල හෙට දින සිට ඉදිරි දවස් කිහිපයක් යනතුරු කොළඹ පාළුවට යනු ඇත. මැති ඇමතිවරුන් බැංකොක් සිංගප්පූරු යනු ඇත. රැකිය කිරීම සදහා ගම් වලින් කොළඹට පැමිණි අය සිය ගම්බිම් බලා පිටත් වනු ඇත. කාර්යාල පරිගණක වලින් අන්තර්ජාලයට පිවිස ෆේස්බුක් වැනි සමාජ ජාලා අඩවි වලින් අපට තග දමන විමතිකයන් කොහේ ගියාදැයි සොයාගන්නට නොහැකි වනු ඇත. වචන නාස්ති නොකර කෙටියෙන් පවසන්නේ නම් සයිබර් විප්ලවවාදීන් නිවාඩුවට ගමේ ගොසින්ය.
නමුත් අපි නිවාඩු ගන්නේ නැත. විප්ලවවාදී දේශපාලනයේ නිරතවන්නෙකුට නිවාඩු දිනයක් යනු තවත් එක් දිනයක් පමණි. අපි මහන්සි වී වැඩ කරන්නේ සමාජ අරමුණු වෙනුවෙනි.
නමුත් ඔබ මහන්සි වන්නේ පුද්ගලික අරමුණු ඉටුකර ගැනීම සදහාය. ඔබගේ පුද්ගලික අරමුණු යනු දිනෙන් දින හඹා යා හැකි සිහිනයක් පමණක් බව අපි දනිමු..
උඩුගම්බලා පිහිනීම සදහා අපි ඔබ වෙත මේ වන විටත් යම් ප්‍රවේශක් ලබා දී ඇත්තෙමු. ඊට සම්මුඛ වන්න. නැවත සිතන්න, 2016 වසර අලුතින් පටන් ගන්න !
ඉකුත් දිනක දී ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ලේකම් දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා සමග රන්වන් FM ගුවන් විදුලි නාළිකාව ‘‘ සිංගප්පූරු සුබ සිහිනය ‘‘ යන මාතෘකාව යටතේ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ අතර පහත සබැදියාව ඔස්සේ ඔබට ඊට සවන් දිය හැකිය.

ඔබේ අදහස කියන්න...