මේ යුගය යනු ජීවත් වන්නට පමණක් නොව දැන් නම් මැරෙන්නටවත් සුදුසු නැති රටක් බව පැහැදිලය. ඉස්සර කාලේ සාමාන්‍යෙයන් මිනිසෙක් ඕනෑවට වඩා වැඩි කාලයක් ජීවත් වන විට ඔහු සංකේතීයව මරණයට පත් වන නිසා ජීවත් වන ඉතිරි කාලය ඔහුට ගත කරන්නට සිදු වන්නේ අම්බානක කිචවෙලාය. මේ ආකාරයෙන් කිච නොවූ චරිත අතර ප්‍රමුඛයෙකු වන්නේ මහගමසේකරය.දේශපාලනිකව චර්තයක් ලෙස කීර්ති බාලසූරිය කියන්නේද කිච වෙන්නට පෙර මියගිය අයෙකි.

ඒ කාලයට වඩා දැන් කාලය වෙනස්ය. මේ කාලයේ දී කිච වේයැයි සිතා මැරෙන්ටවත් කිසිවෙකුට බැරිය. හරියට දැන් මිනිසුන් ගේ ජීවිතය කියන්නේ චිකන් ප්‍රේෂ්ටි වගේය නම චිකන් වූවාට මේවායේ නැත්තේ ද චිකන්ය. මේ යුගයේ ලිබරල්වාදීන්ට ජාතිවාදීන් ලෙසත් ජාතීවාදීන්ට දේශප්‍රේමීන් ලෙසත් කැමති ලෙස රූපාන්තරණය වන්නට හැකි නිසා අනන්‍ය තාවය ගැන කිසිවෙකුට ගැටලුවක් නැත.

මේ නිසා මේ යුගයේ ගොඩක් අයට තමන්ගේ අයිඩෙන්ටි කාඩ් එක සොයා ගන්නට විදිහක් නැත. ඒ නිසා බොහෝ අය තමන්ට අයිඩෙන්ටිටි කාඩ් එකක් තියෙන බව පෙන්වන්නට කරන්නේ කා සමග හෝ පැටලීමය. විමල් වීරවංශ මේ සදහා ඇමරිකාව තොරා ගනිද්දී, චමිපික රණවක පරිසර අර්බුදය සිය අනණ්‍යතාවය රැක ගැනීමට භාවිතා කරයි. ගලගොඩ අත්තේ ඥාණසාර සිය අයිඩෙන්ටි කාඩ් එක ඉල්ලන්නේ මුස්ලිම් ජනයාගෙනි. වාමාංශිකයන් නම් තමන් ගේ අයිඩෙන්ටි කාඩ් එක ඉල්ලන්නේ දීප්ති ගෙනි. දැන් මේ කතාව කී සැනින් ගොඩක් අයට හොදටම මළ පනින්නට නියමිතය. ඒත් ගොඩක් අය මේ වන විටත් සවිඥාණිකව දීප්තිව විවේචනය කරමින් අවිඥාණිකව  මේ වගේ කතා කියන්නේ ඇයි?

බලන්න දැන් දීප්ති එන්.ජී.ඕ කාරයොත් එක්ක සම්බන්ධන්ධයි.

දීප්ති එක්සත් ජාතික පක්ෂ බලයට ගේන්න උත්සහ කරනව.

දීප්ති දැන් වයසයි එයා අවුට් ඩෙටඩ්

දීප්ති හැමදාම කියන්නේ එකම කතා ටික.

විනෝදය කියන්නේ දීප්ති හිතන මනස්ගාතයක් නේද?

අවිඥාණය අපිට අදාල නැත.

එක කියන්නේ ආත්මයටද? නැත්තම් විෂයටද?

මේ වගේ කතා කියන හැමෝම අවිඥාණිකව ප්‍රාර්ථනා කරන්නේ යහපත් දීප්ති කෙනෙක්ව නේද? මොකද දීප්තිට බනින දීප්ති එකක තරහ හැමෝම කියන්නේ මේ කතා ටිකමයි. ඉතිං ඒ අය කියන විදිහට දීප්ති අපස්ට් නම් ආය මොකටද ඒ අයම ඒ වැරදි හදා ගන්න කියල දීප්තිට කියන්නේ? ඒ කියන්නේ අවිඥාණිකව මේ හැමෝම කැමති දීප්ති වගේ වෙන්න. දීප්ති වගේ කතා කරන්න,ඇදුම් අදින්න හදන ගොඩක් අය අපට හම්බ වෙන්නේ ඒකයි.

ඒ කියන්නේ ඇත්තටම කිසිම තහංචියක් නැතිව නරුමවාදීව ජීවත් වෙන්න පුලුවන් අයම තමන් විහින්ම කූඩුවක් හදා ගෙන බැන බැන ඉන්නව. සමහරු හිතන් ඉන්නේ වාමාංශිකයෝ කියන්නේ කොන්ඩය වාවා ගත්ත,කිලිටි ඇදුම් ඇදින, ජරා කඩවලින් කන අපතයෝ සෙට් එකක් කියලයි. ඒත් ලෝකයේ ශ්‍රේෂඨතම විප්ලවාදී නායකයා වුණ ලෙනින් තමන්ගේ පාවිච්චියට රොලිස් රොයිසි කාර් එකක් ගන්නේ ඇයි? ලෙනින්ට රොල්ස් රොයිස් කියන්නේ අර්චන වස්තුවක් නෙවි. ඒත් අපේ ගොඩක් අයට භෞතික දේවල් කියන්නේ අර්චන වස්තු. විමල් වීරවංශ වගේ කෙනකුට තමන්වමත් අර්චන වස්තුවක්. ඒකනේ සමහර අය අහන්නේ දීප්තිට සල්ලි දෙන්නේ කවුද?දීප්තිගේ ෆර්ජෝ එකට තෙල් ගහන්නේ කවුද වගේ ප්‍රශ්ණ. ඒත් දීප්ති සම්බන්ධයෙන් අහන්න ඕන ප්‍රශ්ණ එක් නෙවි. දීප්ති තවමත් ප්‍රතිගාමීද? ප්‍රගතිශීලීද කියන කාරණයි. කවුරුවත් එහෙම අහන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් ගමු මේ රටේ පසුකාලීනව ගොඩක් පත්තර වල ප්‍රධාන කර්තෘ කියන්නේ තවත් එක තනතුරක් විතරයි. ඇත්තටම කතුවැකිය ලියන්නේ වෙන කෙනෙක්. ( මෙය පරීක්ෂා කර බලන්නට කැමති අය රාවය බලන්න) එහෙම වෙනකොට මේ රූකඩ කතුවරයට ටික කාලයක් යනකොට හොදටම මළ පනිනව. ඒකට හේතුව අයෙමත් අයිඩෙන්ටි කාඩ් ප්‍රශ්ණය. තමන් ඇත්තටම කවුද කියන එක මේ අයට තේරුම් ගන්න බැහැ. ඉතිං ගොඩක් අය මුහුණු පොතේ තමන්ගේ පින්තූර දානව දානව දානව දිගින් දිගටම එක එක වදිහට දානව. මේ දාලා හැමෝගෙන්ම අහන්නේ තමන් කවුද කයලයි. ඒත් කවුද කියන එක කියන්නවත් මේ යුගයේ කාටවත් සිහි කල්පනාවක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ කාලේ ජීවත් වෙන්න නෙවි මැරෙන්නවත් හොද කාලයක් නෙවි කියල. මේ යුගය ඇත්තටම අයිති අවතාර වලට මිසක් මිනිස්සුන්ට නෙවි. ඒ නිසා නිදහසේ ජීවත් වෙන ගොඩක් මිනිස්සු මනසින් හිතන්නේ තමන් කූඩුවක හිර කරලා ඉන්නව කියලයි.

 

 

ඔබේ අදහස කියන්න...