[dropcap color=”red”]හ[/dropcap]ම්බන්තොට ගැන පහත පළවන විත්‍රය වාස්තවික විග්‍රහයක් ලෙස සම්පූර්ණය. නූතන භූ-දේශපාලනික යථාර්ථය තුළද ඉහත විග්‍රහය නිවරදිය. නමුත් මෙම ලිපිය මගින් පැහැදිලි නොකරන්නේ ( එතැනදී මෙම රචකයා ද පරණ වම මෙන් නිහඩය.) හම්බන්තොට මිනිස්සු පාලනය වන්නේ කොහොමද කියාය. ලිපියෙන් මහින්ද රාජපක්ෂ පාලනය වන ආකාරය පවා පැහැදිලි වෙයි. අපි පළමුවෙන් හම්බන්තොට පවතින දෘෂ්‍යමාණය දෙකට පළමු.

01-   එක පැත්තකින් හම්බන්තොට ගුවන් තොටුපල,වරාය,ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,ඒ අධිවේගී මාර්ග දෘෂ්‍යමාණය.

02-   අනෙක් පැත්තෙන් හම්බන්තොට අන්ත දරිද්‍රතාවය, පානීය ජලය නැතිකම, විරැකියාව, නූගත්කම දෘෂ්‍යමාණය.

ඉහත මහා සාධක දෙකම දෘෂ්‍යමාණය. එය අප පමණක් නොව එහි දිසාපති ඇතුළු රාජ්‍ය නිළධාරීන් ද ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් ද හොදින් දනියි. එසේ නම් හම්බන්තොට පාලනය වන්නේ කොහෙමද? හම්බන්තොට ඇත්තේ ඉහත දෘෂ්‍යමාණයන් දෙක පමණක් නම් හම්බන්තොට සාමකාමීව පවතිද? එහි මතුපිට සාමය පවතින්නේ කෙසේද?

හම්බන්තොට මිනිසුන් යනු කොළඹ මැදපාන්තිකයා මී කිරි සහ කළු දොදොල් ගන්නා තැනයි. (කොළඹ තිබෙන බොහෝ රාත්‍රී සමාජ ශාලාවන්,කැරොකේ නයිට් ක්ලබ්, සම්බාහන මාධ්‍යස්ථාන සහ තවත් ඒවායේ සිටින ස්ත්‍රීන් යනු කොළඹට ගමෙන් ආ තරුණයන්ට අනුව කොළඹ මැද පන්තික ස්ත්‍රීන්ය. ඒත් සත්‍ය නම් මේ බහුතරයක් ස්ත්‍රීන් යනු හම්බන්තොට ඇතුළු ඈත ගම්වලින් ප්‍රාග්ධනය සොයා නගරයට පැමිණි අයයි. ) ඊට අමතරව හම්බන්තොට (හෝ ඕනෑම දුෂ්කර ගමක්) යනු කොළඹ මැද පාන්තිකයා ගේ අවිඥාණය රග දක්වන ජනයාය. කොළඹ අවිඥාණය සකස් වී ඇත්තේ හම්බන්තොට වගේය. මෙම දුෂ්කර වාක්‍ය කාටත් වැටහෙන භාෂාවකට පරිවර්තනය කරමු.

හම්බන්තොට මිනිස්සු තමන් ගේ බිරිද පහර දෙයි, ඔවුන් ගත කරන්නේ ස්වභාවික ජීවිතයකි. සෑම දවසකම ඔවුන් ගංජා බොයි,වතුර වෙනුවට බොන්නේ කසිප්පුය. පොඩ්ඩ එහා මෙහා වුන ගමන් මිනීමරා ගනියි. වස පානය කරයි, කනේරු කයි. සජිත් ප්‍රේමදාස මෙන් අපද මහන මැෂින් තෑගි කළ විට ඔවුන් අපට ඡන්දය දෙයි. ඔවුන් කොළඹ මිනිසාගේ අවිඥාණක ෆැන්ටසිය රග දක්වයි. සරලව කිවහොත් කරන්නම දෙයක් නැති නම් පුක දීම හැර ඔවුනට කරන්නට දෙයක් නැත.( සිරිසේන සහ තෙපානිස් යළි සිහියට නගා ගන්න)

 

චීනය අයෝජනය කළත්, මහින්දට ඡන්දය දුන්නත් හම්බන්තොට පාලනය වන්නේ කොළඹ මිනිසුන් ඔවුන් ගැන හදන දැක්මට අනුවය. සරළව කිවහොත් හම්බන්තොට මිනිසුන් රග දක්වන්නේ කොළඹ මැද පන්තිකයාගේ අවිඥාණක ෆැන්ටසියයි. ජුලම්පිටියේ අමරේ වරක් මෙම ආශාව සාර්ථකව රග දැක්විය. ඒ අනුව හම්බන්තොට ජනයා පාලනය වන දෘෂ්ටිවාදය අයිති වන්නේ මහින්දටවත්,චීනයටවත් නොව කොළඹ මැද පාන්තිකයාය. කොළඹ මිනිසුන් (අවිඥාණකව) ඔවුන් ගෙන් බලාපොරොත්තු වන්නේ අසභ්‍ය රංගනයකි. (බ්‍රිතාන්‍ය ජාතිකයා ගේ දෘෂ්ටියට අනුව ලංකාවේ සිටින්නේ අශිෂ්ට මෝඩ ගැමියන්ය. බැද්දේගම නව කතාව තුළ මෙකී ලේඛකයා බබුන් සහා සිළිදුලා මතුකර පෙන්වන්වීම මගින් ගම්‍ය වන්නේ ඔවුගේ අවිඥාණක ෆැන්ටසියයි. සිළිදුලා කරන්නේ සුද්දා ගේ ෆැන්ටසියට අනන්‍ය වී ඔවුන් ගේ දැක්මට අනුව රගපෑමයි.)

හම්බන්තොට ජනයාගේ ගේ ද්‍රව්‍යමය දුප්පත්කම නොකතා ඔවුන්ට කොළඹින් ආරෝපණය කරන ආධ්‍යාත්මික භූමිකාවට අනන්‍ය වී ඉන් පොහොසත් වී ඇත. අවශ්‍ය නම් මෙසේ කිව හැක. මේ සියළු කැප කිරීම් ඔවුන් කර ඇත්තේ රට වෙනුවෙනි. අප ඔවුන් ගේ දුර්වලතාවය යැයි දකින තැනදී ඔවුන්ට ඔවුන්ව පෙනෙන්නේ මර්වින් සිල්වා, සරත් ෆොන්සේකා, මෙන්ය. ඇසිය යුතු මුඛ්‍ය ප්‍රශ්ණය වන්නේ මේ විකාර සහගත දෘෂ්‍යමානයට මෙවැනි පැවැත්මක් දිගටම පවතින්නේ ඇයිද යන්නය. එය ද්‍රව්‍යමය ලෝකයට අයිති නැත. එය අයත් වන්නේ ඔවුන් ගේ ආත්මීය ලෝකයටය. විචාරය විය යුත්තේ එම ලෝකයයි.

පහත දැක්වෙන  තුන්වන සාධකය අවශ්‍ය නම් අපට  දෘෂ්ටිවාදය විචාරය කිරීම ලෙස හැදින්විය හැක. මන්ද අංක 01 සහ අංක 02  යන වාස්තවික සාධක මගහැර යනනේ හම්බන්තොට ආත්මමූලිකත්වයි. එනම් හම්බන්තොටට ඔවුන් ආත්මීයව අනන්‍ය වී ඇති ආකාරයයි.

03 හමබ්න්තොට මිනිස්සුන් අර්බුදයට ලක් නොවී ජීවත් වන්නේ කොළඹ මිනිසාගේ දැක්මට අනුව ඔවුන් ගේ ආශාව ව්‍යුහගත වී ඇති නිසාය. එබැවින් විචාරය විය යුත්තේ ඔවුන් ගේ මෙම අවිඥාණක ආශාව හරහා ඔවුන්ට ලැබෙන විනෝද අල්ලසයි.

1661944_10202430796668793_766202694_n

 

ඔබේ අදහස කියන්න...