1.americans Mahinda

පසුගිය  දොළොස් වසර පුරා දීප්තිට  විධිමත්ව දේශපාලනය කිරීමට හැකිවූයේ නැත්තේ ඔහු  සමග මධ්‍යම පන්තික ෆැන්ටසි තිබුණු අප වැනි ගම් වලින් ආ කාඩර්වරුන් නිසාය. “අපි නම්, එය කීමට බියවන්නේ නැත්තෙමු ” අප තුල ඇති නිදහස  ගිලගෙන තිබෙන්නේ අපගේම විවිධ සංකල්ප බව පරම්පරා තුනකට විසිවසරක සිට දීප්ති කියමින් සිටියි. දීප්ති පැහැදිළිව එම න්‍යායික කරුණ මනෝ විශ්ලේෂණය මත පදනම් වූ විවිධ චින්තකයන් හරහා පැහැදිලි කරද්දී අපි කළේ කුමක්ද ? එම න්‍යායික කරුණු අපට අනුව අර්ථකථනය කරගැනීමට ගොස් පක්ෂයේ මූලික හරය විනාශ කළේ අපම නොවේද ? මෙම න්‍යායික දෝෂය දැන් අපි හදුනාගෙන ඇත්තෙමු. පක්ෂ විනය සහ අරමුණ ගැන කුඩා රතු පොත සියල්ලන්ම සතුව තිබියදීම මාඕගේ සංස්කෘතික විප්ලවය දැන් ධනවාදයේ නව අවධියක් තුලින් ලෝක බලය ලබා ගැනීමේ හෙජමොනික අරගලයේ අවසාන කොටසද පසුකරමින් සිටියි. එසේනම් තත්ත්වය අපි සිතනවාට වඩා බරපතලය. පැරණි තාලයට අනුව සිතන්නන්ට අනුව දීප්ති ප්‍රයෝගිකවාදියකු නොවුනද පසුගිය කාලයේ දිගින් දිගටම ඔහු න්‍යාය මත බර අඩි තැබුවේ , දෝෂය තිබෙන්නේ කොතනදැයි නිවැරදිව හදුනා ගැනීමටය.


මේ පැමිණ ඇත්තේ දීප්තිගේ න්‍යායික සිතියම දිගහැරීමේ අවධියයි. අපගේ සමහර සහෝදරයන්ට වටහා ගැනීමට නොහැකිව තිබෙන්නේ 21 වැනි සියවසේ කොමියුනිස්ට්වාදය යනු ලේනින්ලාගේ කාලයේ අදහස්  බදාගෙන (ගෙවල්වල තිබූ තාත්තලාගේ සහ අයියලාගේ වාමාංශික  පොත් තැනින් තැන කියවා) අපට ධනවාදයේ අලුත් අවධිය තරණය කළ නොහැකි බවයි.ලෙනින්ගේ සිටි අල්වාරෝ කුනාල් හරහා ඩැනියෙල් ඔර්ටේගා දක්වා වාමාංශිකයන් පන්ති අරගලයේ ව්‍යාජ ආකෘතියක් වූ ෆැසිස්ට්වාදය ඉදිරිපිටදී ‘ප්‍රජාතන්ත්‍රවාදය’ වෙනුවෙන් පෙනී සිටියහ. 2007-2012 දක්වා අප කලේ එයයි.


දේශපාලනය වෙනුවට පසුගිය කාලයේ ධනවාදය විසින්ම ඉල්ලා සිටින විවිධ විරෝධතා මාධිලියන් (සයිටම් විරෝධය වැනි) වල නිරතව සිටින කුමාර් ගුණරත්නම් වැනි සහෝදරවරුන් නොදන්නේ ඔවුන් තවමත් කරකවමින් සිටින්නේ විජේවීරගේ රෝදයම වන බවයි. ඒ නිසා කාටත් පැහැදිලි විය යුත්තේ ලංකාවේ වමට අලුත් සිතීමක් දැන් අවශ්‍යව තිබෙන බවයි.
අපි දැන් වැඩ පටන් ගන්නෙමු. අප දැන් ඊට සුදානම්ය. අපගේ සංවිධාන අභ්‍යන්තරය තුළ
, විවිධ වේෂයෙන් (සමහර තතු යටතේ විකෘති ලෙස) පසුගිය වසර 20 පුරා ඉදිරිපත් කළ ‘දැනුම’ මහජනයාගෙන් ලද අවිධිමත් ප්‍රතිචාර හරහා මේ වන විට විධිමත් කොට ඇත. [මාවෝවාදී අර්ථයෙන්] මහජනයාගෙන්, පක්ෂය හැරගිය සහ පක්ෂයෙන් ඉවත් කරන ලද සමහර සහෝදරයන්ගෙන්  අවිධිමත්ව  උගත් දෑ මහජනයාටම යළිත් විධිමත්ව ඉගැන්වීම දැන් V පක්ෂය ආරම්භ කර ඇත. ‘ක්‍රියාව’ අධිනිශ්චය කළ වාම සංස්කෘතියක් තුළ ‘සංකල්ප’ පෙරළියක් අපි ඇති කරන්නෙමු.


නිශ්චිත විෂය නිර්දේශයක් සහ නිශ්චිත සමාජ අරමුණක් සහිත වෘත්තීය සමාජ ක්‍රියාකාරීන් සහ කාඩර්වරුන් 20ක් උව අපට ප්‍රමාණවත්ය. අපි දැන් මහජනයා අතර පිහිනමින්
, මහජනයාගෙන් අරමුදල් රැස්කරන මහජන ව්‍යාපාරයක් පටන් ගෙන ඇත්තෙමු. ව්‍යාපාරිකයන්ද  අපව අමතක කර නැත. ඔබගේ සරළ විස්තර පහත ලිපිනයට ලියන්න…..

mao zedong

———————————————————————————————————-2222222222—————————————————-

නිවේදනයයි…
 ශ්‍රි ලංකා පෙරටුගාමී පක්ෂයේ නම විකුණා අපගේ හිතවතුන්ගෙන් මුදල් ගසාකන x- විප්ලවවාදීන් පිරිසක් බිහි වී ඇති බවත් එම තක්කඩි, විශේෂයෙන් දීප්ති සහෝදරයා තමන් සමග වැඩ කරන බව බොරු ප‍්‍රකාශ කරමින් මෙම කටයුත්ත කරන බව අපහට ආරංචි වී ඇත.මෙි පිලිබදව අප නීතිය ඉදිරියට යාමට බලාපොරොත්තු වන අතර [CIA Law] අපගේ හිතවතුන්ට ඉතාමත් අවධාරණයෙන් කියා සිටින්නේ මෙම නිශ්චිත අවස්ථාවෙි ”අප පක්ෂය” කිසිදු පක්ෂයේ හිතවතුන්ගෙන් මුදල් ආධාර ඉල්ලා නොමැති බවත්  , නැවත දැනුමි දෙන තුරු අපගේ පක්ෂයේ යැයි කියා ගන්නා කවරකුට හෝ මුදල් ආධාර ලබා නොදෙන ලෙසයි. කිසියමි පුද්ගයෙක් එලෙස මුදල් ආධාර ඉල්ලා සිටින්නේ නමි පහත දක්වා ඇති දුරකථන අංක අමතා පක්ෂ මූලස්ථානය දැනුවත් කරන ලෙස සහෝදරත්වයෙන් යුතුව ඉල්ලා සිටින අතරම අපගේ මෙම නිවේදනය නොතකා කවරකු හෝ ව්‍යාජ තක්කඩින්ට මුදල් ආධාර ලබා දීම සමිබන්ධයෙන් අපගේ කිසිදු වගකීමක් නොමැති බවද අවධාරණයෙන් යුතුව දන්වා සිටිමු.
පක්ෂ මූලස්ථානය  011-3356707/0786358123
ඊමෙිල්- slvanguardparty@gmail.com

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //දේශපාලනය වෙනුවට පසුගිය කාලයේ ධනවාදය විසින්ම ඉල්ලා සිටින විවිධ විරෝධතා මාධිලියන් (සයිටම් විරෝධය වැනි) වල නිරතව සිටින කුමාර් ගුණරත්නම් වැනි සහෝදරවරුන් නොදන්නේ ඔවුන් තවමත් කරකවමින් සිටින්නේ විජේවීරගේ රෝදයම වන බවයි.// දවසේ කියමන

Comments are closed.