නිශ්චිතවම එක්තරා යුගයක් අවසන් වී ඇත. මාක්ස්වාදය යනු භාවිතාව හා න්‍යාය පිළිබද ප්‍රශ්නයක් පමණක් නොව න්‍යාය අසමත්වීම පිළිබදවත් න්‍යායක් සපයන්නකි.
ඉතින් දැන් අපි අපගේ මැතිවරණ ව්‍යාපෘතිය ඔබ වෙත ඉදිරිපත් කර ඇත්තෙමු. මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට අපට මේ මොහොත වන විටත් මුදල් නොමැත. අප වෙත උදව් උපකාර කිරීමට කැමති සහෝදර සහෝදරියන්ට අප සමග එක්වන ලෙස ආරාධනා කරන්නෙමු.
අපගේ පක්ෂ කාර්යාලයක් බත්තරමුල්ල උඩුමුල්ල පාරේ ස්ථාපිත කර ඇති අතර 0112866234 යන දුරකථන අංකයට අමතා හෝ 547 C, උඩුමුල්ල පාර, බත්තරමුල්ල යන ලිපිනය ඔස්සේ පැමිණ ඔබට ඔබගේ දායකත්වය අප වෙත ලබා දිය හැකිය.
මහමැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නව අධ්‍යාපනික වැඩසටහන් නැවත පටන් ගැනීමට නියමිත අතර ඒ සදහා සහභාගි වීමට කැමති අය  peratugamirecruit@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔබගේ අයැදුම්පත් එවන්න..
අප පක්ෂය සමග සම්බන්ධ වී දේශපාලනය කිරීමට කැමති සහෝදර සහෝදරියන්ට බත්තරමුල්ල පක්ෂ කාර්යාලය වෙත පැමිණ මැතිවරණ සමය තුළ අප සමග සම්බන්ධ විය හැකිය.
පවත්වමින් තිබෙන අධ්‍යාපනික වැඩසටහන් සම්බන්ධයෙන් අපගේ සහෝදරයකු ඔබ වෙත දැනුම් දෙනු ඇත.
අපගේ දුරකථන අංකය –   0112866234
ලිපිනය –  547 C, උඩුමුල්ල පාර, බත්තරමුල්ල  
Poster 2-

ඔබේ අදහස කියන්න...